ලේසියෙන්ම ඇඹුල් තියල් හදන ක්‍රමේ දන්නවාද?

views 2018-03-20 11:06:00 kitchen

ලංකාව් සියලු දෙනා අතර ඉතා ප්‍රචලිතම ආහාරයක් ඇඹුල් තියල්. ඇඹුල් තියල් සෑදීම සංකීර්ණ කරගැනීමෙන් ගොඩක් දෙනා ඇඹුල් තියල් හදන්න අපහසු යැයි සිතා සිටිනවා. නමුත් මෙය සැකසීමට ඉතා පහසු ආහාරයක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

    තලපත් හෝ වෙනත් ලොකු මාළු 500g
    ගොරකා  කැබලි 04
    ගම්මිරිස් තේ හැඳි 01
    ඉඟුරු තේ හැඳි 1
    කරපින්චා
    ලුණු

පිළියෙල  කරන අයුරු:

පළමුවෙන්ම ගොරකා, ගම්මිරිස්,  ඉඟුරු , කරපිංචා  එකට දමා හොඳින්  අඹරා ගන්න. රස අනුව ලුණු එක් කර ගන්න. මාළු කැබලිවලට කපා සෝදා දියබේරෙන්නට තබන්න. වතුර අඬු කෝප්පයක් පමණ මැටි ඇතිලියකට දමා අඹරාගත් සියළු දේ සමඟ මිශ්‍ර කර මාළු කැබලි පිළිවෙලකට තබන්න. මද ගින්නේ ලිප තබා ඉස්ම හිදෙන තෙක් තම්බා ගන්න .

අමු මිරිස්, කුරුඳු පොතු ආදිය එකතු කිරීමෙන් වැඩි රසයක් එක් කරගත හැක. සුදු ළුෑණු අවශ්‍ය නම් පමණක් එකතු කරන්නග මන්ද සුදු ළුෑණු එකතු කීරීමෙන් මාළු ඇඹුල් තියල් කල් තබා ගැනීමට නොහැකි වන හෙයිනි. නිසි ලෙස පිළියෙල කලහොත් දින කිහිපයක් වූවත් ශීතකරණයේ නොතබා ප්‍රයෝජනයට ගත හැකියි. බලන්න, මේ විදිහට ඇඹුල් තියල් සැකසීම ඉතාම පහසුයි නේද කියා?

​සිංහල ලිපි

  • කොස් මදුලු මාළුව

    2019-03-22 09:16:00 Views 146 Read More...

    ලොකු කොස් මදුලු 25, හීනියට අඹරා ගත් මිරිස් කරල් 10, සූදුරු තේ හැඳි 1, කොත්තමල්ලි තේ හැඳි 03, හාල් තේ හැඳි

  • පොළොස් ඇඹුල

    2019-03-18 12:07:00 Views 511 Read More...

    පොළොස් ගෙඩි 1, කහ ස්වල්පයයි, වියළි මිරිස් කරල් 10 (මෙය වෙනම අඹරා ගන්න), කොත්තමල්ලි තේ හැඳි 1,

සතියේ ලග්න පලාපල