මොනවද ඕන කරන්නේ?

views 2017-06-19 11:38:00 kitchen

තම්බාගත් බිත්තර 2ක්
ඉදුණු තක්කාලි ගෙඩියක්
 බටර් ස්වල්පයක්
 අබ ක්‍රීම් ස්වල්පයක්
අමු මිරිස කරල් දෙකක්
ලුණු
ගම්මිරිස්
සළාද කොල
පාන් පෙති කිහිපයක්

කොහොමද හදන්නේ?

    බිත්තරය හැන්දක් හෝ ග්‍රේටරයකින් සිහින් කැබලි බවට පත්කරගන්න.
    එයට අබ ක්‍රීම්, බටර්, කුඩාවට කපාගත් ලූණු, අමුමිරිස්, ගම්මිරිස් මිශ්‍ර කරන්න
    මෙම මිශ්‍රණය පාන් පෙති මත අතුරා ත්‍රිකෝණාකාර හැඩයට කපාගන්න.
    ඒ මත සලාද කොල සහ තක්කාලි පෙති තබා පිළිගන්වන්න

අඩු වේලාවකින් සකසා ගතහැකි වඩාත් පෝෂදායී ආහාර වේලක් ලෙස මෙම බිත්තර සැන්විච් හඳුන්වාදෙන්න පුළුවන්. පිෂ්ටය, ප්‍රෝටීන, මේදය, විටමින් වර්ග, ඛනිජ ආදී බොහෝ පෝෂණ සංඝටක මෙම ආහාර වේලෙහි අඩංගු වෙනවා.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල