ගර්භණී සමයේ දියවැඩියාව පාලනය නොකළොත් සිදුවන දේ

views 2017-03-19 02:50:00 mother_New

 අලුත විවාහ වූ යුවළකගේ ප්‍රේමයේ අග්‍රඵලය වන්නේ දරු සිඟිත්තෙකුගේ මුහුණ බැලීමයග සිඟිත්තා කුස තුළට එන්නේ කෙදිනෙකදැයි බලාපොරොත්තු දහසක් දල්වාගෙන මාපිය යුවළ සිටින්නේ දරුවා ජීවිතයේ වටිනාම වස්තුව වන බැවිණිග

කුසහොත් දරුවා මොලොව එළිය දකින මොහොත එළඹෙන්නේ කවදාදැයි දිනෙන් දින මෝරණ කුස පිරිමදිමින් මව බලා සිටින්නේ උත්තරීතර මව් සෙනෙහසේ අගය කියා පාමිනිග

එහෙත් අවාසනාවකට මව්කුස තුළදීම දරුවාට අනතුරක් වුණොත්රෑ ගර්භාෂය තුළම දරුවා මියැදුණොත්රෑ ඒ වේදනාව මවට දරාගත හැකිවේවිදරෑ

දරුවා මව්කුස තුළ මියයෑමල දරුවා ආබාධිත තත්ත්වයන් සහිතව ඉපදීමල දරුවා අඩු මාසයෙන් බිහිවීමල දරුවා අසාමාන්‍ය ලෙස විශාල වීමග මේ සියලු අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ නොදී නීරෝගිමත් දරුවකු බිහි කිරීමට නම් සත්තකින්ම මව නීරෝගීව සිටිය යුතුමයග මෙවැනි අවාසනාවන්ත සිද්ධීන්වලට ප්‍රධාන වශයෙන් බලපාන රෝගයක් ඇතග ඒ දියවැඩියාවයිග දියවැඩියාව යනු කිසිදා සුව නොවන රෝගයකිග

ඇතැම් ගැබිණි මව්වරුන්ටරැගර්භණී සමයේ දියවැඩියාව ඇතිවීමට ඉඩ ඇතග එයට බලපානුයේ ගර්භණී වූ විට මවගේ සිරුර අභ්‍යන්තරයේ ඉන්සියුලීන් හෝර්මෝන ප්‍රතිරෝධය වැඩිවීම මත සිදුවන වෙනස්කම්යග එවිට දියවැඩියාව ඇතිවිය හැකි නමුදු මෙවැනි තත්ත්වයක් උදාවන්නේ ගර්භයට මාස 5 -6 සම්පූර්ණ වූ විටයග ගර්භණී මාතාවන්ගෙන් 10්‍ර කට මේ තත්ත්වය උදාවිය හැකි අතර නාගරික ගම්බද වෙසෙන ජනකොටස් සියල්ලටම මේ තත්ත්වය පොදුයග ගැබට මාස 6ක් වනවිට දියවැඩියාව වැළඳුණ ද දරු ප්‍රසූතියෙන් පසු දියවැඩියාව සුව අතට පත් වේග මේ මාස 4 තුළ හට ගන්නා දියවැඩියාව තාවකාලික වේග මේ සඳහා නිරන්තරයෙන් රුධිරයේ සීනි පරික්ෂාව  (FBC) සිදු කරමින් එසේත් නැතිනම් ග්ලූකෝ මීටරයක් භාවිතා කොට දිනකට දෙවතාවක් :කෑමට පසු- රුධිරය පරීක්ෂා කිරීමෙන් අනතුරු වෛද්‍ය නිර්දේශය අනුව ඖෂධ භාවිතය ආහාර පාලනය තුළින් ගර්භණී සමයේ ඉතිරි මේ මාස 4 තුළ ඇතිවූ දියවැඩියාව සුවකර ගත හැකග

නමුත් බරපතල තත්ත්වය ලෙස සැලකෙන්නේ දියවැඩියා රෝගී කාන්තාව ගර්භනී වීමයිග අවාසනාවකට ඇයට දියවැඩියාව වැළඳී ඉහත සඳහන් කළ පරිදි ගබ්සාවිම ආදිය සිදුවීමට හේතුවන්නේ ගැබ් ගත් සමයේදීම මවට දියවැඩියාව ඇතැයි හඳුනාගත් මව්වරුන්ටයග

වර්තමානයේ දියවැඩියා ලෝකයේ ප්‍රමුඛත්වය දිනා සිටින්නේ ආසියාවයිග අපේ ලංකාව ද ඊට අයත් වීම නිසා ශ්‍රී ලාංකිකයන් 15්‍ර ක් දැනටමත් දියවැඩියාවට ගොදුරු වී ඇතග කුමක්දෝ අවාසනාවකට දියවැඩියා තරඟයෙන් ජය ගන්නට දකුණු ආසියාතිකයන්ගේ ජාන සමත් වී ඇති බව කියැවේග එවැනි ජානමය තත්ත්වයක් තිබෙද්දී සීනි කාබෝහයිඩ්‍රේට්ල ක්ෂණික ආහාරල වර්ග අධික ලෙස බුදිමින් ශරීර හොරුන් ලෙස පුටු රත්කරමින් සිටිද්දී දියවැඩියාව වැළඳීම අරුමයක් නොවේග

එවැනි තත්ත්ව යටතේ පසුවන අපේ කාන්තා පක්ෂයට දියවැඩියාව වැළඳීමට ආරම්භ වන්නේ ඇතැම්විට තරුණ වයසේදීමයග තරුණ අපට මොන දියවැඩියාව දැයි කියමින් රිසි සේ ආහාර බුදින ඇතැම් යෞවනියන් තමන් දියවැඩියා රෝගීන් බව නොදැනීම අවාසනාවකට හේතුවකිග ඔවුන් දියවැඩියා රෝගීන් බව සනාථ වන්නේ මාස 3 පමණ ගිය පසු ප්‍රසව නාරි සායනයට පැමිණීමේදීයග එහිදී සිදු කෙරෙන රුධිර සීනි පරීක්ෂාවේදී :ජ්ඕඛ්- ඇය දියවැඩියා රෝගී මවක් බව පරීක්ෂණවලින් සනාථ වේග

එපමණක් නොව දෙදෙනෙකුට කන්නට ඕනෑ යැයි පවසමින් වැඩිහිටියන් මෙවැනි ගර්භනී මාතාවන්ට කොස්ල දෙල්ල බත් පිඟන් ගණන් කන්නට දීමෙන් සිරුරට ලැබෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි වී රුධිරයේ සීනි මට්ටම තවදුරටත් ඉහළ අගයක පැවතීමය ඉඩ ඇතග

මේ තත්ත්වය සත්තකින්ම බරපතල වේග මෙවැනි ගර්භනී මව්වරුන් නිරන්තරයෙන් සායනවලට පැමිණ රුධිර පරීක්ෂා කර වෛද්‍ය නිර්දේශ අනුව නිසි ඖෂධ ලබා නොගතහොත් ඇතැම්විට මවට අධි රුධිර පීඩනයල මව සීසර් සැත්කමට ලක් කිරීමට සිදුවීමල ප්‍රසූතියේදී අධික ලෙස රුධිරය වහනය වීමල කුසේ සිටින දරුවා විශාල වීම ඇතැම්විට අඩු බර දරු උපතක් ඇතිවීම යනාදිය සිදුවීම වළක්වාගත නොහැකග

විශේෂයෙන්ම මෙවැනි මව්වරුන්ට හයිපොග්ලයිසීමියා :රුධිරයේ සීනි සං්‍යුතිය අඩුවීම- තත්ත්වය උදාවිය හැකි අතර එවැනි තත්ත්වයන් යටතේ මවට සහ දරුවාගේ ජීවිතවලට පවා තර්ජන එල්ලවිය හැකග මෙම තත්ත්වයේ ඇතිවන අවාසනාවන්ත අතුරුඵලය වන්නේ 2 වැනි වර්ගයේ දියවැඩියාව වැළඳීමයග මෙවැනි දියවැඩියා රෝගී මව්වරුන්ට දරු ප්‍රසූතියෙන් පසුව ද දියවැඩියාව නැවත ඇතිවීමේ අකාරුණික ඉරණමට ගොදුරු වීමට තිබෙන අවදානමයිග

දියවැඩියාව කිසිදා සුව නොවන රෝගයකිග එය ගැබිණි මවට ද එකසේ බලපානු ඇතග නමුත් පාලනය කළ හැකි අතර ආහාර ව්‍යායාම් :ඇවිදීම වැනි සරල ව්‍යායාම්- ඖෂධ මඟින් ගැබිණි සමයේ දියවැඩියාව පාලනය කළ හැකග

එබැවින් ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවක් නම් ඔබ අනිවාර්යෙන්ම රුධිරයේ සීනි පරීක්ෂාවට යොමුවී ඔබේ රුධිරයේ සීනි සංයුතිය පරීක්ෂා කරගත යුතු වේග නීරෝගි සිරුරක රුධිරයේ ග්ලූකෝස් මට්ටම තිබිය යුතු වන්නේ ථඨ 125 ට අඩුවෙනිග

ඔබ ගැබ්ගත් පසුව මුල් මාස 3 ඇතුළත දල නැවත මාස 6 -7 ඇතුළත ද දියවැඩියාව සඳහා රුධිර පරීක්ෂාවක් කරගත යුතු වේග එසේම ගැබිණි සමයේ දියවැඩියාව තිබුණේ නම් ඔබ දරු ප්‍රසූතියෙන් පසු මුල් මාස 3 ඇතුළත ද ඉන් පසු වසරක් පාසා රුධිරයේ සීනි පරීක්ෂාව කරගත යුතුයග දියවැඩියාව හඳුනාගත හැක්කේ රුධිරයේ සීනි පරීක්ෂාව මඟින් පමණිග එය හඳුනාගෙන පාලනය කළොත් දරුවාගේත් මවගේත් නීරෝගි බව රැකෙනු ඇතග

එසේ නොවුණහොත් ඔබගේ අලුත උපන් කිරි කැටියාට අනාගතයේදි උස් මහත්වූ පසු දියවැඩියාව වැළඳීමේ අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු වීමට ඉඩ ඇතග

ඒ දරුවාගේල දරුවන්ටත් පරම්පරාවෙන් ජානමය තත්ත්වය මත දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාවය ඇති බව මව්වරු දැන සිටීම වටිනා කරුණකිග

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ දේශනයක් ඇසුරෙනි

curtesy :dinamina.lk


​සිංහල ලිපි

  • පොඩි පැටියට බත් කවන්න ගෙදර යුද්ධයක්

    2017-05-26 03:14:00 Views 34 Read More...

    අනේ ඇත්තටම හම්බ කරන්නයි උයන්න පිහන්නයි මෙච්චර අමාරු නැහැග මේ ගොල්ලන්ට බත් කවන්න ගියාම පිස්සු හැදෙනවාග බොහෝ අම්මලාගෙන් මුවින් පිට වෙන මේ මැසවිල්ල ඔබටත් පුරුදු ඇතිග ඇත්තටම දරුවාට අවශ්‍ය පෝෂණය ළමා කාලයේදී නොලැබුනොත් ඔවුන්ගේ අනාගතයේදී ඇති වෙන පෝෂණ ඌනතාවයන්ට පිලිතුරු සොයන්න ලේසි පහසු නැහැ

  • දරුවන්ගේ කකුල් බකල වීමට වගකිව යුත්තේ කවුදරෑ

    2017-05-24 03:27:00 Views 51 Read More...

    මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා භෞතචිකිත්සක ප‍්‍රතිකර්මවලට අදාළ වන ව්‍යායාම ක‍්‍රම කිහිපයකිගග‍්‍රෑම් 100ක් පමණ බර වැලි කොට්ටයක් දරුවාගේ වළලූ කරෙහි එල්ලා දරුවාට

සතියේ ලග්න පලාපල