රැකියාවත් අහිමි කරන වාස්‌තු දොෂ

views 2018-02-12 11:22:00 hplans_New

ඔබ කොතරම් ඉගෙන ගෙන තිබුණත් කොතරම් උගත්වුණත් තමන්ගේ සුදුසුකම්වලට සරිලන රැකියාවක්‌ ලැබුණේ නැත්aනම් ජීවිත කාලයම ඔබට රැකියාව කටුඔටුන්නක්‌ වනවාට සැකයක්‌ නැත. ඇත්තටම හැකියාවට රැකියාවක්‌ ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද? එසේම සමහර කෙනෙකුට තමන්ගේ සුදුසුකම්වලට සරිලන රැකියාවක්‌ ලැබුණද එම රැකියාවෙන් ඉහළට යන්නට අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැහැ. කුමන හෝ හේතුවක්‌ කියා රැකියාවේ දියුණුව ඇන හිටින්නට පුළුවනි. මෙය පරිපාලනමය හේතු හෝ දේශපාලනමය හේතුද විය හැකියි. එසේම තමන්ට කුමන රැකියාව ලැබුණද තමන්ගේ රැකියාව තමන්ට කිසිම සතුටක්‌ ගෙන නොදෙන වධයක්‌ වන්නටද ඉඩ තිබෙනවා. තමන් කොපමණ මහන්සි වී වැඩ කළද කිසිවකුගේ හොඳක්‌ අසන්නට පවා ලැබෙන්නේ නැහැ. මේ මෙම කතාවේ එක පැත්තක්‌. මෙම කතාවේම තවත් පැත්තක්‌ තිබෙනවා. එනම් සමහරුන්ට තමන්ගේ අධ්‍යාපන සුදුසුකම්වලට සහ උගත්කමටත් වඩා ඉහළ රැකියා ලැබෙනවා. සුළු තනතුරකට ඇතුළු වී ටික දිනකින් රැකියාවේ ඉහළ තත්ත්වයක්‌ ලැබෙනවා. රැකියා ස්‌ථානය ඉතාමත් ප්‍රියමනාප ස්‌ථානයක්‌ වනවා මෙන්ම ඔහුගේ රැකියාවේ තරාතිරම කුමක්‌ වුවත් සෑම කෙනෙකුගේම ගරුත්වය සහ සැළකිල්ල නොඅඩුව ලැබෙනවා. රැකියාව තමන්ගේ විනෝදාංශයක්‌ ලෙස ඉතා සතුටින් ඉටු කරනවා. ආණ්‌ඩුවෙන් සහ ජනතාවගේ ප්‍රශංසාව නොඅඩුව ලැබෙනවා. මේ ආකාරයට රැකියාව සම්බන්ධව සමාජයේ විවිධ පුද්ගලයන්හට තමන්ගේ රැකියාව බලපානු ලබන ආකාරයන් දෙකක්‌ පිළිබඳව විමසා බැලිය හැකියි. මෙම කරුණු කාරණා අනුව රැකියාව සම්බන්ධයෙන් ඔබ සිටින්නේ කුමන පැත්තේද කියා ඔබම ඉතා තැන්පත්ව සහ නිහතමානීව ටිකක්‌ සිතා බලන්න. කෙනෙකුට තමන්ගේ රැකියාව කටුඔටුන්නක්‌ වීමටත්, කෙනෙකුට තමන්ගේ රැකියාව රජ ඔටුන්නක්‌ වීමටත් බලපාන කරුණු මොනවාද යන්න පිළිබඳව වාස්‌තු ශිල්පයට අනුකූලව විමසා බැලීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වේ.
 
 රැකියාව යනු පුද්ගලයකුගේ ජීවිතයේ වටිනාකම තීරණය කරනු ලබන එක්‌ වැදගත් අවස්‌ථාවක්‌ ලෙස අවිවාදයෙන්ම පිළිගැනීමට සිදු වෙනවා. ඒ අනුව යම් පුද්ගලයෙකුට ලැබෙන රැකියාව හා එහි ප්‍රායෝගික පැතිකඩ තමන්ගේ දියුණුව හෝ කඩා වැටීම කෙරෙහි විවිධ කරුණු බලපෑම් කළ හැකි අතර එය පහත පරිදි සාරාංශ කළ හැකිය.
 
 1. පුද්ගලයාගේ දක්‍ෂතාවය හා හැකියාව
 
 2. ධනය, බලය හා පවුල් පසුබිම
 
 3. පුද්ගලයා සතු පෞරුෂත්වය
 
 4. පුද්ගලයෙකුගේ පුරුදු සහ හැසිරීම
 
 5. පෙර කුසල් අකුසල් අනුව ලැබී ඇති ශක්‌තිය
 
 6. ඔහු ජීවත්වන නිවසේ වාස්‌තු සිද්ධාන්තවල එකඟතාව
 
 මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කරනු ලබන්නේ පුද්ගලයෙකුගේ රැකියාවේ දියුණුව උදෙසා ඔහු ජීවත්වන නිවසේ ඇතිවන වාස්‌තු ශිල්පීය බලපෑම් වල තරම කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමයි. මෙහිදී පුද්ගලයා ජීවත්වන ගෘහ පරිශ්‍රයේ වාස්‌තු සිද්ධාන්ත එකඟ වී නියමාකාරයෙන් ඉදිවී ඇත්නම් ඔබගේ රැකියාවට ගෘහයෙන් ලැබෙන්නේ යහපත් ශක්‌තීන් වන අතර ගෘහයේ වාස්‌තු දෝෂ බහුල වී ඇත්නම් ඔහුගේ රැකියාවට ඒ තුළින් අයහපත් ශක්‌තීන් උද්දීපනය වනු ඇත. විශේෂයෙන් රැකීරක්‍ෂා කටයුතු සම්බන්ධව නිවසේ ඉතාමත් සක්‍රීයව බලපානු ලබන වාස්‌තු දෝෂ මොනවාද යන්න පිළිබඳව හඳුනා ගනිමු.
 
 1. නිවසේ ගෘහ පිණ්‌ඩය ජන්ම වීම තුළින් ගෘහ හිමියාගේ රැකීරක්‍ෂා කටයුතුවලට නිතර නිතර බාධා ඇතිවීම නොවැළැක්‌විය හැකියි.
 
 2. ගෘහ හිමියාට නිතර බ්‍රහ්ම පාදය පෑගීම කරන කොටගෙනද බාහිර සාමාජය සමග නිතර ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වීම තුළ රැකියාවන්ට අයහපත් ප්‍රතිඵල ගෙනදෙනු ලබයි. එසේම මේ නිසා අපහාස සහ නින්දා ද බහුල විය හැක.
 
 3. නිවසේ ඇත්තේ පහත සඳහන් දොර සටහන් නම් රැකියාවේ ගැටලු මතුවිය හැකියි.
 
 උතුරු - බටහිර - නාශ
 
 උතුරු - දුර්මුඛ
 
 උතුරු - නැගෙනහිර - උග්‍ර
 
 උතුර - නැගෙනහිර - බටහිර - ආක්‍රාන්ධ
 
 නැගෙනහිර - දකුණ - නන්ද
 
 4. නිවසේ නපුංශක ගණයට අයත්වන Dරැඋ (ඩෝ / වින්ඩෝ) යොදා තිබීම දෝෂයකි. මෙවැනි ජනේල වලින් එහා මෙහා යැම ඉතාමත් අයහපත් වන අතර තමන්ගේ කීර්තිය විනාශ වීමට මෙම Dරැඋ ජනේල, උළුවහු බලපානු ලැබේ.
 
 5. ගෘහ හිමියා ගිනිකොන දිශාවේ කාමරවල කල් ගෙවීම සහ පඩිපෙළ යටින් ප්‍රවේශය යෙදා අන් කාමර වල වාසය කිරීම.
 
 6. නිවස ස්‌ථම්භ වේද, රුදි වේද, මාර්ග වේද, කූප වේද වැනි වේද දෝෂවලට ලක්‌ වී තිබීම.
 
 7. වහලයේ ගෘහ හිමියාගේ උසට වඩා දිගින් අඩු යට ලී මූට්‌ටු යොදා තිබීම සහ සොහොන් පරාල, කැණිමඬල සහ අම්බලන් වහල යෙදී තිබීම.
 
 8. වහලේ වතුර බැස්‌ම නිරිත දිශාවට යෙදී තිබීම
 
 9. නිවසේ අශ්ව ලාඩම් හා විනාශම් ලකුණ තිබීම මෙන්ම Rණාත්මක සිතිවිලි උද්දීපනය වන විවිධ පිළිම, පින්තූර හා හැඩතල බහුලවීම සහ කළුපාට වර්ණය නිවසේ බහුල වීම.
 
 10. නිවස ආගමික වේද දෝෂවලට ලක්‌ වීම තිබීම සහ විවිධ භූමිගත භූමි ඥාතීන්ගේ අයහපත් බලපෑම් එල්ල වී තිබීම.
 
 ඉහත සඳහන් කළ ආකාරයේ වාස්‌තු දෝෂයන් කිහිපයක්‌ එකවර බලවත් වීම නිසා නිවසේ වාසය කරන්නන් ගේ රැකී රක්‍ෂා සහ වෘත්තීය කටයුතු කෙරෙහි අයහපත් බලපෑම් එල්ලවීමට ඇති ඉඩකඩ බහුල බව මා විසින් සිදුකළ නිවාස පරීක්‍ෂාවලදී ද තහවුරු වී තිබෙනවා. ඉහතින් සඳහන් කළ පරිදි ඔබගේ නිවසේද වාස්‌තු දෝෂ බලවත් වන්නේ නම්, ඔබගේ ගෘහයේ ආදායම් මාර්ග අවහිර වී රැකීරක්‍ෂා කටයුතු අඩාල වීමේ අවදානමක්‌ පවතිනව බව පෙන්වා දිය යුතුයි. ගෘහයේ වාස්‌තු දෝෂ නිසැකවම වෘත්තියට බලපාන ලබන බව වාස්‌තු විද්‍යාවේ බලවත්ව දක්‌වා තිබෙනවා. මේ නිසා තමයි පෙර රජ දවස වාස්‌තු ශිල්පය පරිදි රජවරුන්ගේ මාළිගා සිටුවරුන්ගේ මාළිගා ඇමැතිවරුන්ගේ මන්දිර, යුද සේනාධිපති මන්දිර, යුවරාජ මාළිගා, ආරක්‍ෂක ගෘහයන්, නිලධාරි ගෘහයන්, ශිල්ප අනුව ගෘහයන්a ලෙස වෘත්තීය පදනම් කොටගෙන එම පුද්ගලයාගේ සේවය පදනම් කරගෙන එම එක්‌ එක්‌ කොටසට ගැළපෙන ලෙස වාස්‌තු සිද්ධාන්ත අනුව දිග, පළල, උස රියන් ප්‍රමණය, බිත්තිවල ඝනකම, දොරටු තිබිය යුතු දිශාව ඉදිකිරීමට යොදාගත යුතු අමුද්‍රව්‍ය ආදී වශයෙන් වෙන වෙනම වාස්‌තු උපදෙස්‌ ලබාදී තිබුණේ මේ නිසාය. අපට නිසැකවම පැහැදිලි වෙනවා කෙනකුගේ රැකියාව හෝ වෘත්තීය දියුණුව සහ අනාගත පැවැත්ම උදෙසා එම පුද්ගලයාගේ ගෘහයේ වාස්‌තු සිද්ධාන්තවල එකඟ වීම Rජුවම බලපාන බව.
 
 රැකියාව කෙරෙහි අයහපත් ලෙස බලපෑ හැකි ඉහතින් පෙන්වා දුන් වාස්‌තු දෝෂ හැකිතාක්‌ අවම කර ගැනීමට උත්සාහ ගත යුතු අතර ඔබගේ වෘත්තීය දියුණුව රැකියා සාර්ථකත්වය සඳහා පහත සඳහන් ප්‍රධාන වාස්‌තු ශිල්පීය මූලධර්මයන්ට මුල්තැන දීමට වගබලාගත යුතුයි.
 
 1. නිවසේ ගෘහ පිණ්‌ඩය, සම්පත්, පරම මෛත්‍රී, මෛත්‍රී, සාධක, ක්‍ෂේම නැකතකට බලගන්වා ගන්න.
 
 2. නිවසේ බ්‍රහ්ම පාදය නිසි ලෙස හඳුනාගෙන ගෘහ ඹිsමියාගේ ජන්ම නැකතට අනුව එය සක්‍රීය කරගන්න.
 
 3. නිවසට පහත සඳහන් ද්වාර සටහන් එක්‌කර ගන්න.
 
 උතුර, දකුණ, බටහිර - විපුල
 
 උතුර, දකුණ, නැගෙනහිර, බටහිර - විජය
 
 බටහිර, දකුණ, නැගෙනහිර - සුමුඛ
 
 උතුර, නැගෙනහිර, දකුණ - ධනද
 
 4. නිවසට Dරැඋ යෙදීම නොකළ යුතු අතර එසේ යොදන්නේ නම් දොර ලෙස භාවිත කරන කොටසේ පියන් ඇතුළට විවෘත වන ලෙස සකස්‌ කළ යුතු අතර ජනේල කොටස්‌වලින් එහා මෙහා නොයා යුතුයි.
 
 5. ගෘහ හිමියා ගිනිකොන, ඊශාන දිශාවල ඇති කාමර භාවිත නොකළ යුතුය.
 
 6. වේද දෝෂ හැකිතාක්‌ ඉවත් කර ගැනීමට උනන්දු වන්න.
 
 7. දෝෂ සහිත වහළවල් ඇත්නම් ඒවායේ දෝෂයන් ඉවත්කොට වහලය ගෘහ හිමියාගේ ජන්ම නැකතකට ගැළපෙන දැව ඇණ යොදා සක්‍රීය කිරීම කළ යුතුයි.
 
 8. වහළයේ වතුර බැස්‌ම නිරිත දිශාව හැර අනෙක්‌ ඕනෑම දිශාවකට බැස්‌ස වීම සුදුසුයි.
 
 9. ඇත් රූපය, හස්‌ති රූපය, පුන්කලස, ස්‌වස්‌ථිකය, පිරමීඩ වැනි ධනාත්මක සිතිවිලි උද්දීපනයට අවශ්‍ය දෑ තැබීම.
 
 10. නිසිලෙස ආගමික වතාවත් ඉටු කිරීම සහ නිතර පිරිත් ස-Cධායනා කිරීම මෙන්ම නිවස පිරිසිදු කොට සුවඳ දුම් ඇල්ලීම මෙන්ම වාස්‌තු පූජාවන් පැවැත්වීම.
 
 ඉහතින් පෙන්වා දුන් ආකාරයට ඔබත් ඔබගේ ගෘහයේ වාස්‌තු බලවත්කොට ඔබගේ රැකී රක්‍ෂාවන් සහ ව්‍යාපාර දියුණුව දිනෙන් දින ලබාගෙන වාස්‌තු ශිල්පයේ අභිමතාර්ථය වන ධර්ම, අර්ථ, කාම යන ත්‍රිÊවර්ග සම්පත් ලැබීමට ඔබ සැමට වාසනාව උදාවේවා·
 


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල