රසම රසට පැටිස් ගෙදරදීම හදාගන්න රෙසිපි එකත් එක්කම මෙන්න – ඔයාලත් හදලම බලන්න

views 2019-01-12 10:31:00 kitchen

පැටිස් කියන්නේ කවුරුත් කැමති රසවත් කෑමක්. ඉතින් ගොඩක් අය දන්නේ නෑ කොහොමද රසට පැටිස් හදන්නේ කියලා. ඔන්න අපි අද ඔයාලට කියන්න යන්නේ ගෙදරදීම රසට පැටිස් පහසුවෙන් හදාගන්න හැටි.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය
පාන්පිටි කප් 02ක්, බේකින් පොවූඩර් මේස හැදී 1/2, ලුණු මේස හැදී 1/2, අයිස් වතුර මේස හැදී 08 ක්, බිත්තර 01ක්, ඇස්ට්‍රා හො බටර් මේස හැදී 02ක්, බි ලුණු ගෙඩි 01ක්(පොඩියට කපාගන්නා ලද), සුදුළුණු, ඉගුරු , රම්පේ, කරපිංචා ස්වල්පය බැගින්, කැරට් 50g, ලීක්ස් 50g, ගෝවා 50g (සින්ව ලියාගන්නා ලද), ගම්මිරිස්, සහ කැළි මිරිස් ප්‍රමාණවත් පරිදි, ඔබට අවශ්‍යනම් සුප්කැට 1/2 යොදාගත හැක), බැදීම සදහා එළවලු තෙල්.

මෙන්න හදනහැටි
පළමුවෙන්ම බෝල් එකක් ගෙන එයට පාන්පිටි එකතු කර එයට ඇස්ට්‍රා, හෝ බටර් එකතු කර හොඳින් කළවනම් කර ගන්න අනතුරුව , එයට බිත්තර එකතු කරමින් කළවන් කරන්න. දැන් ඔබ එයට බේකින් පවුඩර් එකතු කරගන්න, ඉන් අනතුරුව ලුණු ද අයිස් වතුර එකතු කරමින් හොඳින් පිටි මෝලිය සකසා ගන්න. මෙය විනාඩි 10 පමණ කාලයක් අතින් මෝලිය අනා ගත යුතු වෙයි. ඉන් අනතුරුව සකසා ගත් මෝලිය වෙනත් බෝල් එකට දමා එය හොදින් වසා විනාඩි 20 පමණ පසෙක තබන්න.

දැන් ඔබ භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර රත්වූ පසු එයට සිහින්ව ලියාගත් සුදුළූනු , ඉගුරු , කරපිංචා , රම්පේ , එකතු කරමින් මද වෙලාවක් පිස ගන්න. අනතුරුව එයට බි ළූණු , සහ සකසා ගත් සියළුම එළවලු එකතු කරගන්න, දැන් එයට රසය පරිදි ලුණු, ගම්මිරිස්, කැලි මිරිස් එකතු කර මද ගින්නේ පිස ගන්න. ඔබට අවශ්‍යනම් පමණක් සුප් කැට 1/2 එකතු කරගන්න. අනතුරුව ලීපෙන් ඉවත් කර ගන්න.

අනතුරුව ඔබ සකසා ගත් පිටි මෝලිය ගෙන පොඩි කොටස් වලට කඩා ගෙන ඉන් අනතුරුව තමන්ට අවශ්‍ය ප්‍රමාණයට රවුම් හැඩයට අතින් සකසා ගන්න. ඉන් පසු එයට සාදාගත් එළවලු තබා පැටිස් හැඩයට සකසාගන්න. ඔබට මේ සදහා ගැරුප්පුව , හෝ පැටිස් කටරයක් යොදා ගත හැක. ඉන් පසු භාජනයක් ලිප තබා තෙල් රත්වූ පසු රන් පැහැය වනතුරු බැදගන්න.

​සිංහල ලිපි

  • ඉස්සන් බත

    2019-06-26 10:47:00 Views 119 Read More...

    ඉස්සන් ‍පොතු, ඔළු ඉවත් කර හොඳින් සෝදා ගන්න. සහල් ගරා සෝදා විනාඩි 10ක් පමණ පෙඟෙන්නට තබා දිය බේරා

  • බිත්තර ඔම්ලට් මාළුව

    2019-06-21 09:52:00 Views 448 Read More...

    පළමුව බිත්තර ටික තම්බා භාජනයකට දමන්න. ගම්මිරිස් කුඩු, ලුණු, කහ දමා වණ්ඩුවෙන් තම්බා ගන්න. විනාඩි 20 ක්

  • සී ෆුඩ් රයිස්

    පළමුව සහල් සෝදා බඳුනකට දමා බත පිසගන්න. ඉන්පසු පිසගත් බත කූරු ගා නිවෙන්ටන තබන්න.
  • නූඩ්ල්ස් මෆින්

    නූඩ්ල්ස්වලින් අතුරුපසක් හදාගන්නත් පුළුවන් කිව්වොත් ඔබ පුදුම වෙයි නේද? මේ නුඩ්ල්ස් මෆින් ඉතාම රසවත්
  • කූනිස්සන් සමඟ තෙම්පරාදු බත

    පළමුව කූනිස්සො හොඳින් සෝදා ගන්න. ඉන්පසු අමු ඉඟුරු සහ සුදු ලූනු ද සිහින්ව ලියා ගන්න. දැන් බඳුනක් ගෙන එයට
  • ශ්‍රී ලාංකේය පලතුරු සලාදය

    නිතරම කෑමට නොලැබෙන පලතුරු සලාදයක රස මිහිරයි මේ. ජම්බු වාරෙට, කජු පුහුලන් වාරෙට, කටු ලොවි වාරෙට
  • සෝයා මිශ්‍ර බත

    හැමදාම හදන එකම බතට විශේෂත්වයක් එක් කළොත් තවත් රසවත් වේවි. සෝයා මිශ්‍ර කර

සතියේ ලග්න පලාපල