නිවසට අලූතින් කොටසක් එකතුකරන්නේ බලාගෙනයි

views 2018-11-06 01:02:00 hplans_New

අංජන ව්‍යාපාරිකයෙකි. ඔහු ඉතා වෙහෙස මහන්සියෙන් තම ජීවිතය ගොඩනගාගෙන පසු කලෙක ඉතාම ඉහළ ස්ථාවරයකට පැමිණි අයෙකි. විවාහයෙන් පසු ඔහු කුළී නිවාසයක වසර 6 ක් ජීවත්වී තිබුණි. ඉන් ඉතාම ඉහළට දියුණු වූ ඔහු ඔහුගේම කියා නිවසක් සාදාගෙන රාජගිරිය ප‍්‍රදේශයේ පදිංචි වන්නේ මීට වසර 3 කට පමණ පෙරදීය. ඔහුගේ බිරි`ද සහ දරුවන් දෙදෙනාද ඔහු සමග ජීවත් විය. මෙම නිවස පරීක්‍ෂා කිරීමට ආසන්නතම හේතුව වූයේ ඔහුට හදිසියේම ඇතිවූ හදවත් අසනීපයක් හේතුවෙන් ඔහුව බයිපාස් සැත්කමකට භාජනය වීමයි. ඒ වන විට ඔහුට වයස 38 කි.
 
 ඔහුගේ නිවස උතුරු දිශාවට මුහුණලා තිබුණි. එනම් 337.50 ත් 22.50 ත් අතර කෝණයකට එල්ලවී තිබුණි. නිවසේ ප‍්‍රධාන දොරද උතුරු දිශාවට මුහුණලා තිබූ අතර එය නිවැරදි පාද බෙදීම් අනුවද පිහිටන අයුරින් මුල් වාස්තු ශිල්පියා නිවැරදි සැලැස්ම ඇද තිබුණි. නමුත් මොවුන්ගේ හිතුමතේට ප‍්‍රධාන දොර ඉදිරියට වැරැුන්ඩාවක් ඉදි කිරීම නිසා එහි තිබූ කණුවක් ප‍්‍රධාන දොරට වැටී තිබුණි. කිසිදු හේතුවක් මත නිවසක ප‍්‍රධාන දොර ඉදිරියේ කණු වැටීම ඉතාම අහිතකරය. බිත්ති කණුවක් , ගසක් , ඇන්ටනා බටයක් , සැටලයිට් ඩිස්ක් එකක් නිවසක ප‍්‍රධාන දොර ඉදිරියට පැමිණි විට එය වේද දෝෂයට ලක්වේ. මින් නිවසේ අයට දැඩි මානසික පීඩනයක් එල්ලවේ. එනිසා ඔබ නව නිවසක් සකසන විට කිසිදු හේතුවක් මත නිවසේ ප‍්‍රධාන දොර ඉදිරියට කණු වැනි කොටස් එකතු කර ගැනීමෙන් වළකින්න. මෙහිදී කණුව ගලවා ඉවත් කිරීමට නොහැකි හෙයින් භාගුවා මිරර් සහ පිරමීඩ භාවිතයෙන් මෙහි තිබූ දෝෂ ඉවත් කරන ලදී.
 
 වාස්තු උපදේශකවරයෙකු ඔබගේ නිවසට පැමිණි විට ඔහු මූලිකවම බලන කාරණයක් නම් නිවසේ බ‍්‍රහ්මපාදය පිහිටන ස්ථානයයි. මොවුන්ගේ නිවසේ මුල් සැලසුම අනුව නිවැරදිව කිසිදු හානියක් සිදු නොවන අයුරින් බ‍්‍රහ්ම පාදයේ පිහිටීම වාස්තු ශිල්පියා විසින් සකසා තිබුණි. නමුත් සර්වන්ට් ටොයිලට් එකක අවශ්‍යතාවයක් වෙනුවෙන් නිවසේ පැරණි අත්තිවාරමට සම්බන්ධකොට නිවසට පිටතින් වන පරිදි වැසිකිළියක් සකසා තිබුණි. එයින් නිවසේ වර්ගඵලය වෙනස් වීමක් සිදුවේ. නමුත් නිවසේ පැරණි අත්තිවාරමට සම්බන්ධ නොකළේ නම් බිත්ති සම්බන්ධ වුවද නිවසේ වර්ගඵලය වෙනස් වීමක් සිදු නොවේ. නමුත් එලෙස වර්ගඵලය වෙනස් වීම හේතුවෙන් නිවසේ බ‍්‍රහ්මපාදය වෙනත් ස්ථානයකට පැමිණීම නිසා දැන් එය හානි වී තිබුණි. එය අත්තිවාරමක් මතට වැටී තිබීම එම දෝෂයයි. මෙවැන්නක් හදවත හරහා කටුවක් ඇන්නා වැනිය. එනිසා මේ පිළිබ`ද ඔබ දැඩි අවධානයක් යොමු කළ යුතුමය. ඔබගේ නිවසේ බ‍්‍රහ්ම පාදය හානි වීමෙන් නිවසේ ප‍්‍රධානියාට හදිසි හදවත් අසනීප ඇති වීමේ දැඩි අවදානමක් ඇත. මෙහි තිබූ දෝෂය කිසිදු වියදමක් නොමැතිව ඉතාම පහසුවෙන් ඉවත් කර දැමුවෙමි.
 
 තවද ඔවුන්ගේ නිදන කාමරයේ ඇ`දට ඉහළින් කොන්ක‍්‍රීට් බීම් එකක් වැටී තිබුණි. මෙයද විවිධ අසනීප ඇතිවීමේ අවදානම් එන දෝෂයකි. එනිසා ඔබේ නිදන ඇ`දට ඉහළින් කොන්ක‍්‍රීට් බීම් හෝ බාල්ක තිබීම එතරම් සුභ නොවේ. එසේ වෙනස් කළ නොහැකි නම් ඒවාට ඒ ඒ නිවස අනුව පිළියම් යෙදිය හැක. තවද නිදන කාමරයක නිදන ඇ`ද පෙනෙන අයුරින් කණ්නාඩි තිබීම දෙදෙනා අතර ගැටුම් ඇතිවීමට හේතු වේ. ඉන් අසනීප වීමේ අවදානමද වැඩිය. නිදන ඇ`ද යට විවිධ වූ බඩු බාහිරාදිය තිබීමද තරමක
 
 ගැටලූවකි. එනිසා ඔබගේ නිදන කාමරය පිළිබ`ද ඔබ දැඩි අවධානයක් යොමු කළ යුතුය.
 
 තවද මොහුගේ වැඩිමහල් පුතා නිතර නිතර කේන්ති ගන්නා අතර වැටීම් තැලීම්වලට නිරන්තරයෙන් මුහුණ දුන් දරුවෙකි. නැගෙනහිර දිශාවේ වැසිකිළියක් ඇති විට මෙවැනි දෑ සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. එනිසා තමන්ට පිරිමි දරු ඵල නැත්තම් හෝ පිරිමි දරුවන් සිටී නම් නැගෙනහිර දිශාවේ වැසිකිළි හා නාන කාමර එතරම් සුදුසු නොවේ. මෙයින් පුතුන්ට වන හානි වැඩිය. තවද මෙම පුතාගේ නිදන කාමරය පිහිටා තිබුණේද ඔහුගේ උපන්දිනය හා නිවසේ ශක්තීන් ගලපන විට අසුභ දිශාවකය. පසුව ඔහුව සුභ කාමරයකට මාරු කරන ලදී. ඔබත්, ඔබගේ ජීවිතයේ වඩාත්ම වැදගත් නිවස පිළිබ`ද සැලකිලිමත් වන්න. මන්ද එසේ නොවුණහොත් විවිධ වූ ප‍්‍රශ්න ගැටලූ හමුවේ ඔබගේ ජීවිත විනාශ විය හැක.
 
 වාස්තු, පයිරා වාස්තු හා ෆෙංෂුයි උපදේශක
 රිෂී නානායක්කාර

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල