නිර්මාංශ ස්පගේටි බොලොංඤේස් (Vegetarian Spaghetti Bolognase)

views 2018-02-17 10:04:00 kitchen

අවශ්‍ය ද්‍රව්‍ය:

    පිසගත් ස්පගේටි 500g
    සෝයා මීට් කුඩා කැබලි 600g
    තක්කාලි (චොප් කරගත්) 500g
    තක්කාලි පේස්ට් ‍කෝප්ප 1/2
    සැල්දිරි (කුඩාවට කැපූ) දඬු 1
    ගම්මිරිස් කුඩු තේ හැඳි 1
    ළූණු ගෙඩි 1
    සුදු ළූණු බික් 2
    කැරට් අල (කුඩාවට කැපූ) 1
    චිකන් ස්ටොක් 1 1/2L
    ලුණු රස පදමට
    ඔලිව් තෙල්  10ml

සාදන ක්‍රමය

භාජනයක් ලිප තබා එයට ඔලිව් තෙල් දමා රත්වන්නට හරින්න. දැන් එයට ළූණු සුදු ළූණු දමා සුවඳ එනවිට කැරට්, සැල්දිරි, චොප්කරගත් තක්කාලි, තක්කාලි පේස්ට් හා චිකන් ස්ටොක් දමා හොඳින් උතුරවා ගන්න. එයටම ලුණු ගම්මිරිස් දමා රස පදම සකසා ගන්න.

මේ අතර සෝයා මීට්, නටන ජලයෙහි බහා විනාඩි 5ක් පමණ තබා හොඳින් මිරිකා පෙරා ගන්න. දැන් සෝයා මීට් කැබලි කුඩාවට කැපෙන සේ හොඳන් චොප් කරගන්න. ඉහත සකසාගත් සෝස් මිශ්‍රණයට චොප්කරගත් සෝයා මීට් එක්කර යන්තම් උකු වන විට ලිපෙන් බා ගන්න.

දැන් ස්පගේටි ස්වල්පයක් ගෙන ස්වල්පයක් ගෙන පිඟාන මත වටේට සිටින ලෙස අතුරා ඒ මතට සෝයා මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා කැමතිනම් ඒ මතට ගාගාත් චීස් ස්වල්පයක් ඉස උනුවෙන් පිළිගන්වන්න.

​සිංහල ලිපි

  • ජින්ජර් පුඩිම

    2018-12-17 11:04:00 Views 44 Read More...

    බටර්, සීනි එකට දමා බිට් කර ගන්න. දැන් බිත්තරය බැගින් දමමින් කලවම් කරගන්න. බිට් කරගන්න. පිටිවලට, බේකිං

  • කකුළු බැඳුම

    2018-12-15 09:36:00 Views 171 Read More...

    කකුළුවන් කන්න බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. ඒ නිසාම අපි කියලා දෙන්න හදන්නේ කොහොමද කටට රසට කන්න

  • අන්නාසි ෆ්‍රයිඩ් රයිස්

    පළමුව හාල් සෝදා බඳුනකට දමා බත පිසගන්න. ඉන්පසු කුකුල් මස් සෝදා හොඳින් තම්බා ගන්න.
  • කප් කේක්

    බටර් කේක්, පුහුල් දෝසි කුඩාවට කපා බඳුනකට දමන්න. දැන් එයටම බටර් අයිසිං, කජු කුඩු, වියළි මිදි, වැනිලා දමා
  • මීට් බෝල්ස් කරිය

    අඹරාගත් මස් වලට ලුණු, සිහින්ව කපාගත් ලූනු මේස හැඳි 2ක්, අමුමිරිස් කරලක් සිහින්ව කපාගත් කරපිංචා මේස
  • මාළු සැන්ඩ්විච්

    මාළු ඉතාම සිහින් පෙති ලෙස කපා ගන්න. දැන් එයට ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ දමා සීසන් වන්නට තබන්න. දැන්
  • හෝටලේ කෑම ගෙදරටම

    රස කෑම කන්න ලොකු හොටලයකටම යන්න ඕනා නැහැ. ඒ ආහාර වට්ටෝරු අප ඔබ වෙත ගෙන එන නිසා.

සතියේ ලග්න පලාපල