වාස්තු බලා ගෙයක් හදන්නයි හැදූ ගෙයින් කිරි ඉතිරෙන්නයි

views 2017-10-04 10:59:00 hplans_New

"වාස්තු විද්‍යාවේ අක්මුල් සෙවීමේදී සෘෂිවරුන් තෙවැනි ඇසින් දුටු දර්ශනය ලොවට හඳුන්වා දී ඇති ක්‍රමවේදය පිළිබඳ සිතා බැලීමේදී එය අතිශයින්ම විස්මිත කරුණකි. සෘෂි භාෂිතය හරහා නිවෙසක් ඉදිකිරීමේදී කාල ත්‍රිත්වයම (තුන්කල්ම) දුටු බැව් පසක් වේ. ගල් යුගයේ සිටම ක්‍රම ක්‍රමයෙන් ජනයා හුරු පුරුදුවීමට අත් පොත් තබන්නට ඇත්තේ සොබාදහමට එකඟවය.

දැව හා මැටි සංකල්පය මත ඉදි කරගත් පැරැණි නිවාස තුළ ජීවත් වීමේදී ශරීර සෞඛ්‍යය, මානසික හා කායික සුවය අර්ථ සංරක්ෂණය ජීවිතයේ සරල හා සැහැල්ලු බව මෙන්ම සාමූහික ජීවන රටාවකට අනුගතව සිටි බවට කොතෙකුත් සාධක තිබේ. වසර දහස් ගණනක සිට අද වනතෙක්ම වාස්තු විද්‍යාව නොකැඩී නොබිඳී පැවැතීමට මූලික හේතුව එහි ඇති ගුණාත්මක හා නිවැරැදිභාවයන් නිසාය.

පැරැණි දළදා මාලිගාව, කතරගම දේවාලය මෙන්ම දැවයෙන් හා මැටියෙන් නිර්මාණය වූ අතර ඇම්බැක්කේ දෙවොල මෙන්ම පනාපිටියේ අම්බලමත් මඩුවන්ගල දිසාව වලව්වත් අපූර්වතම සාධකයන්ය. ඒවායේ අන්තර්ගත වී ඇති වාස්තුව දේශයේ මහා සම්පත්ය.

නාගරිකව වුවත් එදා අක්කර ගණනින් ඉඩකඩම් අත්පත්ව සිටි ජනයාට අද වන විට පර්චස් 3කට අයිතියක් පමණක් ඇත. මායිම් වැටේ සිට අලි දෙන්නෙක් දකින්නට නිවෙසේ අත්තිවාරමේ සිට හැකිවන අයුරින් ඉඩකඩ තිබුණද වත්මන්හි අල්ලපු වැට මායිම් තාප්පය තම නිවසේ එක් බිත්තියකට අෑ¼දා ගනු ලබන තැනට පත්වී තිබේ.

කලින් කල විශාල ලෙස පරිසරය පවා වෙනස් වීම සොබාදහමට නිතැතින්ම එකඟ කරුණකි. එහෙත් කුඩා බිම් කොටසක් ගෙන එතුළ නිවෙසක් ගොඩනැඟීමට අදහස් කරන්නේ නම් ඔබ පළමුවෙන්ම කළ යුතු වැදගත් කාර්ය රැසක්ම තිබේ.

පළමුවෙන්ම බුදුන්වහන්සේ දේශනා කළ පරිදි ජීවත්වීම උදෙසා සුදුසු ප්‍රදේශයක් සොයා ගැනීම කස්තුරි සොයනවාටත් වැඩිය අමාරු කාර්යයකි. සියලුම දේවල් සම්පූර්ණ කර ඉඩම් කොටසක් සොයනවාට වඩා මානසිකව සතුටින් සිටීමට සුදුසු පරිසර රටාවක් අයිති කරගැනීම විශාල වාසනාවක් බව පැහැදිලිය. එයත් කළ හැකි වන්නේ අතමිට සරු කෙනකුටය.

සුදුසු ඉඩමක් යනුවෙන් අදහස් කරනුයේ නිවෙසක් ඉදි කරගැනීමට අවශ්‍ය පරිසර රටාව මෙන්ම පොළොවේ පිහිටීමය.

ඕනෑම හැඩයක් ඇති ඉඩමක නිවෙසක් ගොඩනැඟීමට සකස් කරගැනීමට හැකි වන්නේ ප්‍රායෝගිකව ක්‍රියා කිරීමෙනි.

