අඹ මෝජුව

views 2019-04-23 10:17:00 kitchen

අවශ්‍ය ද්‍රව්‍ය:
පැසුණු අඹ ගෙඩි 3 ක්
උම්බලකඩ කැබැලි ග්‍රෑම් 50 යි
කෑලි මිරිස් මේස හැඳි 1 යි
අඹරා ගත් ඉඟුරු තේ හැඳි 1 යි
අඹරා ගත්
සුදු ලූනු මේස හැඳි 1 යි
විනාකිරි මේස හැඳි 2-3 ක්
සීනි මේස හැඳි 1 යි
ලොකු ලූනු ගෙඩි 3 ක්
අමු මිරිස් කරල් 6 යි
බැද ගැනීමට තෙල්
රසට අනුව ලුණු.
 
සාදන ආකාරය:
අඹ ගෙඩියේ ‍පොත්ත පිටින්ම තීරු කපා ගන්න. ලූනු සිහින්ව ලියා ගන්න. අමු මිරිස්ද දෙකට පලාගන්න. දැන් අඹ කැබලි ලුනු, අමු මිරිස්, උම්බලකඩ වෙන වෙනම රත්වූ ගැඹුරු තෙ‍ලේ බැදගන්න.
තෙල් බේරෙන්නට තබන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එයට තෙල් ටිකක් දමා ලිප තබන්න. තෙල් ටික රත්වන විට ඉඟුරු, සුදු ලූනු දමන්න. කෑලි මිරිස්, ලුණු, සීනි දමන්න. විනාකිරිද දමන්න. දැන් බැද ගත් සියල්ල එක් කර කලවම්
කරගන්න.

​සිංහල ලිපි

  • පොටෙටෝ බ්‍රෙඩ් පීසා

    සොසේජස් කුඩාවට කපා බටර් ටිකක් රත්කර ෆ්‍රයිඩ් කරගන්න. තක්කාලි, ලූනු, රවුම් හැඩයට පෙති කපා
  • ඉස්සන් බත

    ඉස්සන් ‍පොතු, ඔළු ඉවත් කර හොඳින් සෝදා ගන්න. සහල් ගරා සෝදා විනාඩි 10ක් පමණ පෙඟෙන්නට තබා දිය බේරා
  • බිත්තර ඔම්ලට් මාළුව

    පළමුව බිත්තර ටික තම්බා භාජනයකට දමන්න. ගම්මිරිස් කුඩු, ලුණු, කහ දමා වණ්ඩුවෙන් තම්බා ගන්න. විනාඩි 20 ක්
  • සී ෆුඩ් රයිස්

    පළමුව සහල් සෝදා බඳුනකට දමා බත පිසගන්න. ඉන්පසු පිසගත් බත කූරු ගා නිවෙන්ටන තබන්න.
  • නූඩ්ල්ස් මෆින්

    නූඩ්ල්ස්වලින් අතුරුපසක් හදාගන්නත් පුළුවන් කිව්වොත් ඔබ පුදුම වෙයි නේද? මේ නුඩ්ල්ස් මෆින් ඉතාම රසවත්

සතියේ ලග්න පලාපල