ඉතාලි ක්‍රමයට චීස් පැස්තා

views 2019-02-02 10:18:00 kitchen

පැස්තා ඉතාලියට ආවේණික වූ ආහාරයකි. රාත්‍රී ආහාරයට වගේම උදෑසන ආහාරයටත් සුදුසුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් පැස්තා ග්‍රෑම් 200 ක්

ඉස්සෝ ග්‍රෑම් 200 ක්

සුදුලූනු බික් 6 ක්

තක්කාලි ගෙඩි 2 ක්

බැසිල් කොළ ස්වල්පයක්

ෆ්‍රෙෂ් ක්‍රීම්

අමු මිරිස් කරල් 3 ක්

ඔලිව් තෙල් මේස හැඳි 4 ක්

තක්කාලි සෝස්

මේස හැඳි 6 - 8 ක්

ලොකුලූනු ගෙඩි 2 ක්

ලුණු රස අනුව

තක්කාලි ගෙඩියක්

 

සාදන ක්‍රමය

පෑන් එකක් ළිප තබා ඔලිව් තෙල් ස්වල්පයක් දමන්න. තෙල් රත් වූ විට සිහින්ව කපාගත් ලූනු එක් කර මද වේලාවක් තෙම්පරාදු කරන්න. එයටම සිහින්ව කපාගත් සුදුලූනු සහ අමුමිරිස් ද එක්කරන්න. එය තෙම්පරාදු වූ පසු ෆ්‍රෙෂ් ක්‍රීම් ද එයට එක්කර හොඳින් මිශ්‍රකරන්න. ඉන්පසු සුද්දකර, සෝදා ගත් ඉස්සන් එක්කර මද වේලාවක් තැම්බෙන්න හරින්න. එයට, කොටු හැඩයට කපාගත් තක්කාලි සහ තම්බාගත් පැස්තා එක්කර හොඳින් මිශ්‍රකරන්න. එයට ඔලිව් තෙල් මේස හැඳි 2 ක් එක්කර නැවත කලවම් කරන්න. අවසානයට ලුණු සහ ගම්මිරිස් දමා තක්කාලි සෝස් ද එක්කර හොඳින් මිශ්‍රකර දීසියකට දමාගන්න. බැසිල් කොළ උඩින් ඉස අලංකාර කරගන්න.

​සිංහල ලිපි

  • අඹ මෝජුව

    2019-04-23 10:17:00 Views 206 Read More...

    අඹ ගෙඩියේ ‍පොත්ත පිටින්ම තීරු කපා ගන්න. ලූනු සිහින්ව ලියා ගන්න. අමු මිරිස්ද දෙකට පලාගන්න. දැන් අඹ කැබලි

  • කොස් ඩෙවල්

    2019-04-09 09:29:00 Views 1044 Read More...

    හොඳින් පැසුණු කොස් මදුළු 10, ලොකු ලූනු ගෙඩි 2ක්, තක්කාලි ගෙඩියක්, ටොමැටෝ සෝස් මේස හැඳි 2, කෑලි

  • ටොම් යම් සී ෆුඩ් සුප්

    සී ෆුඩ් සුප්වල රසය ඔබට ආගන්තුක දෙයක් නොවෙයි. ටොම් යම් පේස්ට් එක එකතුකරගත් මේ සී ෆුඩ් සුප් එකේ
  • ඔරියෝ ට්‍රෆල් බ්‍රවුනීස් හරිම රසවත්

    විවිධ රසයේ බ්‍රවුනීස් ඔබ රස විඳ ඇතුවාට සැක නැහැ. ඒත් තට්ටු කිහිපයකින්ම සමන්විත මේ ට්‍රෆල් ලේයර් බ්‍රවුනීස්
  • කොස් මදුලු මාළුව

    ලොකු කොස් මදුලු 25, හීනියට අඹරා ගත් මිරිස් කරල් 10, සූදුරු තේ හැඳි 1, කොත්තමල්ලි තේ හැඳි 03, හාල් තේ හැඳි
  • පොළොස් ඇඹුල

    පොළොස් ගෙඩි 1, කහ ස්වල්පයයි, වියළි මිරිස් කරල් 10 (මෙය වෙනම අඹරා ගන්න), කොත්තමල්ලි තේ හැඳි 1,
  • දකුණේ ක්‍රමයට කොස් ඇටවලින් කෑම

    තම්බා සිහින්ව අඹරාගත් කොස් ඇට 50, ගම්මිරිස් කුඩු තේ හැඳි 2-3ක්, බිත්තර සුදු මද 1, පාන් කුඩු, ලුණු, ‍පොල්තෙල්

සතියේ ලග්න පලාපල