පොල් කිරි නැතිව ඉදෙන කරවල හොද්ද

views 2017-09-13 11:55:00 kitchen

ඕන කරන දේ :-

    කට්ට කරවල ග්‍රෑම් 250 ක්
    මී කිරි මේස හැන්දක්
    සුදු කැකුළු හාල් කෝප්පයක් දියේ දමා අඹරාගත්
    බිලිං ගෙඩියක්
    තක්කාලි අවශ්‍යනම්
    සුදු ළුණු
    ලොකු ළුණු
    මිරිස් කුඩු
    රස අනුව ලුණු
    කහ කුඩු ටිකක්

හදන්නේ මෙහෙමයි :-

    සාමාන්‍ය කරවල හොද්දක් හදන විදිහමයි.
    කරවල සෝදලා, කපලා මීකිරි සහ ඇඹරූ හාල් ටික ඇරෙන්න අනෙක් අඩුවැඩිය එක්ක ලිප තියන්න.
    වතුර අඬු කෝප්ප බාගයක් ඒකට එකතු කරන්න.
    දැන් මීකිරි සහ සුදු කැකුළු හාල් ටික හොඳින් මිශ්‍ර කර, කරවල බඳුනට දමන්න.
    නොනවත්වා හැඳිගාන්න.
    මේ කරවල හොද්ද, පොල් කිරෙන් උයන කරවල හොද්දට වඩා කැටි ගැහෙන්න ඉඩ තියෙනවා.




​සිංහල ලිපි

  • තිබ්බටු කොස් ඇට මාළුව

    හදමුද තිබ්බටුයි කොස් ඇටයි එකට දාලා රසම රස මාළුවක්? උම්බලකඩ ටිකක් එහෙම දාලා හරිම රසට මේ
  • කොස් මැල්ලුම

    කොස් මදුළු සෝදා ඇට ගලවා තරමක් සිහින්ව කපා ගන්න. කොස් ඇට ද තලා පොතු හැර සෝදා ගන්න. භාජනයකට
  • බෙහෙත් නෙල්ලි ව්‍යංජනය

    නෙල්ලි සෝදා පිරිසිදු කර, වතුර ටිකක් දමා තම්බා නිවුණු පසු ඇට ඉවත් කර ගන්න. එයට උළුහාල්, කුරුඳු‍පොතු
  • කූර තම්පලා සමග වට්ටක්කා සුප්

    තම්පලා දළුත් සමග ළපටි කොටස් කඩා, සෝදා දිය බේරා ගන්න. වට්ටක්දා ‍පොත්ත සහ ඇට ඉවත් කර සෝදා
  • නෙලුම් අල සම්බෝලය

    නෙලුම් අලය පිටින් සෝදා වතුර එකතු කර කැකුළු සහල් මිටක් සහ ගොරකා කැබැල්ලක් දමා තම්බා දිය බේරා

සතියේ ලග්න පලාපල