තැනිතලා, සමතලා හරි හතරැස් ඉඩම් සොයා ගැනීමට ඉතාම දුෂ්කර කටයුත්තකි. දකුණු ප්‍රදේශය, බස්නාහිර ප්‍රදේශය සහ රජරට කලාපයන් හැර මාතලේ, රත්නපුරය, මධ්‍යම කඳුකරයත් මහනුවර, කොත්මලේ-ඔහිය, පට්ටිපොළ, නුවරඑළිය සහ හැටන් ආදී ප්‍රදේශවල විශාල ලෙස කඳු පැතිර පවතී.

වාස්තුවේදී උතුරට වැසි ජලය ගලා බසින්නේ නම් වඩාත් සුබ යැයි සඳහන්ව ඇතත් මෙවැනි ප්‍රදේශ තුළ පිහිටි ස්වභාවික ඉඩම්වල වැසි ජලය ගලා බසින්නේ සතර පැත්තටම හෝ දකුණ බස්නාහිර වැනි පැතිවලටය. අප සිතන, පතන අයුරින් ජලය උතුරටම ගලා බැස යන ඉඩමක් සොයන්නේ කෙසේද? කළ යුත්තේ තමන් සතු ඉඩමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සැලසුම් කරගැනීම පමණි. කළමනාකරණය වැදගත් වේ.

සමහර නිවාසවල සැලසුම් (ප්ලෑන්) නිසි ප්‍රමිතියකින් තොරව ඇඳ ඇති අතර සමහර නිවාස සැලසුමකින් බැහැරව තමාට සිතුණ සිතුණ පරිද්දෙන් ගොඩනඟා ගෙන ඇත.

ඊසාන දිශාවට මුළුතැන්ගෙය, ගිනිකොන දිසාවේ නිදන කාමර, දකුණු පැත්තේ ළිඳ, උතුර සහ නැඟෙනහිර දිසාවන්හි අපද්‍රව්‍ය එක්වන වළවල්, නිවසේ මධ්‍ය ලක්ෂ්‍යයේ බ්‍රහ්මපාදය අවහිරවීම (ඛ්ඥදබඥප ටධධබ නධඪදබ) නිවෙසේ අත්තිවාරම මධ්‍යයේ සිහින් හා පාළු වීම. වැසි ජලය එකතුවන මැද කොටස සමතලා බිමට වඩා වැඩි ඉහළ තලයක මුළුතැන්ගෙය තැබීම, වහල විකෘතිව ගසා තිබීම, ඇතුළු දෝෂ අතිවිශාල සංඛ්‍යාවක් හිමිව තිබෙන දැවැන්ත නිවාස ගොඩනඟා ඇත්තේ ලක්ෂ නොව කෝටි ගණනක් වැය කරගෙනය.

විශාල ලෙසද මුදල් වැය කර තිබෙන අති සුඛෝපභෝගී මෙකී දැවැන්ත නිවාස තුළ ඇති වාස්තු දෝෂ ඉවත් කිරීමද එතරම් සැහැල්ලු ලේසි පහසු ක්‍රමයක්ද නොවේ. කැඩීම් බිඳීම්වලින් තොරව එකී නිවාස ඇතුළත මනා පරීක්ෂාවකින් පසුව යථා තත්ත්වයට පත් කිරීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවේ.

ඉතාම ලස්සනට ගොඩනඟා ගත් නිවෙසක් ඇතුළත කැඩීම් බිඳීම්වලට කැමැති වන කිසිම ගෘහණියක් නැත.

කඩා බිඳ නොදමා මුළුතැන්ගෙයි ආම්පන්න දිසානුගත කරගැනීමෙන් යථා තත්ත්වයට පත් කරගැනීමේ වාස්තුවක් තිබේ. එයට ප්‍රායෝගික දැනුම තිබිය යුතුය.

පැරැණි කාලයේ සාදා තිබූ නිවාස සැලසුම්වලට වඩා අද වන විට විවිධ හැඩතල රිද්ම රටාවන්ට ගැළපෙන අයුරින් නිවාස සැලසුම් කර ඇති බැව් ප්‍රසිද්ධ කරුණකි. ලොව සියල්ල වෙනස් වන බවට පැවැසෙන ධර්මතාව පරිදි නිවාසයන්ද කාලයෙන් කාලයට වෙනස් වෙනස් මුහුණුවරක් ගනු ඇත.

නමුත් අපට ඕනෑ ඕනෑ අන්දමට වාස්තු මූලාශි්‍රත පදනම වෙනස් කරන්නට යෑමෙන් නිවාස හිමියන් කායිකව හා මානසිකව ඇද වැටේ.

වාස්තු විද්‍යාව යනු තුන් මසක පාඨමාලාවක් වැනි දේකින් අවසන් කළ නොහැකි ගැඹුරු විෂයකි. ජීවිත කාලය පුරාම ඉගෙන ගත යුත්තකි. මහා සාගරයක් බඳු ජේ‍යාතිෂ විද්‍යාව මෙන්ම වාස්තු විද්‍යාවද එසේමය.

ඉඩම් හිමියාත්, සැලසුම් ශිල්පියාත්, වාස්තුවේදියාත්, පෙදරේරු ශිල්පියා මෙන්ම වඩු කාර්මික ශිල්පියාත් එක්ව සහයෝගි නොවුණ තැන නිවැරැදි වාස්තු දෝෂ නැති නිවෙසක් ඉදි නොවේ.

නිවෙසක් පරීක්ෂා කර බලා එම නිවෙසේ වාසය කිරීම අශුභයක් යැයි යමෙක් පැවසුවහොත් නිවාස හිමියන්ට අත්වන මානසික පීඩනය කොතෙක් විය හැකිද?. අද හදන ගෙවල් හෙට වන විට විකුණා ගැනීමට පුවත්පත් දැන්වීම් හා අන්තර්ජාලය වෙන් කරගන්නේ ඇයි?. මේ ප්‍රශ්නයට ඇත්තටම උත්තරයක් නැද්ද?. විමර්ශනාත්මකව ගැඹුරින් බලන්නේ නම් කාරණය පැහැදිලි වනු ඇත.

අපේ පැරැණි සීයලා ආච්චිලා ගෙයක් සාදා අවුරුදු හැත්තෑව, අසූව, අනූව සමහරවිට වසර සියයකටත් එහා ඒ ගෙයි යහතින් රුධිර පීඩනය, මේදය, කොලෙස්ටරෝල්, සීනි, හදවත් රෝග මෙන්ම සොයාගන්නට බැරි රෝග නොසැදී ජීවත්වීමේ රහස කුමක්ද?

නිවාස තුළ සිටින්නේ ඇවිදින සංචාරක රෝහල් සහ ෆාමසි පමණකැයි කෙනෙක් පවසන්නේ නම් එයද නිවැරැදිය.
මුලින් තමාගේ ඉඩමට ඊසාන දිශාවෙන් ඇතුළුවී පස් දෝතක් ගෙන ආගම සිහිකර දෙවියන්ට පින්දී, භූමි ආරක්ෂක දෙවියන්ද සිහිකර පින් අනුමෝදන් කර ඉඩමේ සිට මිය ගිය අයටද පින් අනුමෝදන් කර එම පස් දෝත සුදු රෙදි කෑල්ලක ඔතා පවිත්‍ර වූ ගලා බසින ඔයකට හෝ ගංගාවකට බැතිබරව ප්‍රදානය කර නිවෙසේ වැඩ අරඹන්නේ නම් කිසිසේත් වරදින්නේම නැත.

මත්පැන් බෝතලයක් සහ ඒවාට කටගැස්මද ගෙන ඉඩමට පාත්වන්නේ නම් වැඩේ හරියයිද? මීවදයක්, කුඹල්ගෙයක්, වඩු කුරුලු ගෙයක් සහ දැවැන්ත හුඹස් ආදිය මේ වාස්තු විද්‍යා පන්ති ගොස්ද සතුන් ඔවුන්ගේ නිවාස ඉදි කරගන්නේ. කිසිම කතාවක් නැතිව සහයෝගයෙන් යුතුවය. ගොට්ටක් එකට අලවන්නට දිමියෝ කොළ දෙකක දෙපැත්තේ 21 දෙනා බැගින් දිමියන් 42ක් යුහුසුලුව ගසේ කොළයක ගොටු ගසති. ඒ ඔවුන්ගේ නිවාසය.

ගේ කුරුල්ලාගේ අඹු කිරිල්ලි බිත්තර දමන්න ගිය වෙලාවේ වැඩිපුරම මිය යන නිසා ඇගේ අවසන් කටයුතු තමා විසින්ම අවසන් කර නිවාසීය  මුට්ටිය අත්හැර ගොස් නොකා නොබී සිට මිය යන බව ඔබ නොදන්නේද?. ඒවා සත්ත්ව ලෝකයේ නිවාස පිළිබඳ සංවේදී පුවත්ය.

ආචාර්ය ඊ.ඩබ්ලියු. අධිකාරම් තුමාගේ සත්ත්ව වතගොත කුඩා පොත් පිංච කියවන්න. මීයන් තමාගේ කාරයේ පැටව් ගැසූ විටදී උන් එයින් ඉවත් වනතුරුම වාහන පාවිච්චි නොකරන ලද උදාර ශේ‍ර්ෂ්ඨ උතුමෙකි.
වාස්තු විද්‍යාව යනු ඔබේ හදවත බඳුය. කිමද ඔබ ජීවත්වන නිවෙසද ඔබේ හදවත බඳු හෙයිනි.

sithmalyaya.com



​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල