පාන් වලින් කොත්තු හදමුද?

අවශ්‍ය ද්‍රව්‍ය :-
පොඩි කැබලිවලට කඩා ගත් පාන්
තලා ගත් සුදු ළුණු
තලා ගත් ඉඟුරු
හීනියට කපා ගත් රට ළුණු ගෙඩියක්
අමු මිරිස් කරල් 3ක් 4ක්
බිත්තර 2
කරපිංචා කොළ
කැරට්, ලීක්ස්, බෝංචි ආදි ඔබ කැමති ඕනෑම එළවලු (හීනියට ලියා ගන්න)
කලින් උයා ගත් මස් හෝ මාළු හොදි ටිකක්
සාදන ක්‍රමය :-
පෑන්
එකකට තෙල් ටිකක් දාලා රත් වෙනකොට ඉඟුරු සුදු ලූණු දාලා තරමක් බැදෙන කොට
රම්පෙ කරපිංචා ලූණු සහ එළවලු ආදිය දමා හොඳින් කළවම් කරන්න. මේ දේවල් තරමක්
බැදෙනවිට බිත්තර එකතු කර හොඳින් කළවම් කරන්න. ඉන් පසු ටික වෙලාවකින් පාන්
ටික එකතු කරගන්න. හොඳින් කලවම් කරන ගමන් මස් හොදි හෝ මාළු හොදි ටික ටික
එකතු කර ගන්න.(අවශ්‍ය නම් කෑලිත් එකතු කර ගන්න.) පාන් පෙගෙන්නේ නැති වෙන්න
ලිපෙන් බාන්න කිට්ටු වෙලා හොදි එකතු කර ගන්න. ඔබට අවශ්‍ය නම් මේකට චීස්,
සොසේජස්, සෝස් ආදියත් එකතු කර ගන්න පුළුවන්.
සිංහල ලිපි
-
අවුරුද්දට නිවසට එන අමුත්තන්ට අලුත් විදිහකට තේ කෝප්පයක්
2018-04-18 10:22:00 Views 210 Read More...අලුත් අවුරුද්දේ තෑගි බෝග අරගෙන ඔබේ නිවසට සපැමිණෙන නෑ හිත මිතුරන්ට සංග්‍රහ කරන්නට අලුත්ම
-
උත්සව කාලෙට රසවත් කෑමක්
උත්සව කාලය ළඟ ළඟ එනවා. ඉතින් නිවසට පැමිණෙන ආදරණිය අමුත්තන්ට සංග්‍රහ කරන්නට, කජු, ඉස්සන්, සහ
-
ආස්මී
අවශ්‍ය ද්‍රව්‍ය හාල්පිටි 1 kg -
කහ බත්
අවශ්‍ය ද්‍රව්‍ය : මුතු සම්බා 1kg -
කොකිස්
අවශ්‍ය ද්රව්යහාල් පිටි 400ලුණු තේ හැඳි ½ -
අතිරස
අවශ්‍ය ද්රව්යහාල් පිටි 500gහාල් කප්පි 50g -
සිංහල අලුත් අවුරුදු කැවිලි මේසයට පැණි වළලු හදමු
එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට සාමාන්‍යෙයන් සාදන කැවුම්, කොකිස්, අලුවා වලින් මිදී රසවත් කෑමක රස විදීමට