මැන්ගෝ විත් චිකන්

views 2018-06-22 10:07:00 kitchen

අවශ්‍ය ද්‍රව්‍ය
 
බෙරි නොවන සේ ඉදුනු අඹ ගෙඩි 2ක්
කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 250
රතු පාට බෙල් පෙපර් ගෙඩි 1/2
කොළ පාට බෙල්පෙපර් ගෙඩි 1/2
ඔරිගානෝ ස්වල්පයක්
රෝස්මරී ස්වල්පයක්
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
බටර් මේස හැඳි 1 1/2 පමණ
 
සාදන ආකාරය
 
මස් සෝදා ඉතා සිහින් කූරු වැනි තීරු කපා ගන්න. එයට ලුණු, ගම්මිරිස්, රෝස්මරී ඔරිගානෝ කලවම් කර පසෙකින් තබන්න. දැන් අඹ ගෙඩිය ‍පොතු සහ ඇට ඉවත්කර සිහින් දිගු තීරු ලෙස කපා ගන්න. බෙල් පෙපර්ද සිහින් තීරු ලෙස කපන්න. දැන් බටර් ටික ළිප තබා රත්වන විට මස් කැබැලි දමා හොඳින් තැම්බෙන්නට හරින්න. මස් කැබැලි තැම්බි ගෙන එනවිට බෙල් පෙපර් තීරු සහ අඹ කැබැලිද දමා හොඳින් මිශ්‍ර කර පිස ගන්න.


​සිංහල ලිපි

  • ඉන්දියන් මාළු කරිය

    2018-11-16 11:09:00 Views 97 Read More...

    මාළු ටික හොඳින් සෝදා කුඩා ප්‍රමාණයේ කොටු ලෙස කපා ගන්න. තක්කාලි ඉතාම කුඩාවට චොප් කර ගන්න.

  • මාළු ඔළු කරිය

    2018-11-13 10:07:00 Views 224 Read More...

    කරමල් ගලවා මාළු ඔළුව තරමක ලොකු කැබැලි වලට කපා හොඳින් පිලී ඉවත්ව යන ලෙස දෙහි මිශ්‍ර වතුරෙන් සෝදා

සතියේ ලග්න පලාපල