රෝගාබාධවලට පාර කපන වාස්තු දෝෂ

views 2017-05-12 10:43:00 hplans_New

පුරාතන වාස්තු ශාස්ත්‍රයේ එන වාස්තු පුරුෂ සංකල්පය අදටත් යොදාගත හැකිදැයි සමහරුන් විමසනුයේ ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ සිදුවී ඇති ද්‍රව්‍යයන්ගේ හා ක්‍රමවේදවල වෙනස්කම පිළිබඳ අවධානය යොමු කිරීමෙනි. එසේ වුවත් තවමත් සංකල්පයක් ලෙස සංකේතාර්ථයන් සමග ගළපා වාස්තු පුරුෂය පිළිබඳව වාස්තු ශාස්ත්‍රයේදී විමසා බැලීම ප්‍රයෝජනවත් වේ.

 

පෘථිවිය සූර්යයා වටා ගමන් කළත් අප විසින් ‍ජ්‍යොතිෂයේදී සූර්යයා පෘථිවිය වටා සාපේක්ෂ (ඍැක්එසඩැ) චලිතයක් දක්වන අයුරු විමසන්නේ අප ප්‍රතිඵල කථනයට මුලික කරගන්නා පුද්ගලයා පෘථිවියේ ජීවත් වන බැවින්ය යන අදහස මෙන් නිවසක වාස්තු පුරුෂයා නිවැසියාගේ ශාරීරික පිහිටුම් හා ගළපා සැලකීම සිදුවේ.

 

පුරාතනයේ කරන ලද මෙකී විවරණය අද නූතන බටහිර විද්‍යාත්මක මෙවලම් යොදා ගනිමින් විස්මය දනවමින් වඩ වඩාත් තහවුරු කිරීම කිසිසේත් අපහසු නොවේ.

 

මෙහිදී අප කීප අවස්ථාවකම දක්වන ලද වාස්තු පුරුෂයා යනු ගෘහය හෙවත් වාස්තුව පුරා පැතිරී ඇති ඊසානයට හිසත්, නිරිතයට පාදත් පිහිටුවා ඇති දැවැන්ත රූපයකි. ඒ අනුව මේ රූපය දිශාගත වන්නේ ප්‍රධාන දිශාවනට නොව අනු දිශාවනට බව පෙනෙයි. එබැවින් පංච මහා ධාතූන් පිහිටුවා ගැනීමේදී ඒ ඒ ධාතූන්ද අනුදිශා ආශ්‍රිතව යෙදේ. ඒ අනුව පැතිරෙන සුළු ගුණය සහිත ආ‍පෝ ධාතුව ඊසානයටත්, උණුසුම දනවන ගුණය සහිත තේජෝ ධාතුව ගිනිකොනටත්, තද බව සහිත ගුණයැති පඨවි ධාතුව නිරිතටත්, චලනමය (වායුමය) ගුණය පෙන්වන වායෝ ධාතුව වයඹටත් පිහිටුවා තිබේ.
මෙවර ලිපිය මෙසේ තරමක් ගැඹුරට වාස්තු පුරුෂයා කෙරෙහි අප අවධානය යොමු කරන ලද්දේ පසුගිය ඉරිදා ‘රිවිර’ වාස්තු ලිපියට අදාළව පාඨකයන් විසින් කරන ලද විමසුම් හා ඇරයුම් අනුවයි.

 

වාස්තු පුරුෂයාගේ මෙන්ම මනුෂ්‍යයාගේද ශරීර ස්වභාවය නූතන බටහිර විද්‍යාත්මක ඇසින් බැලීමේදී හා පුරාතන හින්දු මතවාද අනුව විමසීමේදී මිනිස් සිරුර වටා ඇති ප්‍රභා මණ්ඩලයේ (Aමර්) චක්‍ර නමින් හඳුන්වන ශක්ති කේෂ්ත්‍රයනුත් පිළිබඳ විමසීම ඉතා වැදගත්ය. එහිදී ඒ ඒ චක්‍රයනට අදාළ වර්ණයන්, ධාතූන්, හෝමෝන සක්‍රිය කරවන නිර්නාල ග්‍රන්ථීන් ඔස්සේ අදාළ වන ඉන්ද්‍රියන් පමණක් නොව නූතන පාෂාණවේදය (ීඑදබැ ්‍යැ්කසබට) අනුව පවා අදාළ කරගත හැකි ස්වභාවික පාෂාණ වර්ගද හඳුනාගෙන තිබේ.

 

එසේම වාස්තු පුරුෂයා සේම බ්‍රහ්ම පාදය හා බ්‍රහ්ම බින්දුව නම් මධ්‍ය ලක්ෂණයත් සමග මර්මස්ථාන නවයක්ද දක්වා තිබේ. මෙකී ස්ථාන හරහා නිවසේ බිත්ති, ජලය, ගින්න ආදී දේ පිහිටුවීම උචිත නොවේ. පෑගීමද උචිත නොවන්නේ එබඳු ලක්ෂ්‍යයක සිටගෙන බර දී සිටීමටත් වඩා ඒ බර ඇවිදීමකදී ආවේගී බලයක් ඇතිවීම බලපාන බැවිනි. මේ නිසා නිවසේ මධ්‍යය හැකිතාක් පෙර කී පීඩාවනට ලක් නොකර තබා ගැනීමට විශේෂයෙන් උනන්දු විය යුතු වේ. එසේ යහපත් වාස්තු ශාස්ත්‍රානුකූල නිවසක වාසය කරන්නන් කෙරෙහි අතිශය යහපත් ප්‍රතිඵල අත්වන බව අපිදු දැක ඇත්තෙමු.

 

ඉහතින් අප විසින් දක්වන ලද මර්මස්ථානයන් නිවැසියාගේ හා නිවසේ වාස්තු පුරුෂයාගේ ශරීර පිහිටුම් හා ගළපනු ලැබේ. ඒ අනුව මර්මස්ථාන නවය හිසට, ලිංගයට, හදවතට, දණහිස් දෙකට, කලවා දෙකට හා උරහිස් දෙකට වශයෙන් අදාළ කර පෙන්වයි. එවිට මර්මස්ථානවලට කර ඇති වියවුලක් ජුවම සිරුරේ අදාළ අවයව කෙරෙහි බලපාන බව සාම්ප්‍රදායිකව පිළිගැනේ.

 

එයට අමතරව ආයුර්වේදයේ එන පංච මහා ධාතූන් හා ත්‍රිදෝෂයද වාස්තු දෝෂ ඇති කරන ස්ථානවලට අදාළ කොට පෙන්වනු ලැබේ. නතාලියා ෆ්ලොරන්ස් නම් අපගේ ශිෂ්‍යාවක් විසින් අවසන් වසරේ සිය උපාධි නිබන්ධනයට අදාළව ලියන ලද ‘ස්වස්තථාව හා වාස්තු ශාස්ත්‍රය’ නම් අනර්ඝ කෘතියේ වාස්තු දෝෂ විසින් ශරීර සෞඛ්‍යයට කරන බලපෑම මනාව තහවුරු කර තිබේ. ඒ අනුව නිවසේ වයඹ හෝ නිරිත දෝෂයක් හේතුවෙන් මලබද්ධය, අංශභාගය, කොන්දේ හෝ සන්ධිවල ඇති කරන වාත දෝෂ රෝග ඇති කළ හැකියි. ඊසාන හෝ ගිනිකොණ වාස්තු දෝෂයකින් අක්මාවේ බලවත් රෝගයක් හෝ චර්ම රෝග, කැසීම් ආදී පිත් රෝග හටගත හැකි වේ. සෙම් රෝග හටගන්නේත් ඒ අතර විශේෂයෙන් පෙනහලු ආසාදන, ශ්වසන ආබාධ, හිසේ බලවත් වේදනා, සීතල රෝග ආදියත්, ඊසානයේ හෝ නිවස මධ්‍යයේ වන දෝෂයකින් හටගත හැකියි.

 

මේ අනුව අප විසින් මෙහිදී අවධාරණය කරනු ලබන්නේ වාස්තු දෝෂ විසින් කායික රෝගාබාධ ඇති කළ හැකි බවත්, අප ශාරීරිකව පමණක් නොව මානසික, භාවමය, ආධ්‍යාත්මික වශයෙන්ද මහත් දුෂ්කරතා ඇති කළ හැකි බවයි.
තවත් අයුරකින් විස්තර කරන්නේ නම් මුහුණ, හිස, ඛෙල්ල ආශ්‍රිත රෝග මෙන්ම ‍පොදුවේ රෝගී ගෘහ මූලිකයකු ඇතිවීමට ඊසානයේ බලවත් දෝෂ හේතුවන බවත්, ජීරණයේ හෝ ගර්භාෂගත රෝග ඇතිවීම, ශල්‍යකර්ම සිදු කිරීමට වීම ආදිය ගිනිකොන දෝෂ නිසා විය හැකි බවත්, නිරිත දෝෂ නිසා මානසික අසහනය වැඩිදියුණු වීමත්, වයඹ දෝෂ නිසා නිවැසි කාන්තාවන්ගේ හා දූ දරුවන්ගේ සෞඛ්‍යය ‍පොදුවේ පිරිහීමටත් හේතුවිය හැකි බව කිව යුතු වේ.

 

මෙයට අමතරව බද්ධ වැසිකිළි පිහිටුවීමේදී ද වඩාත් සංකීර්ණ බලපෑම් ජීවිතයට ඇතිවන බවත්, සුවකර ගත නොහැකි රෝග ඇතිවිය හැකි බවත් අවධාරණය කරන්නේ එවැනි ගෘහ අංගයක් පිහිටුවීමට අත්‍යවශ්‍යම නම් වාස්තු මූලධර්ම පිළිබඳ වැඩි අවධානයකින් යුතුව එය කිරීමට ‍පොලඹවනු පිණිසයි

pasanliya.info/


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල