කුසේ ඉන්න දරුවට වරදක් වෙන්න නම්ඉඩ තියන්න එපා අම්මේ.....

views 2017-03-17 04:10:00 mother_New

දරු පිළිසිඳ ගැනීමක් යනු හදිසි අනතුරක් මෙන් ක්ෂණිකව සිදු විය යුත්තක් නොවේග එය ජීවිතයේ කිරි සිහිනයයිග ලොකුම පැතුම් මල්ලයිග මවකගේ දරු සෙනෙහසේ ශක්තිය පරයන්න ශක්තියක් ලොව තවත් නැතග

මවු සෙනෙහසේ ප්‍රාර්ථනා කොතරම් ශක්තිමත් වුණත් නොදැනුවත්කම සහ සැලසුම් සහගත නොවීම නිසා වරදක් සිදුවිය හැකියග එය දරුවා සම්බන්ධයෙන් නිවැරැදි කරගත නොහැකි වරදක් විය හැකිසේම මාපියන්ට ජීවිත කාලයටම හදවත රිදවන ජීවත්වීමට වඩා මරණය සැප යයි සිතෙන අත්දැකීමක් වීමට පුළුවනග

උපත් ආබාධ සහිත දරුවන් අලුත උපන් දරුවන් අතර පවතින විශාලම සෞඛ්‍ය ගැටලුවකිග ශරීරයේ ඉන්ද්‍රියයකල පද්ධතියක හෝ කොටසක කලල අවස්්ථාවේදීම සිදුවන ව්‍යුහාත්මක හෝ ක්‍රියාකාරිත්වයේ ආබාධිත තත්ත්වයක් උපත් ආබාධ වේග

ඇතැම් ආබාධ ගැබිනි සමයේදීම හඳුනාගත හැකියිග තවත් ඒවා උපතෙන් පසු හඳුනාගත හැකිවේග

ෆ ඩවුන්සින්ඩ්‍රෝම් තත්ත්වයන් සමහරක් උපතට පෙර විවිධ පරීක්ෂණ මඟින් අනුමාන කළ හැකියග විදලිත තොල්ල විදලිත තල්ල සමහර හෘද රෝග ද කකුලේ ඇද ද :ක්ලබ් ෆුට්- මොළයේ ස්නායු ආබාධල කශේරුකා ආබාධල උදරයේ බිත්ති ආබාධල වකුගඩුල මුත්‍රා ගැටලු හඳුනා ගත හැකි තත්ත්ව කිහිපයකිග එහෙත් සමහර හෘද රෝග හඳුනාගත හැක්කේ ඉපදුණාට පසුවයග

කලලයේ රෝග හඳුනා ගත්තාට බොහොමයකට කුස තුළදීම ප්‍රතිකාර ලබා දිය නොහැකියග පිරිමි ළමයින්ගේ මුත්‍රා නාල විශාල විම වැනි ගැටලුවලට පිළියම් කළ ද ඒවායේ ප්‍රතිඵල ඇතැම් විට ගැටලුකාරී විය හැකියග

උපත් ආබාධ යනු දරුවකුගේ ජීවිතයට මකා දැමිය නොහැකි කැළැලක් බඳු යැයි පැවසිය හැක්කේ තවමත් නවීන වෛද්‍ය විද්‍යාවෙන් පවා ඒවා බොහොමයක් නිවැරැදි කිරීමට අසීරු නිසයිග

ෆ උපත් ආබාධවලට හේතු

ජානමය හේතු මෙන්ම පාරිසරික හේතු ද මේ කෙරෙහි බලපායිග ජානමය විකෘතිතා නිසා ඩවුන් සින්ඩ්‍රෝම් :ඩවුන් සහසාධකය- වැනි තත්ත්ව ද පාරිසරික හේතු ද මේ කෙරෙහි බලපායිග

ෆ පාරිසරික හේතු

රුබෙල්ලා එන්නත නොගැනීමෙ ජර්මන් සරම්ප රෝගයල ෆෝලික් අම්ලය නොගැනීමෙන් ස්නායු රජ්ජුවේ සහ හිස් කබලේ රෝග වැලඳිය හැකියග

උපතේදී ඇතිවන මේ ගැටලු දරුවා ආබාධිත තත්ත්වයට පත්කරයිග බෙදුණු තල්ලල හෘද අකර්මණ්‍යතාල පාදවල විකෘතිතා මෙහි ප්‍රතිඵලයිග අන්ධභාවයල ඇසේ සුදල පෙනීමේ ගැටලුල ඇසීමේ ගැටලු මේ අය අතර සුලබයග පරිවෘත්තීය අක්‍රමිකතාවලටද උපත් ආබාධ බලපායිග

අපේ රටේ උපත් ආබාධ දහසකට ළදරු මරණ 8 ක් වාර්තා වේග දරු උපත් සියයකින් විසි එකක්ම උපත් ආබාධ නිසා සිදුවන ළදරු මරණයිග සංජානීය ආබාධ හෙවත් ආබාධ සහිතව උපදින්නන් 6000 ක් පමණ සෑම වසරකම අපේ ළමා පරපුරට එක් වෙතිග

ෆ උපත් ආබාධ නැති දරු උපතකට මඟ පාදා ගන්නේ ග ග ග

ෆ පාරිසරික හේතුවලින් වළකින්න

පරිසරයේ විස මවගේ වැදෑමහ හරහා සිදුවන රුධිර සැපයුම මඟින් කෙළින්ම කලලයට සැපයේග ගැබිනි මවුවරුන් එදිනෙදා ජීවිතයේ හැකි තරම් රසායනවලට නිරාවරණය වීමෙන් වැළකී සිටිය යුතුයග

සායම්ල තිනර්ල ගැසොලින්ල ඊයම් සහිත සායම්ල අපිරිසුදු ජලයල පලිබෝධනාශකල කෘමිනාශකල කෘත්‍රිම පිරිසිදුකාරකල කෘත්‍රිම සුවඳකාරක අතේ පයේ නොගැටීල ආහාරපානවලට මිශ්‍ර නොවී ජීවත්වීම ඉතා වැදගත්යග ඖෂධ ගත යුත්තේ වෛද්‍ය නිර්දේශය මත පමණිග රෝගයකට ප්‍රතිකාර පැතීමේදී ගැබිනියක බව හෝ ගැබිනිවීමේ බලාපොරොත්තුවෙන් සිටින බව වෛද්‍යවරයාට දැන්වීම ඉතා වැදගත්යග

අමෙරිකාව වැනි දියුණු රටවල පවා උපදින දරුවන් 33 කගෙන්ම එක දරුවෙක් උපත් ආබාධ සහිතයිග එරට පවා ළදරු මරණවලින් සියයට විස්සක්ම සිදු වන්නේ උපත් ආබාධ නිසයිග එරට 2010 දී නිව්යෝර්ක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ පිරිසුදු කිරීමේ වෘත්තීන් හි නිරත ගර්භණී කාන්තාවන් උපත් ආබාධ සහිත දරුවන් බිහි කිරීිමේ වැඩි ඉඩක් ඇති අය බවයිග

නිය ආලේපනල සුවඳ විලවුන් හා ෆැතලේට් අඩංගු නිෂ්පාදනවලට නිරාවරණය වීමෙන් පිරිමි ළමයින්ගේ ප්‍රජනක පද්ධතියේ අසාමාන්‍යතා ඇතිවීමේ ‘ඉඩක් පවතීග

කොණ්ඩා සායම් පවා විශේෂයෙන්ම දරුවා පිළිසිඳි මුල් මාස තුනේදී භාවිත කිරීම නුසුදුසු වන්නේ ආබාධ ඇති දරු උපතකට මඟ පෑදිමේ අවදානමක් පවතින නිසයිග

ෆ අයඩින් ඌනතාව

අයඩීන් ඌනතාව කලලයේ මරණයට පවා හේතු වෙයිග ස්නායු ගැටලුල කායික ගැටලු ඇති කරයිග

කලාතුරකින් පානය කරන වයින් පවා ගැබිනි මවකට සුදුසු නැතග ගැබිනි සමයේ මත් වතුර පානය ගබ්සාවීම්වලට හා මළ දරු උපත්වලට මඟ පාදයිග

අක්‍රීය දුම්පානයට නිරාවරණය වීමෙන් කලලයට අවශ්‍ය තරම් ඔක්සිජන් වැඩි වෙයිග නොමේරූ දරු උපත්ග අඩු බර දරු උපත්ල මළ දරු උපත්ල උපත් ආබාධ අක්‍රීය දුම්පානයේ අනිටු විපාකයිග වසර 50 ක් ළදරුවන් මිලියන 12 කට ආසන්නව කළ පරික්ෂණයකින් හෙළි වී ඇත්තේ අත් පා අහිමිල විදලිත තල්ලල විදලිත තොල් සහිතල අසාමාන්‍ය හැඩැති හිස්ල මුහුණුල හෘද ගැටලුල උදර ආන්ත්‍රික අසාමාන්‍යතා වැනි උපත් ආබාධ රැසකට අක්‍රීය දුම්පානය මඟ පාදයිග

ෆ ෆෝලික් අම්ලය ගත යුත්තේ දරු උපතට පෙරදීයග ගර්භණීභාවය හඳුනා ගන්නේ මාස් ශුද්ධිය නතර වූ පසුවයග ඒ වන විට කලලයේ වැඩීම ආරම්භ වී ඇතග ඒ නිසා ෆෝලික් අම්ලය මිලිග්‍රෑම් 1 ක් ගත යුත්තේ විවාහයට දින නියම කරගැනීමට පෙර සිටයග වලිප්පුව වැනි රෝගී තත්ත්ව ඇති මවුවරු ෆෝලික් අම්ල මිලිග්‍රෑම් 4 ක් එනම් නිරෝගී මවකට වැඩිපුර ගත යුතුයග රුබෙල්ලා එන්නත මෙන්ම ෆෝලික් අම්ලය ද ගත යුත්තේ ගැබිනිවීමට පෙරයග ළදරුවන්ට ඇති විය හැකි ස්නායු රජ්ජුවේ ගැටලුවලින් සියයට හැත්තැවක් ෆෝලික් අම්ලය නිසි පමණ නොලැබීමෙන් ඇතිවන ඒවායිග

ෆ දියවැඩියාවල තයිරොයිඩ්ල වකුගඩු රෝගල අක්මා රෝග ඉතා වැදගත්යග රුබෙල්ලා එන්නත මඟින් ජර්මන් සරම්ප වැලඳීම වළක්වා ගත යුතුයග මේ සියල්ලෙන්ම සිදු කරන්නේ උපත් ආබාධ සහිත දරු උපත් වළක්වාලීමයිග සමහරු තමන්ට ඇති උපත් ආබාධ සඟවාගෙන විවාහ වෙතිග දරුවකු පිළිසිඳුණු පසුව ද ඒ බව වෛද්‍යවරයාට සඟවතිග එසේ කිරීම මවටත් දරුවාටත් හානි කරයිග

ගැබ්ගත් පසු සිදුවන ආසාදන ද උපත් ආබාධ ඇතිවීමට මුල පුරයිග

ෆ උපත් ආබාධ සහිත දරුවන් වැඩිපුර බිහි කරන්නේ කවුරුන්දරෑ

ෆ මඳසරු වීම :සැමියා බිරිය දෙදෙනාටම පොදුය-ග

ෆ දිගට දිගට ගබ්සා වීමග

ෆ කලින් ජාන ගැටලු සහිත දරුවකු බිහි කිරීමග

ෆ කලලය මියයාම හා මළ දරු උපත් සිදුවීමග

මේ සියල්ලටම හේතුව ජානමය වැරැද්දක් වීමට පුළුවනග වයස අවුරුදු 35 ට වැඩිවීමල ලේ ඥාති විවාහ ද මීට බලපායිග

ලංකාවේ ජෝඩු 50ල000 ක් පමණ මඳසරු බවින් පීඩා විඳිතිග එම පනස් දහසෙන් 1්‍ර - 2්‍ර ක් තරමටවත් ජාන පරීක්ෂණවලට යොමු නොවන තරම්යග

මඳසරුභාවයට පිළියමක් ලෙස නළ දරු ක්‍රමය උපයෝගී කරගත්තත් එය ඇතැම් විට සාර්ථක නොවීමට හේතුව ජාන පරික්ෂණයක් සිදුකර නොගැනීමයිග ජාන පරික්ෂණයක් කර ජාන විකෘතිතා නිවැරැදි කරගන්නේ නම් උපත් ආබාධ නැති දරුවකු බිහි කිරීම වඩාත් පහසුයග

ෆ ජාන විකෘතිතා හඳුනා ගැනීමට

ෆ බොරැල්ලේ කින්සි පාරේ කොළඹ විශ්ව විද්‍යාලයේ මානව ප්‍රවේණි වෛද්‍ය අංශයෙන් ජාන පරීක්ෂණ සිදුකරගත හැකියිග දුථ අංථ 0112689545

  උපදෙස් - නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ යූග ඩීග පීග රත්නසිරි

නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ- විජිත් විද්‍යාභූෂණ

ප්‍රජා වෛද්‍ය විශේෂඥ- කපිල ජයරත්න

ළමා රෝග විශේෂඥ- සුරන්ත පෙරේරා

මහාචාර්ය වජිර දිසානායක

curtesy : http://www.tharunie.lk/



​සිංහල ලිපි