සොසේජ් රෝල්ස්

views 2018-01-09 10:17:00 kitchen

අවශ්‍ය ද්‍රව්‍ය
 
සිහින්ව කපාගත් පාන් පෙති 10
සොසේජ් කරල් 10 යි
සිහින්ව ග්‍රේට් කරගත් චීස් ග්‍රෑම් 50
බිත්තර 2 යි
රසට අනුව ලුණු
ගම්මිරිස් ස්වල්පයක්
බටර් ටිකක්
 
සාදන ආකාරය
 
පාන් පෙති රෝලින් පින් එකකින් තලා ගන්න. දැන් තම්බාගත් සොසේජ් කරල් ඒ මත තබන්න. දැන් චීස් ස්වල්පයක් ඉස එය රෝල් කර ගන්න. බිත්තර ගසාගෙන එයට බටර් ද එකතු කර මිශ්‍රකරගන්න. දැන් පාන් රෝල් මත බිත්තර සාරු මිශ්‍රණය ආ‍ලේප කර රත්වූ පෑන් එකක ඒ මේ අත පෙරලමින් රන්වන් පාට වනතුරු පිසගන්න.


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල