මසාලා රසක් එක්ක ඉදෙන කුකුළුමස්

views 2017-09-12 10:05:00 kitchen

ඕන වෙන දේවල් :-

    කුකුළුමස් ග්‍රෑම් 700 ක්
    අඩු මේද යෝගට් එකක් (රස ගැන්වීම් නැති)
    බැදපු තුනපහ
    කෑලි මිරිස්
    රම්පෙ
    කරපිංචා
    තලාගත් ඉඟුරු
    තලාගත් සුදු ළුණු
    මසාලා පව්ඩර් තේ හැඳි 2 – 3 ක්
    සූදුරු තේ හැන්දක්
    මහදුරු තේ හැන්දක්
    සියඹලා ටිකක්
    රස අනුව ලුණු

හදන්නේ මෙහෙමයි :-

    කුකුළුමස් සාමාන්‍ය තරමේ කොටස්වලට කපාගන්න. තලාගත් සුදු ළුණු, ඉඟුරු, ලුණු, මිරිස් කුඩු, සියඹලා සහ මසාලා පව්ඩර් එක තේ හැන්දක් එකට කලවම් කරලා මේ කුකුළු මස්වල තවරා පදම්වෙන්න හරින්න.
    විනාඩි 15 ක් තිබුණම ඇති.
    දැන් මැටි හට්ටියකට මේ පදම් වූ මස් දමන්න. එයටම උණු වතුර කෝප්පයක් එකතු කරලා තැම්බෙන්න හරින්න. සූදුරු සහ මහදුරු එකතු කරන්න. වතුර සම්පුර්ණයෙන්ම හිඳී අවසන් වෙන්න නොදෙන එක හුඟක් වැදගත්.
    මස් හොඳින් තැම්බූ පසු ලිපේ ගින්දර අඩු කර එයට යෝගට් එක දමන්න. හොඳින් මිශ්‍ර කරමින් ඉතිරි මසාලා පව්ඩර් එයට එකතු කරන්න.
    හොදි ගතිය හිඳෙන තෙක් පිසගන්න.



​සිංහල ලිපි

  • සැන්විචර්ස්

    2017-11-22 10:25:00 Views 120 Read More...

    පොඩ්ඩගෙ කෑම පෙට්ටිය පාට පාටින් තියෙන කොට තමයි ලස්සන. පොඩි පැටවුන්ට කෑම කන්න ආස හිතෙන්නෙත්

  • චිකන් මින්ස්

    2017-11-21 10:26:00 Views 248 Read More...

    කුකුල් මස් ටික සෝදා ඉතාම සිහින් කූරු ලෙස කපා ගන්න. දැන් එයට ලුණු, ගම්මිරිස් අතගා ටික වේලාවක් තබන්න.

සතියේ ලග්න පලාපල