විශ්වයත් නිවසත් අතර විශ්මිත බැදීමක් තියෙනවා 

views 2018-08-11 11:27:00 hplans_New

මැණියනි අප සියලූ දෙනාම එකට එකතුවන තැන කොතැනද අවසානයේදී?
 
හරිම සරලයි ඒ නිවසයි. නිවස තමයි අපි හැම දෙනාම එකතු වෙන්නේ අන්තිමේටම. එමෙන්ම ආරම්භයේදීත්. අපි විවිධ වූ රාජකාරිවලට විසිර යන්නෙත් නිවසින් ම නේද? එහෙනම් අනිවාර්යයෙන්ම යහපත උදාකර ගතයුත්තේ නිවසින්මයි. මොකද නිවස ඕනෑම කෙනෙකුගේ බලවත් විය යුතුයි. පුරාණයේ සිටම නිවෙස් නිර්මාණය කිරීමේදී පැරැුන්ණන් විශේෂයෙන් ම වැදගත් කරුණක් ලෙස තමන්ගේ ගෘහය පිළිගත්තා.
 
 ඇයි නිවසට මෙතරම් විශේෂත්වයක් ඔබ ලබා දෙන්නේ?
 
 නිවසත් විශ්වයත් අතර තිබෙන්නේ මහා පුදුමාකාර බැ`දීමක්. ඒ දේ පෘථජන මනසට ගෝචර කරගන්නට අපහසුයි. මම කියන්නෑ එය අවබෝධ කරගන්නට බැහැ කියලා නමුත් නිවැරදි මාර්ගෝපදේශනයක් ලබා දුන්නොත් මේ නිවසත් විශ්වයත් අතර තියෙන මහ`ගු බැ`දියාව අවබෝධ කරගැනීමට හැකියාව 
 
 නිරන්තරයෙන් ම ලැබෙනවා.
 
 ඔබ මේ කථාකරන්නේ වාස්තු විද්‍යාත්මක කාරණාද?
 
 හො`ද ප‍්‍රශ්නයක් මම මගේ ජීවිතයේදී කිසිම ගුරුවරයෙක් මූලික වෙලා වාස්තු දෝෂ ගැන අධ්‍යනයක් කරලා නැහැ. එය විද්‍යාත්මක විෂයක් වශයෙන් මම පරිශීලනය කරලා නැහැ කිසිවෙක් මූලික කරගෙන.
 
 එහෙනම් ඔබතුමිය කොහොමද විශ්වයත් නිවසත් අතර තිබෙන්නාවූ සබැ`දියාව විග‍්‍රහකරන්නට බලාපොරොත්තු වෙන්නේ?
 
 මේ ලෝකෙට උප්පත්තිය ලබන සමහරුන් විවිධ කෙෂ්ත‍්‍රයන් හී නිපුණතාවයන් ප‍්‍රදර්ශනය කරන්නේ එහි අකුරක්වත් නොදන්න මානසිකත්වයේ සිටයි. නිසි අධ්‍යාපනයක් නොලබාමයි. නමුත් එවන් වියතුන් ලොවක් මවිත වන්නාවූ මත පළ කරමින් හා විෂයානුබද්ධ වැඩ කරමින් කීර්තියට පත්වෙලා නැද්ද? ඒකට තමයි අප කියන්නේ විශ්වයේ ආශිර්වාදය. පෙර කරන ලද කුසල කර්මය. පූර්ව ජන්මයන් හී සිදුකරන ලද සතතාභ්‍යාසයන්හී විස්මය. මේ ආත්ම භවයටත් අපි රැුගෙන එනවා. එය වළක්වන්නට කිසිවෙකටත් නොහැකියි. මා විශ්වාස කරනවා මා බොහෝ නිවෙස් හී තියෙන දෝෂයන් පෙන්වා දෙන්නේ ඒ ආශිර්වාදයෙන් බව.
 
පුද්ගලයෙක් දැක්කම නිවසක දෝෂ පවසන්නේ කොහොමද ඔබතුමිය?
 
 ඒක තමයි විශ්වයේ රහස් කියන්නේ. මා එය පූර්ව ජන්මයන්ගේ සිට ප‍්‍රගුණ කළ ශක්තියක්. මට විතරක් නෙමෙයි පුරාණ සෘෂිවරුනට මේ ශක්තිය සුවිශේෂි මනෝ භාවයකින් යුතුව පිහිටා තිබුණා. මහා රාවණ නිරි`දුන්ට පුලතිසි සෘෂිවරයාණන්ට එතුමාගේ පුත‍්‍ර විශ‍්‍රාවාසයන් ට ඇතුලූ එම පරපුරේ බොහෝමයකට එම ශක්තිය තිබුණා. අපි එක දෙයක් හො`දට මතක තබා ගතයුතුයි. නිවසක් තනන ස්ථානයකට තිබෙන ඉතිහාසය. අපි හිතන්නේ දේපළ වෙළෙ`දාම් සමාගමකින් හෝ වේවා පෞද්ගලික වශයෙන් කාගෙන් හෝ ලස්සනට පිළිවෙලට තියෙන ඉඩම් මිලදී ගෙන නිවස හැදුවම බොහොම හො`දයි කියලා. නමුත් ඔබ දන්නෑ එම ඉඩම්වල ඉතිහාසය. ඇතැම් විට අවුරුදු පනහක හෝ හැටක හෝ ඉතිහාසයක් තියෙන්න පු`ඵවන් නැත්නම් ඊට වඩා ටිකක් වැඩියෙන් තියෙන්නත් පු`ඵවන්. එතැන මීට කලින් නිවසක් තිබුණද? කව්ද ජීවත් වුණේ? මේ ස්ථානයක් අරභයා මොනවගේ ප‍්‍රශ්නද සිදුවුණේ? ඒ දෙවල් කොහොමද විස`දුනේ? ආදි වශයෙන් විවිධ ගැට`ඵ කාරණා තිබෙන්නට පු`ඵවන්.
 
 එහෙම ගැට`ඵ තිබුණට ඒ කාරණා අතීතයත් සම`ගම ඉවත් වෙනවනම් ගැට`ඵවක් නැහැ නේද?
 
 එය මතු පිටින් දකින කෙනෙකුට එහෙම හිතෙන එක සාධාරණයි. අනිත් දේ තමයි ඔය අතීතය පස්සේ හැමෝම දුවන්නෑ. අවශ්‍යතාවය අනුව නිවස හදනවා ලියකියවිලි පිරිස`ිදුනම්. නමුත් ඇතැම් කාරණාවන් ලේසියෙන් වැළලී යන්නේ නැහැ. වසර සිය ගණන් ඇතැම් භූමි දෝෂයන් එම භූමිය වසාගෙන තිබෙනවා. කෝටි ප‍්‍රකෝටි ගණන් වියදම් කරලා දහසක් බලාපොරොත්තු ර`දවාගෙන නිවසට පදිංචියට එන්න දවසකට කලින් මියගිය පිරිසගේ ගැට`ථ මා සමීපයට පැමිණ තිබෙනවා. එවගේම නිවස නිර්මාණය කරලා කොතරම් අලංකාරව තිබුණත් පදිංචියට යෑමට සිත් නොදී කුලී නිවෙස් වල සිටින පිරිස මම හො`දින්ම දන්නවා. මේ වසර තිස්පහක වෘත්තීය කාලපරාසය තුළ.
 
 එහෙම දේවල් වෙන්නේ ඇයි?
 
 මේ විශ්වයේ සැරිසරන යහපත් බලවේගයනට වඩා අයහපත උදාකරන බලවේගයන් අප‍්‍රමාණයි. ඇතැම් පිරිස ස්වකීය දේපළ වලට අධික තණ්හාවෙන් මිය යෑම මේ
 
 ගැටලූ උත්සන්න වන ප‍්‍රධාන කාරණාවක් වශයෙන් මම නොබියව ප‍්‍රකාශ කරනවා. පරම්පරාගත ඉඩකඩම් කැබලි කර වෙන්දේසි කර විකුණා දැමීමේදී පවා. එම ස්ථානයන්ගේ පැරණි නිවෙස් කඩා බි`ද දැමීම් කොතරම් සිදුවනවාද? භූමියේ පිහිටීම් වෙනස් කරනවාද? තමන්ගේ ¥ දරුවන් පරම්පරාවෙන් එන දේපළ විනාශයට පත්කිරීම් විකීණිම් ආදියට අකැමැති වැඩිහිටි පරපුර මියයන කොට හදිසියේවත් චුති චිත්තය වෙත මේ දේවල් සිහිපත් වූවොත් ක්‍රෝධයක් ඇතිවූවොත් ඔවුනගේ ඊළ`ග ජන්මය යහපත් නොවන්නේමය. පසුව ඔවුන් හැසිරෙන්නේ බොහෝම කෝපකාරීවයි. එම මියයන මුල් පදිංචිකරුවන් කිසිසේත්ම වර්තමානයේ ජීවත් වන්නන්ට හො`දින් විසීමට ඉඩ දෙන්නේ නැහැ.
 
 එම මරණයට පත්වූවන්ට තවත් කෙනෙකුට හානියක් ඇතිකරන්න පු`ඵවන්ද?
 
