කරවල මිශ්‍ර අඹ හොද්ද

views 2018-06-20 10:35:00 kitchen

අවශ්‍ය ද්‍රව්‍ය
 
හොඳින් පැසුනු අඹ ගෙඩි 2ක්
කට්ටා කරවල ග්‍රෑම් 250
දියකිරි අඬු කෝප්ප 1
සුදුලූනු බික් 2යි
අමුමිරිස් කරල් 2-3ක්
රතුලූනු ගෙඩි කීපයක්
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
ලුණු රසට අනුව
මිරිස් කුඩු මේස හැඳි 1
තුනපහ කුඩු තේ හැඳි 1
කහ ස්වල්පයක්
තෙල් මේස හැඳි 1
මිටිකිරි අඬු කෝප්ප 2
 
සාදන ආකාරය
 
කරවල තරමක කැබැලි වලට කපා පිළීයන ලෙස හොඳින් අතුල්ලා සෝදා ගන්න.
රතුලූනු, අමුමිරිස් සිහින්ව කපා ගන්න. අඹ ගෙඩි ‍පොතු සහ ඇටය ඉවත් කර සිහින් තීරුවලට කපා ගන්න. දැන් මැටි හට්ටියක් ළිප තබා රත්වන විට රම්පේ, කරපිංචා, තලාගත් සුදුලූනු, රතුලූනු, අමුමිරිස් සහ කරවල කැබැලි දමා තෙම්පරාදු වන්නට හරින්න. කහ කුඩු, මිරිස්, තුනපහ, දියකිරි වලට මිශ්‍ර කර ගන්න. දැන් අඹ කැබැලිද දමන්න. දියකිරි ද දමා මදගින්දරේ තැම්බෙන්න හරින්න. කරවල කැබැලි හොඳින් තැම්බිගෙන එද්දී මිටිකිරි දමා කලවම් කර නටවා ගන්න.



​සිංහල ලිපි

  • මාළු ඔළු කරිය

    කරමල් ගලවා මාළු ඔළුව තරමක ලොකු කැබැලි වලට කපා හොඳින් පිලී ඉවත්ව යන ලෙස දෙහි මිශ්‍ර වතුරෙන් සෝදා
  • ඉස්සන් මසාලා

    ඉස්සන් ඔළු සහ ‍පොතු ඉවත් කර සෝදා දිය බේරා ගන්න. ගම්මිරිස්, අබ, සුදුලූනු, උළුහාල්, මිරිස්, ඉඟුරු, කහ, විනාකිරි
  • කෑම නොකන පොඩ්ඩන්ට

    දෙහි ලුණු ගම්මිරිස් දමා ඉස්සන් තම්බා ගන්න. තැම්බූ ඉස්සන් කොටස් දෙකකට වෙන් කර එක කොටසකට තල
  • වෙනස් ම විදියකට නූඩ්ල්ස් කමු ද?

    පහසුවෙන් සහ අඩු කාලයකින් පිළියෙළ කරන්නට පුළුවන් ආහාර වර්ග අතර නූඩ්ල්ස් ඉදිරියෙන් ම සිටින ආහාරයක්.
  • පුරවන ලද මාළුමිරිස්

    ළුණු, කරපිංචා, උම්බලකඩ, තුනපහ, කහ සහ ලුණු කළවම් කරගන්න. තෙල් ටිකක් ලිප තබා අඹරා ගත් ඉඟුරු සුදුළුණු

සතියේ ලග්න පලාපල