රසම රස පැස්ටා කොත්තු

views 2018-06-06 09:19:00 kitchen

කොත්තු කන්න හිතුනම මතක් වෙන්නෙම කඩෙන් ගන්න ඕනා කියලනේ. ඒත් පිටින් මිලදී නොගෙන රසම රස කොත්තුවකින් ඔබේ පවුලේ අයට සංග්‍රහ කිරීම කොහොම අත්දැකීමක් වෙයිද? ඉතින් ඉක්මනින්ම ඒ අත්දැකීම විඳ ගන්නටයි මේ අවස්තාව ……

පැස්ටා කොත්තු සැදීමට අවශ්‍ය දේ:

    තම්බාගත් පැස්ටා ග්‍රෑම් 500 <මඳක් හැපෙන මට්ටමට >
    ගල් මාළු, ඉස්සන්, දැල්ලන් ග්‍රෑම් 500 <තරමක කැබලි කපාගත් >
    එළවලු තෙල්
    ලොකු ළුණු <සිහින්ව කපාගත් >
    ඉඟුරු, සුදු ළුණු <කුඩාවට කපාගත් >
    රම්පෙ, කරපිංචා ස්වල්පය බැගින්
    ගෝවා, කැරට්, මාළු මිරිස් සහ ලීක්ස් <දිග අත‍ට සිහින්ව කපාගත් >ග්‍රෑම් 400
    බිත්තර 7, 8
    කෑලි මිරිස් කුඩු මේස හැඳි 2
    කහ කුඩු සහ තුනපහ කුඩු ස්වල්පය බැගින්
    ලුණු සහ ගම්මිරිස් කුඩු
    තක්කාලි <කුඩාවට කපාගත් > ග්‍රෑම් 100
    අමු මිරිස් <කුඩාවට කපාගත් > කරල් 2, 3

සාදන ආකාරය :

රත්වූ වතුර බඳුනකට තෙල් සහ ලුණු ටිකක් එක්කර පැස්ටා තම්බා ගන්න .කපාගත් මාළු සියල්ලම හොඳින් සෝදා ගෙන පෙරාගෙන එයට ලුණු , ගම්මිරිස්, කහ කුඩු, සහ තුනපහ කුඩු ස්වල්පය බැගින් දමාගෙන හොඳින් අතගාගෙන එය ගැඹුරු තෙලේ ක්‍රිස්පී ලෙස බැද ගන්න.

දැන් බඳුනකට තෙල් මේස හැඳි 4, 5 පමණ දමා ගෙන එය රත්වන විට ලොකු ළුණු, ඉඟුරු, සුදු ළුණු, සමග රම්පෙ කරපිංචා දමා හොඳින් තෙම්පරාදු වන අතරම මෙයට අමුමිරිස් සමග කපාගත් එළවලු සියල්ල දමා තවදුරටත් තෙම්පරාදු කරන්න. ඊළඟට බිත්තර ටිකද දමා තවත් ස්වල්ප වේලාවක් පිසගෙන එයටම ස්පයිසස් ටික සමග ලුණු, ගම්මිරිස්, අවශ්‍ය පමණට දමාගෙන තක්කාලි ටිකද කලවම් කරන්න.

ඊට පසු තම්බාගත් පැස්ටා ටික එක්කර පත්තකින් කොටා ගනිමින් හොඳින් මිශ්‍ර කරන්න. සියල්ල හොඳින් මිශ්‍ර වූ පසු රස බලා උණුසුම්ව කෑමට පිළිගන්වන්න.

​සිංහල ලිපි

  • හාල් මැස්සන් අච්චාරු

    2018-12-18 12:07:00 Views 320 Read More...

    හාල්මැස්සන් ඔළු කඩා ඉතා හොඳින් පිලී යන ලෙස සෝදා හැකිනම් අව්වේ වියළා ගන්න. දැන් රතුලූනු සුද්ද කර ගෙඩි

  • ජින්ජර් පුඩිම

    2018-12-17 11:04:00 Views 129 Read More...

    බටර්, සීනි එකට දමා බිට් කර ගන්න. දැන් බිත්තරය බැගින් දමමින් කලවම් කරගන්න. බිට් කරගන්න. පිටිවලට, බේකිං

  • කකුළු බැඳුම

    කකුළුවන් කන්න බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ඒ නිසාම අපි කියලා දෙන්න හදන්නේ කොහොමද කටට රසට කන්න
  • අන්නාසි ෆ්‍රයිඩ් රයිස්

    පළමුව හාල් සෝදා බඳුනකට දමා බත පිසගන්න. ඉන්පසු කුකුල් මස් සෝදා හොඳින් තම්බා ගන්න.
  • කප් කේක්

    බටර් කේක්, පුහුල් දෝසි කුඩාවට කපා බඳුනකට දමන්න. දැන් එයටම බටර් අයිසිං, කජු කුඩු, වියළි මිදි, වැනිලා දමා
  • මීට් බෝල්ස් කරිය

    අඹරාගත් මස් වලට ලුණු, සිහින්ව කපාගත් ලූනු මේස හැඳි 2ක්, අමුමිරිස් කරලක් සිහින්ව කපාගත් කරපිංචා මේස
  • මාළු සැන්ඩ්විච්

    මාළු ඉතාම සිහින් පෙති ලෙස කපා ගන්න. දැන් එයට ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ දමා සීසන් වන්නට තබන්න. දැන්

සතියේ ලග්න පලාපල