නිවසේ අමුනුෂ්‍ය දොෂ පලවා හරින මහා වාස්‌තු ආරක්‍ෂාවක්‌

views 2017-04-17 11:14:00 hplans_New

ඔබගේ නිවස තුළ දුක, ශෝකය, මානසික ආතතිය රෝගපීඩා, හිත් රිදවීම් රණ්‌ඩු සරුවල්, හතුරු කරදර වැනි අයහපත් දෑ නිතර සිදුවන්නේ නම් මෙන්ම නිතර නිවස අපිරිසිදු වන්නේ නම් එවැනි තත්ත්වයන් සඳහා හේතු වන වාස්‌තු ශිල්පීය පැතිකඩ පිළිබඳව ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ. වාස්‌තු ශිල්පය තුළ පෙන්වා දෙන පරිදි ඔබගේ ගෘහය තුළ බලවත් වන්නා වූ ප්‍රධාන කොටස්‌ දෙකක්‌ සිටින බව හඳුන්වා දිය හැකියි

* සම්‍යදෘෂ්ඨික භූමිගත හා රුක්‍ෂ ගත භූමි වාසී දෙවිවරු

* අමුනුෂ්‍ය, ප්‍රේත, හා භූත පිරිස්‌

ඔබගේ ගෘහය තුළ බලවත් වන්නේ දෙවියන් ද නැත්නම් අමුනුෂ්‍ය ප්‍රේත හෝ භූත කොටස්‌ද යන්න තීරණය වන්නේ ඔබගේ ගෘහයේ ආරක්‍ෂා වී ඇති වාස්‌තු සිද්ධාන්තවල ස්‌වරූපය අනුව බව කිව යුතුයි. ඔබගේ ගෘහය තුළ වාස්‌තු සිද්ධාන්ත නිසි ලෙස ආරක්‍ෂා වී ඇත්නම් එම පරිශ්‍රය ඔබට ආරක්‍ෂාකාරී ක්‍ෂේම භූමියක්‌ වන අතර එය භූමි වාසී දෙවියන්ට ප්‍රියමනාප පරිශ්‍රයක්‌ වන අතර දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව නිතැතින් ලැබෙනු ඇත. එසේම ඔබගේ ගෘහයේ වාස්‌තු දෝෂ බලවත් වී ඇත්නම් එය අමුනුෂ්‍ය, ප්‍රේත සහ භූත කොටස්‌වලට ප්‍රියමනාප කිලි භූමියක්‌ ලෙස බලවත් වනු ඇත. ඔබගේ භූමිය කිලි භූමියක්‌ ලෙස බලවත් වී ඇති විටක ඔබගේ නිවස තුළ නිතර දුක, ශෝකය, මානසික පීඩනය රෝග පීඩා, හිත් රිදීම්, රුධිරය, රණ්‌ඩු සරුවල්, සතුරු කරදර මෙන්ම ජරාවාස වීම් ද බලාපොරොත්තු විය යුතුයි. ඔබගේ නිවස තුළ ඉහත තත්ත්වයන් බලවත් වී ඇත්නම්, එවැනි තත්තවයන් බලවත් වීමට ඔබගේ නිවසේ දුර්වල වී ඇති වාස්‌තු සිද්ධාන්ත මොනවාද යන්න පිළිබඳව හඳුනාගෙන එම දුර්වල වාස්‌තු සිද්ධාන්ත නිසි පරිදි බලවත් කිරීම තුළින් එම අයහපත් බලපෑම් ඉවත්කොට ඔබගේ ගෘහ පරිශ්‍රය සැප, සතුට බහුල ගෘහයක්‌ බවට පත්කර ගැනීමේ හැකියාව පවතිනවා.

නිවසේ දුක බහුල කරන ස්‌ථාන හඳුනා ගන්න.

01. නිවසට විශ්ව ශක්‌තිය ගලා එන ඊශාන දිශාව තුළ වැසිකිලි, මුළුතැන්ගෙය, ගබඩා කාමර, සේවක කාමර, අන්ධ බිත්ති, ගරාජ, කුණු කානු ජලය රැඳනු ඉහල ජල ටැංකි, පඩිපෙල, ඉතා උස්‌ව වැඩුනු ගස්‌, කටු සහිත ශාක, රතු මල් පිපෙන ශාක, මැරීගිය ශාක, නිවසින් පිටත අමතර ඉදිකිරීම්, ගේට්‌ටු, සුනකයින් ආදිය යෙදීම නිසා ඔබගේ ගෘහයේ ඊශාන දිශාව දුර්වල වන බව මතක තබා ගන්න.

02. නිවසට විශ්ව ශක්‌තිය උදුරා ගන්නා කේන්ද්‍රය වන බ්‍රහ්ම පාදය හෙවත් ගෘහයේ මධ්‍ය ලක්‍ෂය අවහිර වීමට හේතුවන කරුණු එනම් මධ්‍ය ලක්‍ෂය බිත්තියට යට වී තිබීම, ඒ මත වැසිකිලි, කාණු, පඩිපෙල, බර භාණ්‌ඩ තැබීම සහ අපිරිසිදු කිරිම්, වැනි කරුණු තුළින් නිවෙස්‌ බ්‍රහ්ම පාදය දුර්වල වන බව මතක තබා ගන්න. එසේම නිවසේ හැඩය අනුව ගෘහයේ බ්‍රහ්ම පාදය නිවසින් පිටත ස්‌ථාන ගත වීම ද සිදුවන බව මතක තබා ගන්න.

03. නිවසට ගලා එන විශ්ව ශක්‌තිය ගබඩා වන නිරිත දිශාව තුළ, මුළුතැන්ගෙය, වැසිකිලි, වැසිකිලි වල, ගරාජ, පඩිපෙල, සේවක කාමර, කුණු කානු, සුනඛයින් සුදු මල් පිපෙන ශාක අඹ ගස්‌, ගේට්‌ටු, භූමියේ ජලය රැඳවීම යනාදිය නිසා නිරිත දිශාව දුර්වල වන බව මතක තබා ගත යුතුයි

ඔබගේ ගෘහයේ සැප සතුට පලවා හැර දුක කඳුල බහුල වීම සිදුවන්නේ තමන්ගේ ගෘහයට විශ්ව ශක්‌තිය නිසි පරිදි නොලැබෙන නිසා බව මහා වාස්‌තු ශිල්පය තුළ සඳහන්ව පවතිනවා. එසේනම් ඔබගේ නිවසට නිසි පරිදි විශ්ව ශක්‌තිය ලැබෙන මාර්ගය හඳුනාගෙන එම මාර්ගය ඇති බාධා ඉවත් කිරිම තුළින් ඔබට ඔබගේ නිවස බලවත් කිරීමේ හැකියාව උදාවනු ඇත.

ඉහත රූප සටහනේ පෙන්වා දී ඇති ආකාරයට ඔබගේ ගෘහයේ විශ්ව ශක්‌ති ගමන් මග නිදහස්‌ කිරීම තුළින් ගෘහය තුළ විශ්ව ශක්‌තිය බලගන්වනු ඇත. විශ්ව ශක්‌තිය බලවත් වීම යනු එම පරිශය තුළ දෙවියන් බලවත් වන බව මහා වාස්‌තු ශිල්පය තුළ පෙන්වා දී තිබෙනවා. මෙය හරියට ඔබ ශරීරයේ ජීවි ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන ඔක්‌සිජන් වායුව ශරීරය තුළ සිදුකරනු ලබන ක්‍රියාවලියට සමාන බව මතක තබා ගන්න. ශරීරයට ඔක්‌සිජන් වායුව නොලැබී ගියහොත් ඔබ මරණයට පත් වන ලෙසටම නිවසට විශ්ව ශක්‌තිය නොලැබෙන විට නිවස විනාශ වන බව ද මතක තබා ගන්න.

නිවසේ දුක බහුල කරවන විශේෂ ස්‌ථාන හඳුනා ගන්න.

විශ්ව ශක්‌තිය නිසි පරිදි නිවසට නොලැබෙන විට එම පරිශ්‍රයේ අමනුෂ්‍ය, ප්‍රේත, භූත, කොටස්‌ බලවත් වන අතර ඔබගේ ගෘහයේ එම කොටස්‌ සඳහා ඔබ විසින්ම වාසස්‌ථාන ලබා දී ඇති බව ඔබ නොදන්වා විය හැකියි. එවැනි දුක බහුල කරනු ලබන නිවසේ විශේෂ ස්‌ථාන කිහිපයක්‌ ඔබට පෙන්වා දෙන්නම්.

01. නිවසේ වහලයට යොදන සිවිලිම

ඔබගේ නිවසේ වහලය නොපෙනෙන පරිදි යොදන සිවිලිම තුළ හිස්‌ අවකාශයන් නැත්නම් අඳුරු පරිශ්‍රයක්‌ ගොඩනැගෙන අතර එම පරිශ්‍රය ඔබ විසින් සාදා දෙන්නේ ප්‍රේත, භූත නැත්නම් අමනුෂ්‍ය කොටස්‌ වලට බව ඔබ දන්නවාද? නිසි පරිදි විශ්ව ශක්‌ති නොලැබෙන නිවසක සිවිලිම සහිත කොටස තුළ අයහපත් ජීවි කොටස්‌ රජ කරන බව ඔබ දන්නවාද, ඔබගේ නිවස තුළ ඇති සතුට, සාමය, සහජීවනය, නිදහස ටිකින් ටික නැති කරමින් නිවස තුළ දුක, වෛරය, ක්‍රෝධය, ඊරිසියාව, රුධිරය වපුරවමින් ඒවා ආහාර කොටගෙන මෙම කොටස්‌ ජීවත් වන බව ඔබ දන්නවාද? වාස්‌තු ශිල්පයට අනුව ගෘහයක වහලය සඳහා සිවිලිම යෙදීමේ දී පෙරකල යොදාගත් වාස්‌තු ශිල්පීය ක්‍රමවේදයන් නූතනයේ දී බැහැර කරමින් යොදන සිවිලිම නිසා බොහෝ ගෘහයන් තුළ අමුනුෂ්‍ය දෝෂ බලවත් වී ඇති බව ප්‍රායෝගිකව පෙනී යනවා. ඔබගේ ගෘහය සඳහා සිවිලිම යෙදීමේ දී සෑම විටම වහලයට සමාන්තර පරිදි සිවිලිම යෙදීම කල යුතු අතර ඒ තුළින් හිස්‌ අවකාශයේ ප්‍රමාණය අවම කර ගත හැකි වෙනවා.

ඔබගේ ගෘහයේ දැනටමත් ඇත්තේ වැරදි ක්‍රමයේ සිවිලිමක්‌a නම් ඔබ එවැනි නිවාස සඳහා මහා වාස්‌තු ආරක්‍ෂිත ක්‍රමවේදයක්‌ යෙදීම තුළින් අමුනුෂ්‍ය කොටස්‌ වල බලය හීන කිරීමේ උපක්‍රම යෙදීම කල යුතු වෙනවා.

අමුනුෂ්‍ය කොටස්‌වල බලය හීන කීරීමේ ආරක්‍ෂිත උපක්‍රමයක්‌. ඒ සඳහා ඔබට සිදුකළ හැකි එක්‌ ආරක්‍ෂිත උපක්‍රමයක්‌ කියා දෙන්නම්. ඒ තුළින් එවැනි හිස්‌ අවකාශ බහුල සිවිලිම් කොටස්‌ තුළ සිටින අමුනුෂ්‍ය කොටස්‌වල ශක්‌තිය දුර්වල කොට ඔවුන් පලවා හැරීමේ හැකියාව ලැබෙනු ඇත.

Ö තඹ පතක්‌ ගෙන ඒ මත විශ්ව ශක්‌ති ස්‌වස්‌ථික යන්ත්‍ර 04 ක්‌ නිසි පරිදි සටහන් කර ගන්න.

Ö පිරිසිදු මුහුදුවැලි වලට කපුරු කුඩු හෝ කපුරු තෙල් මිශ්‍ර කරන්න.

Ö ඉහත විශ්ව ශක්‌ති යන්ත්‍ර 04 කපුරු තෙල් සහ මුහුදු වැලි සහිත මැටි මංජුසාවක තැන්පත් කරන්න.

Ö කෙම්මුර දිනයක විෂ්ණු දේවාලයට ගොස්‌ එම මංජුසා 04 පේ කර ගන්න.

Ö මස්‌ මාංශවලින් වැලකී අපර භාග නැකතකට එම පේ කරගත් වාස්‌තු මංජුසා 04 ඔබගේ ගෘහයේ ඊශාන, ගිණිකොණ, නිරිත, වයඹ ආදී වශයෙන් දක්‍ෂිවර්තව වහලයේ සතර කොණ තැන්පත් කරන්න.

ඔබගේ ගෘහයේ සිවිලිම නිසා බලවත් වන්නා වූ අමුනුෂ්‍ය කොටස්‌ පලවා හැරීම සඳහා ඉහත මහා වාස්‌තු ආරක්‍ෂිත උපක්‍රම භාවිතා කිරීම ඔබට මහත් ප්‍රතිඵල ගෙන දෙනු ඇත. මෙම ආරක්‍ෂිත මංජුසා යෙදු පසුව ගෘහයට හරක්‌ මස්‌ හෝ ඌරු මස්‌ රැගෙන ඒමෙන් එහි බල බිඳෙන බව මතක තබා ගන්න.

ඔබගේ නිවසේ දුක, ශෝකය සහ අසහනය මෙන්ම රෝග පීඩා වන් සඳහා ඔබට බලපෑම් කරන සියුම් ශරීර සහිත කෙටස්‌ හඳුනාගෙන එම කොටස්‌ ගෘහය තුළ වාසස්‌ථාන සකස්‌ කර ගනු ලබන පරිශ්‍රයක්‌ හඳුනාගෙන එම ස්‌ථාන ආරක්‍ෂා කිරීම තුළින් ඔබගේ නිවසට යහපත උදාවන බව කිව යුතුයි. විශේෂයෙන් නිවසේ සිවිලිම ප්‍රධාන කොටඇති හිස්‌ අවකාශ මෙම අමුනුෂ්‍ය කොටස්‌ වල වාස භූමි බව ඔබ හඳුනා ගන්න. සිවිලිමට අමතරව පඩිපෙල යට ඇති හිස්‌ පරිශ්‍ර නිතර වසා ඇති කබඩ් වසා ඇති අඳුරු ගබඩා කාමර වැනි පරිශ්‍රයන් ද මෙම කොටස්‌ ප්‍රියකරන ස්‌ථාන බව හඳුනා ගන්න. ආරක්‍ෂිත උපක්‍රම යෙදූ පසුව නිවසේ උදේ සවස කපුරු සුවඳ බලවත් වන ලෙස සුවඳ දුම් අල්ලා පිරිත් සæජායනා ශ්‍රවණයට සලස්‌වා විශ්ව ශක්‌තිය බලවත් කිරීම තුළින් දෙවියන්ගේ අල්ම බැල්ම බලවත් කිරිම කලහැකි වෙනවා. එවිට ගෘහයේ අයහපත ඇති කරන කොටස්‌ පලවා හැරිය හැකි අතර ඔබගේ ගෘහයේ එතෙක්‌ පැවති දුක, ශෝකය. මානසික අසහනය, රෝග පීඩා, හිත් රිදවීම්, රණ්‌ඩු සරුවල්, සතුරු කරදර වෙනුවට සතුට, සැනසීම, නිරෝගිකම, සාමය වැනි යහපත් දෑ ඔබගේ ගෘහයට ලැබෙනු ඇත. ඒ සිදුවන්නේ ඔබගේ ගෘහය තුළ දෙවියන්ගේ ඇල්ම බැල්ම බලවත් වීම තුළින් බව මතක තබා ගන්න. ඔබ සැමට මහා වාස්‌තු ශාන්තිය උදා වේවාර්


ශාස්‌ත්‍රවේදී වාස්‌තුවිද්‍යා විශාරද පේරාදෙණියේ, ඩී.යූ. සෙනරත්
වැඩිදුර විස්‌තර සදහා වාස්‌තු මැඳුර නො.189/3, කොළඹ පාර,
පොල්ගහමුල. 071-4402574 / 081-2386577

සතියේ ලග්න පලාපල