 අනිවාර්යෙන් ම පු`ඵවන් අපගේ චිත්ත ශක්තිය කර්ම ශක්තිය දුර්වල වන ස්ථානයෙන් මැනවින් දකිමින් කල්යල් බලා අප අපහසුතාවයනට පත්වන අන්දමේ දේවල් මෙන්ම බොහෝම දරුණු ගණයේ සිදුවීම් අප ජීවිත ඇතිකිරීමට විශ්වයේ සැරිසරණ දරුණු අයහපත් බලවේගයන් ට හැකියාව තියෙනවා. නිවසේ රැු`දී ඉන්න අමනුෂ්‍ය බලවේගයන් තමන්ව වැරදී තීරණ ගැනීමට අයතා හැසීරිම් සිදුකිරීමට පවා පොළඹවනවා. ඉන් පවුල් ජීවිත බොහෝමයක් අවුල් වෙනවා මම දැක තිබෙනවා. මෙම කරුණු විශ්වාස නොකරන පිරිස් අප සමාජයේ සිටිනවා නමුත් විශ්වයේ අපට නොපෙනෙන බලශක්තීන් මිනිස් ජීවිත වලට සිදුකරන හානී වචනයෙන් විග‍්‍රහ කිරීමට පවා අපහසුයි. අපි කව්ද බුදු පසේබුදු අරහත් මාර්ග ඵළලාභීන්ට පවා අයහපත් බලවේගයන් විවිධ ගැට`ඵ ඇතිකරන්නට පසුබට නොවන අවස්ථා අප බුද්ධ ධර්මයෙහි පවා ස`දහන් වනවා.
 
 මෙම අයහපත් බලවේගයන්ගෙන් නිවෙස් ආරක්ෂා කරගැනීමට හැකියාව ගැන පැවසුවොත්?
 
 ඊට ප‍්‍රථමයෙන් ජනතාව දැනුවත් කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් බොහොම සතුටින් ඔබ රාජකාරී හමාර වි නිවසට පැමිණෙන විට. නිවසට ගොඩවනවාත් සම`ගම හේතුවක් රහිතව ඔබ කෝපයට පත්වෙනවා නිවසේ සාමාජිකයන්ට බැණ වදිනවා. ඇතැම් වෙලාවට ඔවුන් පහර දෙන්න පවා පෙළඹෙනවා නේද? අනිවාර්යයෙන්ම සිහියේ තබා ගන්න ඒ දේවල් සිදුකරන්න මූලික වන විශ්වයේ සැරිසරන ඔබ ජීවත් වන ස්ථානයට සබ`දතාවයන් පවතින අයහපත් බලවේගයන් ක‍්‍රියාත්මක වනාවාමයි. මොහොතක් සිතා බලන්න පසුව ඔබ කෙතරම් පසුතැවීමකට ලක්වෙනවාද? ඒ අයහපත නිවැරදි කරගැන්මට කෙතරම් අපහසුද? මේ අපි නොහිතන පැතිකඩක් කිසිවෙකුත් විග‍්‍රහ කිරීමට නොපෙළඹෙන මාතෘකාවක්.
 
 ඔබට මේ අන්දමේ ගැටළු වලින් සමන්විත නිවසක් ලැබුණොත් එහි අයහපත දුරු කිරීමේ අභීයෝය භාර 
 
 ගැනීමේ හැකියා තිබෙනවාද?
 
 අනිවාර්යෙන් ම ඔව් ඒ දේ මට සිදුකරන්න පුළුවන් හැකියාව තිබෙනවා. මම ආවට ගියාට අනාවැකි පළ කරන්නෙත් නැහැ. වැඩ කටයුතු භාර ගන්නේත් නැහැ.
 
 මට බැරිනම් දෙයක් සිදු කරන්න මම නොපසුබටව එය ප‍්‍රකාශ නොකර ඉන්නෙත් නැහැ. මේ මාතෘකාව ආරම්භයේදීම මම පැවසුවා නිවස කියන්නේ අපේ හැමදේම තමයි පංචමහා භූත රූප වලින් සැදි මේ ලොකයේ බොහෝ දේවල් වලට අයහපත් බලපෑම් ඇතිවීම වළක්වා ගැනීම ඉතාමත් අපහසුයි. එනිසාවෙන් ම ඔබේ නිවස ආරක්ෂා කරගැනීම ඔබ සතු වගකීමයි. ලේ විලක් වී දේපළ ආරවුල් උඩුදුවන විදිය ඔබ දැක ඇත. අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඥාති මිතුරන් අසල්වාසීන් කියා මෙම තෘෂ්ණාව ඇතිවූ විට තැකීමක් නොමැත. මේ අයහපත වර්දනය කරමින් ඉන් තෘප්තියට පත්වන මළගියවුන් ඔබේ නොසැලකිල්ලෙන් පෝෂණය නොකරන්න. එය ඔබට භාරයි.


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල