දරු උපත් සඳහා වාස්‌තු දෝෂ බලපාන හැටි

views 2017-06-18 10:39:00 hplans_New

පින්වත් දරුවෙකු තම පවුලට එකතුකර ගැනීම සෑම දෙමවුපියෙකුගේම සිsහිනයක්‌ බව අමුතුවෙන් කිව යුතු නොවේ. තම පවුලට එකතුවන අලුත් සාමාජිකයා තම පවුලට වාසනාව ගෙනඑන සිහින දූතයෙක්‌a ලෙස පිළිගැනීමට සෑම මවක්‌ම සහ පියෙක්‌ම ඇඟිලි ගනිමින් සිටින බව ඔබ දනී. අලුත් කැදැල්ලකට සතුට සොම්නස හා වාසනාව ගෙන එන කුමරු හෝ කුමරිය තමන්ගේ එකම බලාපොරොත්තුව වේ. එසේ වුවද මෙම අහිංසක බලාපොරොත්තු අඳුරු වන අවස්‌ථාවන්ද සමාජය තුළ අප බෙහෝ විට දැක තිබෙනවා. විශේෂයෙන්ම දරුඵල අහිමිවීම නිසාද තමන්ගේ සියලු බලපොරොත්තු විනාශ වී ගොස්‌ දුක්‌විඳින අනන්තවත් මවුවරුන් හා පියවරුන් දැක තිබෙනවා. පවුලක්‌ පරිපූර්ණ වීමට නම්, එම පවුලට දරුවන් එකතු විය යුතුයි. පවුලක්‌ පමණක්‌ නොවේ රටක්‌ ජාතියක්‌ වශයෙන්ද අප යාවත්කාලීන වන්නේ එවිටයි. මීට හොඳම උදාහරණය වන්නේ, සාරාසංඛ්‍යය කල්ප ලක්‍ෂයක්‌ මේ සංසාරේ පෙරුම් පුරා බුදුබව ලද ආත්ම භාවයේ පවා අපේ බෝධිසත්ව සිදුහත් කුමරා පින්වත් පුත් රුවනක්‌ ලෝකයට දායාද කිරීමයි. ඒ තුළින් බෝසත් චරිතය තුළ මිනිසාට ලබා දී ඇති ගැඹුරු ආදර්ශය සුළුපටු නොවේ. ඔබට දරුඵල ලැබීමට වාසනාව තිබුණත් සමහර අවස්‌ථාවල එම වාසනාවම තමන්ගේ ජීවිතයට අවාසනාව ළඟාකර සෝ සුසුම් විඳීමට සිදු වන්නේ විවිධ අබල දුබල තත්ත්වයන්ගෙන් හා මන්ද මානසිකත්වයෙන් හෙබි දරුවන් තමන්ගේ කැදැල්ලට එක්‌ වීමයි. මෙවැනි දෑ සිදුවීම කෙරෙහි සාධක ගණනාවක්‌ බලපාන බව අපි දනිමු. එසේ වුවද එහි වාස්‌තු විද්‍යාත්මක පැතිකඩක්‌ ඇති බව දන්නේ කීයෙන් කී දෙනාද? මෙම ලිපියේ මූලික අරමුණ වන්නේ, අංගවිකල සහ මන්ද මානසිකත්වයෙන් යුතු දරුවන් පවුලට එකතු වීම කෙරෙහි ඔබගේ නිවසේ වාස්‌තු දෝෂ ඔබ වෙත කරනු ලබන බලපෑමේ තරම පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි.

පවුලකට එවැනි දරුවෙකු එකතු වීම විශාල බරක්‌ සහ විශාල පීඩනයක්‌ වෙනවා මෙන්ම එම දරුවාටද එය පීඩාවකි. මෙවැනි තත්ත්වයන් පිළිබඳව හේතුවන කරුණු කාරණා ගණනාවකි.

1. ජාන විද්‍යාත්මක සාධක

2. පාරිසරික හා සමාජ වටපිටාව

3. ආහාර පුරුදු සහ රටාවන්

4. වැරැදි පුරුදු සහ අවිවේකී වෘත්තීන්

5. ගෘහයේ වාස්‌තු දෝෂයන් බලවත් වීම

6. දරුවාගේ සහ දෙමවුපියන්ගේ අකුසල් බලවත් වී සංසාරික පුරුදු

විශේෂයෙන් පිරිපුන් නොවූ දරුවන් බිහිවීම සඳහා කරුණු කාරණා ගණනාවක්‌ හේතුවන බව ඔබට වැටහෙනු ඇත. ඉහත සියලු කරුණු කාරණා එකතු වීමට බලපාන මූලිකම මූල බීජය නැත්නම් ඵලය සඳහා හේතුව වන්නේ සංසාරික අකුසල් බව කිව යුතුමයි. එම සංසාරික අකුසල් බලවත් වීමට අනෙකුත් කරුණු ඇතිවීම කෙරෙහි හේතු කාරණා පිළියෙල කිරීමට සමත් වනු ඇත. කර්ම ශක්‌තීන් පිළිබඳව වටහා ගැනීමට මනුෂ්‍යයන් වන අපට නොහැකි බැවින් අපගේ ඉන්ද්‍රියන්ට ගෝචර වන අනෙකුත් සාධක හැකිතාක්‌ සදොස්‌ කර ගැනීමට උත්සහ කිරීම සිදුකළ යුතුයි. මෙහිදී විශේෂ අවධානය යොමු කරනු ලබන්නේ, එවැනි තත්ත්වයන් උදෙසා ඉවහල් වන වාස්‌තු දෝෂයන් මොනවාද යන්න පිළිබඳව ඔබට හදුන්වා දීමටයි.

* නිවසක වැඩිපුර අන්ධ බිත්ති යෙදී තිබීම කිසිසේත්ම සුදුසු නොවේ. හැකිතාක්‌ ඔබගේ නිවසට ආලෝකය සහ වාතාශ්‍රය බහුල වන ලෙස නිවාස සැලැස්‌ම පිළියෙල කරගන්න. (උතුරු දිශාවේ සහ නැගෙනහිර දිශාවේ මෙන්ම ඊසාන දිශාවේ අන්ධ බිත්ති නොයදන්න)

* නිවසේ විශ්ව ශක්‌තිය එන ඊසාන දිශාව කිසිම විටක නිවසින් එළියට පැන්න වීම නොකළ යුතුයි.

* නිවසේ නිරිත දිශාව කිසිම විටක අඩු කිරීම නොකළ යුතුයි.

* නිවසේ බ්‍රහ්ම පාදය නිවැරැදිව නිශ්චිතව හඳුනාගෙන එය විධිමත් පරිදි ආරක්‍ෂා කරන්න.

* නිවාස සෑදිමේදී වාස්‌තු සිද්ධාන්තවලට අනුකූලව පෙන්වා දී ඇති ආධ්‍යාත්මික වතාවත් ඉෂ්ඨ සිද්ධකොට භූමියේ දෝෂ ඉවත්කොට ගෘහය සෑදීම ආරම්භ කරන්න.

* භූමියේ සිටින භූමි ඥාතීන්ගෙන් ආශිර්වාදය සහ අවසරය ලබාගෙන ඔවුන්ගේ බලය හැකිතාක්‌ අවම කොට ගෘහ හිමියාගේ බලය වැඩිකොට නිවාස සෑදීම ආරම්භ කළ යුතුයි.

* දරුවන් සෑදීමට අපේක්‍ෂාවෙන් සිටින නිවාසවල කිසිම විටක හිස්‌ භාජන තැබීම නොකළ යුතු අතර විශේෂයෙන් විශාල මැටි පෝච්චි හා කළ ඇත්නම් ඒවාට මුහුදු වැලි හා සිප්පිකටු ස්‌වල්පයක්‌ එක්‌කොට තබන්න.

* මුල්ගල තැබීමේ දී ඊසාන හෝ ගිණිකොණ හැර වෙනත් දිශාවක නොතැබිය යුතු අතර සුබ පාදයකට හසුවන ලෙස තැබීම සහ පිහිටි පොළවට ගැටෙන ලෙස තැබීම සිදුකළ යුතුයි.

* ඔබගේ නිවසේ සම්බන්ධව සිදුකරන ලද භාර හාරවීම් සහ පඬුරු අස්‌කිරීම් සියල්ල නිසි පරිදි ඔප්පු කිරීම කළ යුතුයි.

* ගැබිනි සමයේ තමන් පදිංචි නිවස සෑදීම සිදු නොකළ යුතුයි.

* නිවසේ මුළුතැන්ගෙය උඩ හා යට කාමර ප්‍රධාන නිදන කාමරය ලෙස භාවිතා නොකළ යුතුයි.

* ගිණිකොණ සහ ඊසාන කාමරවල ගෘහ හිමියා සහ ගෘහ හිමි කාන්තාව වාසය නොකළ යුතු අතර උතුරු දිශාවට හිස දමා සයනය නොකළ යුතුයි.

* ගැබිනි මවක්‌ සිටින නිවාසවල අවි ආයුධ, විකෘති මිනිස්‌ රූප සහිත ප්‍රතිමා හා පින්තූර නොතැබිය යුතුයි. එසේම රුක්‌කලා හා මියගිය සතුන්ගේ හම් හෝ අං තට්‌ටු නොකළ යුතුයි. හංස රූපය එවැනි නිවාස සඳහා ඉතාමත් සුදුසු වේ.

ඉහතින් සඳහන් කරන ලද දෝෂයන් ඔබගේ නිවසින් බැහැර කර ගැනීමට ඔබට හැකියාව තිබේ නම්, වාස්‌තු දෝෂ නිසා ඔබට අහිමි වීමට යන පින්වත් දරුඵල වල වාසනාව ඔබට රැකගැනීමට හැකිවනු ඇත. නිවසේ ඉහත සඳහන් වාස්‌තු දෝෂ ඇතිවීම තුළ සිදු වන්නේ ඔබට ලැබෙන විශ්ව ශක්‌තීන් අහිමිවීමයි. කර්මානුරූපව ඔබගේ අකුසල් බලවත් යෑයි සිතනු. එසේ වුවද ඉතා යහපත් විශ්ව ශක්‌තීන්වලට ඔබ නිරාවරණය වන්නේ නම්, ඔබගේ අයහපත් කර්මඵල වල බලපෑම අඩුවනු ඇත. ඔබගේ අකුසල් බලවත් කාලවලදී වැඩිපුර කුසල් වල නිරත වීමෙන් අකුසල්වල බලවත් බව අඩු වන්නේ යම් සේද ඔබගේ නිවසේ දෝෂ අවම කිරීම තුළින්ද අකුසල්වල බලවත් බව අවම කරගැනීමේ වාසනාව ඔබට අත්වනු ඇත. විශේෂයෙන්ම ඔබට පින්වත් දරුවෙකු ලබාගැනීමට අවශ්‍ය නම්, ඔබගේ නිවසේ ආගමික වේද දෝෂයන් පිළිබඳවද විශේෂ සැලකිල්ල දැක්‌වීම සිදුකළ යුතුව තිබෙනවා. මෙහිදී දෙවියන් සතුටු වන ලෙස ඔබ නිතර නිතර ආගමික වතාවත් ඉටුකොට තමන්ගේ ඉටු දෙවියන්ට පින් අනුමෝදන් කිරීම සිදුකළ යුතු අතර මේ තුළින් විශේෂ පිහිටක්‌ ලැබෙනු ඇත. එසේම නිවසේ දෝෂයන් ඉවත් කරගැනීමට සමගාමීව භාරහාර වීම හා ඒවා නිසි පරිදි ඉටුකිරීමද වැදගත් වෙනවා. විශේෂයෙන් මතක තබා ගත යුතුයි ගැබිනි කාලයේ මවට අවශ්‍ය කෑමබීම ලබා දීමට සියලු දෙනා ඉතා උත්සහවන්ත වන බව. එසේ වුවද මවගේ නිරෝගි සම්පත්තිය සහ පින්වත් දරු උපතක්‌ සඳහා මව විසින් ද තවත් අසරණ මාතාවන් උදෙසා ආහාර වේල්, දන් පිළි ගැන්වීම ඉතාමත් බලවත් පින්කමක්‌ ලෙස පෙන්වා දිය හැකියි. මේ ආකාරයට ඔබගේ සම්පත් නිවසට වාසනාව කැන්ඳන පින්වත් දරු උපතක්‌ සඳහා අවශ්‍ය පූර්ව කර්ම පිළිබඳව ඔබ විශේෂ අවධානයක්‌ යොමුකළ යුතුයි. මෙහිදී ඔබ මතක තබාගත යුතු මූලික සිද්ධාන්තයන් පවතිනවා.

ඔබ තල වැපුරුවහොත් තල ලැබෙන බවත්, ඔබ මුං වැපුරුවහොත් මුං ලැබෙන බවත්, ඔබ යව වැපුරුවහොත් ඔබට යව ලැබෙන බවත් ඒ ආකාරයෙන්ම ඔබ විසින්ම ඉටුකර ගන්නා යහපත් වාස්‌තු කර්මයන්ගේ සුවිශේෂී ප්‍රතිඵල ඔබගේ නිවසට හිමිවනු ඇත. එබැවින් ඔබගේ නිවසේ වාස්‌තු දෝෂ ඉවත්කොට ඔබගේ කැදැල්ලට පින්වත් දරුවෙකු එක්‌කර ගැනීමට අවශ්‍ය පූර්ව වාස්‌තු ශිල්පීය සිද්ධාන්තයන් අනුගමනය කරන්න. ඔබ සැමට ඊට කුසල් ඇති බවට සැක නැත.


ශාස්‌ත්‍රවේදී වාස්‌තුවිද්‍යා විශාරද පේරාදෙණියේ, ඩී.යූ. සෙනරත්

වැඩිදුර විස්‌තර සදහා වාස්‌තු මැඳුර නො.189/3, කොළඹ පාර, පොල්ගහමුල. 071-4402574 / 081-2386577

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල