කුඩා දරුවන් දියවැඩියාවෙන් බේරාගන්නේ කොහොමද?

views 2017-03-03 11:39:00 mother_New

රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉහළ යාම නිසා ඇතිවන දියවැඩියා තත්ත්ව වයස අවුරුදු 40ට වැඩි අයට ඇති වූ විට ඇතිවන තත්ත්වය ගැන හා සුදුසු ආහාර වර්ග ගැන පසුගිය සතියෙන් ඔබ දැනුවත් වීමක් වුණාග නමුත් වර්තමානයේ පවතින ජීවන රටාවත් සමඟ දියවැඩියා රෝගය වැඩිහිටියන්ට පමණක් නොව කුඩා දරුවන් හා තරුණ පිරිස් අතරට පැමිණීම මහත් ඛේදනීය තත්ත්වයකිග මේ ජීවන රටාව තුළ ඔබේ දුවා දරුවන් වැරදි ආහාර රටාවන්ගෙන් හා වැරදි විහරණ වලින් ඈත් කර තබා ගැනීමට හා යෝග්‍ය හුරු පුරුදු වලට යොමුවීම වඩා වැදගත්ග මේ පිළිබඳ ගාල්ලේ දිස්ත්‍රික් ආයුර්වේද රෝහලේ විශේෂඥ වෛද්‍ය මුද්‍රිතා නානායක්කාර විස්තර කළේ මෙසේයිග

වයස අවුරුදු 10දී දියවැඩියාව

ආදරයල කරුණාව දැක් වූ පමණින් දරුවාට ඇති පදම් විවිධ වර්ගයේ කඩ කෑම ලබාදීම නිසා දරුවා මෙවැනි රෝගවලට ගොදුරුවීම ගැන පුදුම සහගත නැතග සීනි අධික ආහාර අද වෙළෙඳපොලේ ඕනෑ තරම්ග ඒවායේ රස බලන්නට ඔබේ දුවා දරුවා සැදී පැහැදී සිටින්නේ ඉන් වන හානිය ගැන නොදන්නා නිසායග

ඔබේ දරුවාගේ බර වයසට වඩා වැඩි නම්ල ඒ ඔබ සැලකිලිමත් විය යුතු අවස්ථාවකිග එපමණකුදු නොව වෙනදාට වඩා දරුවා ඇස් පෙනීමේ දුර්වලකම ගැන කියා සිටිනවා නම් හෝ වැඩිපුර මුත්‍රා පිටවෙනවා නම් ඔබේ දරුවාගේ දියවැඩියා තත්ත්වය පිළිබඳ යම් සැකයක් මතුකර ගන්නට අවශ්‍යයිග මන්ද ඒවා දියවැඩියා රෝග ලක්ෂණ වන නිසයිග එබැවින් මදකුදු ප්‍රමාද නොවී අදාල වෛද්‍යවරයා වෙත දරුවාව යොමු කිරීම වැදගත්යග

ආහාර රටාවේ වෙනස්කම්

බොහෝ සෙයින් තරුණ පිරිස හා කුඩා දරුවන්ගේ ආහාර රටාව සිරුරේ ක්‍රියාකාරීත්වයට සරිලන පරිදි ආහාර නියම විය යුතුයිග පමණට වඩා ස්ථුලතාවයට පත්වන පිටිසහිත හෝ පැණිරස ආහාර ගැනීම නොකළ යුතුයිග දිනපතා ඔබගේ දරුවාගේ ආහාරයට සමබරතාවයෙන් යුතු ආහාර වේලක් ලබාදීම වැදගත්යග

මෙවැනි ආහාර රටාවක් ද දරුවාට රුචිය ඇතිවන ලෙස විවිධ වර්ගයේ බත් වර්ග ‘ව්‍යංජන වර්ග සකසා ආහාරයට දී දරුවා ප්‍රාණවත් භාවටය ලක් කළ යුතුයිග

උපද්‍රව

විශේෂයෙන් දියවැඩියාවේදී දැකිය හැකි ලක්ෂණ අතර අතේ පයේ ඇඟිලි හිරි වැටීම හා දරදඬුභාවය වැනි දැඩි අපහසුතා ඔබට මුහුණදීමට සිදුවන අවස්ථාවන්යග බොහෝ විට මෙය වයසට යාමත් සමඟ ඇතිවන්නක් වුවද දැන් දරුවන්ට පවා මේ ලක්ෂණ දැකිය හැක්කේ පවතින දියවැඩියා තත්ත්වයට ගොදුරුවීම නිසායග කිසියම් තුවාලයක් හෝ තැලීමක් ඇති වූ විට එය සුව වීමට කල්යාම මෙහි ඇතිවන තවත් විශේෂ කාරණාවකිග මෙහිදී අප විශේෂයෙන් දරුවන් ගැන සැලකිලිමත් වීම වැදගත්ග ඇඟිලි රිදුම් දෙන හෝ හිරිවැටෙන විට උණුවතුර ප්‍රතිකාරය කළ යුතුයිග මද රස්නය ඇති වතුර බේසමකට දෙපා දමා උණු වතුරෙන් තැවීම සුදුසු ප්‍රතිකාරයකිග එහිදී යම් සහනයක් ලැබෙනු ඇතග මෙහිදී වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර කිරීම වඩා වැදගත් බව සලකන්නග

තුවාලයක් ඇත්නම් ඒ සඳහා සුදුසුම ප්‍රතිකාරය අදාල වෛද්‍යවරයා වෙත පැමිණ ක්‍රමාණුකුලව නිසි පරිදි කළ යුතුව ඇතග එය වැඩි කල් තබාගැනීම සුදුසු නැතග

ආහාර රටාව

විශේෂයෙන්ම දරුවන්ට රුචිය ඇතිවන පරිදි ආහාර සැකසීම සෑම මවක්ම නොපිරිහෙලා ඉටුකරන කටයුත්තකිග නමුත් රසවත් ප්‍රණීත ආහාරවේල :දියවැඩියා රෝගීන්ට- සැකසිය යුත්තේ ඊට සරිලන අවම ප්‍රමාණයට සැකසීමෙනිග සීනි හෝ පිටි අවම මට්ටමින් භාවිතාකිරීම අතිශයින් වැදගත්යග

උදෑසන ආහාර වේලට කිසියම් හෝ ඇට වර්ගයක් ලබාදීම සුදුසු වන අතර ඊට පොල් හෝ ලුණු මිරිස් දරුවාගේ රුචිය පරිදි දීම වැදගත්යග ඕචඬඥපර කෑම එනම්ල පේ‍්‍රස්ට්‍රි වර්ගල පාන් මිශ්‍රිත කෑම දීම සුදුසු නොවේග මෙහිදී දරුවා අතිශය කැමති සැන්විච් කුරක්කන් පිටිවල් සැදු පාන්වලින් දීමට හැකි නම් ඉතාමත් අගනේයග අද ගෘහණියට පහසු කෙටි කෑම මෙවන් කුරකන් පාන්වලින් සකසා ගත හැකියිග ඒ අතරට කුරක්කන් රොටීල ආටා පිටි වලින් සෑදු ආහාර ඔබට පරිභෝජනයට එක්කර ගත හැකියිග ඒ අනුවල කවුපිල කඩලල මුං ඇට වැනි ධාන්‍ය වර්ගල එළවළු වර්ග අතරට වැටකොළුල බණ්ඩක්කාල තලන බටුල කැකිරිල පිපිඤ්ඤාල චච්චව් ගත හැකියිග සියළුම පලාවර්ග ද දරුවන්ට කෑමට දීමට හැකි නම් වඩාත් සුදුසුයිග තම්පලා මුකුණුවැන්නා කංකුංල කෙකටියල තුඹ දළුල කැබැල්ල දළු මාළුව වඩාත් ගුණ දායක වේග ගොටුකොළ හා කතුරමුරුංගා ද ගුණයිග

කොහිල අල හා දළුල රතුළූණු කොළ සුදුසුයිග බොහෝ දේශීය පලතුරු වර්ග දරුවන්ගේ වැඩීමට ද යෝග්‍ය වේග දියවැඩියාව ඇති දරුවකු නම් මෙවන් ආහාර රටාවකට හුරු කරවීම ගැන සැලකිලිමත් වීම ඔබ සතු කාර්යයකිග

වැඩිහිටියන්ට සේම රතු නිවුඩ්ඩ සහිත සහල් වර්ග දේශීය මිල අධික හාල් වර්ග ද :මඩතවාලුල පච්චපෙරුමාල්ල හීනැටිල රත්නැල්- ලබාදීම සුදුසුයිග

කිසිදු වෙනත් විෂ සහිත ඉඩධපබ ඡ්චබඵ වැනි ආහාරවලට යොමු නොවීමට වගබලා ගත යුතුයිග

සැලකිය යුතුයිග

කුඩාකල සිටම දරුවාගේ ශක්තිය හා වර්ධනයට පිෂ්ඨය අඩංගු අල වර්ග දීම පුරුදු වී සිටින ගෘහනියට දියවැඩියා රෝගයෙන් පෙළෙන දරුවාට ඒවා නොදීමට ප්‍රවේශම්කාරි විය යුතුයිග අල වර්ග භාවිතයේදී ඒවා සීනි වලට පරිවර්තනය වීම ඉක්මන් වන බැවින් අළු කෙසෙල්ල වට්ටක්කාල දෙල්ල කොස් ඉඳහිට සුළු ප්‍රමාණයෙන් ගැනීම ප්‍රමාණවත් වේග

නිවසේදී කළ හැකි ප්‍රතිකර්ම

දිනකට පැයක් දෙකක්වත් ව්‍යායාමවලට දරුවා යොමු කිරීම සුදුසුයිග මානසිකව පීඩා විදීමට සැලැස්වීම නොකල යුතුයිග නිතරම දරුවාගේ ක්‍රියාශීලී බව අඩුවන අන්දමේ දේ නොකල යුතුයිග පිහිනීමල ක්‍රීඩා කිරීම දරුවා යොමු කිරීම යෝග්‍ය වේග කුඩා කල සිට භාවනා ක්‍රම වලට හුරු කිරීම දරුවාගේ මානසික මට්ටම නිසි ලෙස පවත්වා ගැනීමට උපකාරී වේග

දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය කුඩා මාළු වර්ග ලබාදීම සුදුසුයිග මස් වර්ග කෑමේදී සම රහිතව ගන්නා කුකුල්මස් ආහාරයට එක්කර ගැනීම සුදුසුයිග දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය මෙවන් ආහාර තුළින් සමබල ආහාර වේලක් වෙත යොමු කර දියවැඩියා තත්ත්වය පාලනය කර ගැනීමට ඔබට හැකිවනු ඇත

curtesy :dinamina.lk/

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල