තුන්මං හන්දියක තිඛෙන නිවාස දෝෂ සහිතද

views 2017-04-09 10:05:00 hplans_New

සෑම දෙයකම පිටතින් අප දකින දෙය සහ එහි අභ්‍යන්තරයේ පවතින දෙය පිළිබඳ වෙනස්කම් තිඛෙනවා. නිදසුනක් ලෙස පිටතින් ඉතාම පැරැණි නිවෙසක් දුටු පමණින් එම ගෘහය ඉතාමත් අබලන් ලෙස තීරණය කරනවා. එසේ වුවද එම ගෘහයේ අභ්‍යන්තරය ඉතාමත් අලංකාරව සහ සැපපහසු ලෙස තිඛෙන්න පුළුවන්. සමහර නිවාස තිඛෙනවා බාහිරින් බැලූ බැල්මට කිසිම පෙනුමක් නැහැ. ඉතා කුඩා නිවෙසක් ලෙස දිස්වෙනවා. නමුත් එහි ඇතුළට ගිය විට ඉතාමත් ඉඩකඩ සහිත නිවෙසක් බව පෙනී යනවා.

 

වාස්තු ශිල්පය තුළද මීට සමාන වූ වස්තු මූලධර්ම රාශියක් පවතිනවා. එම වාස්තු මූලධර්මවලින් පෙන්වා දෙන පරිදි මූලික සිද්ධාන්තය හඳුන්වා දී තිබුණද ඒවා භාවිත වන සහ ඒවා භාවිත කළ යුතු පිළිවෙළ වෙන වෙනම පෙන්වාදී තිඛෙනවා. නූතනයේ වාස්තු ශිල්පය පිළිබඳ කටයුතු කරන උදවිය වාස්තු සිද්ධාන්තවල සූක්‍ෂ්ම දැනුම නොමැතිව මූලික සිද්ධාන්තය පමණක් සිහියේ තබාගෙන වාස්තු ශිල්පීය අදහස් දැක්වීම නිසා මිනිසුන්ට විවිධ ප්‍රශ්න සහ ගැටලු ඇතිකර තිඛෙනවා. මෙවැනි එක් විශේෂිත වාස්තු මූලධර්මයක් වන ,තුන්මං හන්දියක නිවාස සෑදීම නුසුදුසු බව, දක්වා තිඛෙනවා. එයද සිද්ධාන්තය ක්‍රියාත්මක වන පිළිවෙළ පිළිබඳ නූතන වාස්තු ශිල්පීන් තුළ දැනුමක් නොමැති බැවින් එම වාස්තු මූලධර්මය නියමාකාරයෙන් ක්‍රියාත්මක වන්නේ කෙසේද? එය භාවිත කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳ ඔබව දැනුම්වත් කරන්නම්.

 

ගෘහ ස්ථාපිත මූලධර්ම
ගෘහ ස්ථාපිත මූලධර්ම රාශියක් පිළිබඳ වාස්තු ශිල්පය තුළ සඳහන් වෙනවා. එම මූලධර්ම තුළින් පොදුවේ අවධානය යොමු කරනු ලබන කරුණු කිහිපයක්
භූමියේ හැඩය
භූමියේ බෑවුම්
පිහිටීමේ ස්වභාවය

 

ඉහත මූලධර්ම අතරින් භූමියේ පිහිටීමේ ස්වභාවය යන මූලධර්මය යටතේ ගෘහයක් ස්ථාපිත කිරීමේදී එම භූමියේ පිහිටීමේ ස්වභාවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතු බව පෙන්වාදී තිඛෙනවා. මේ යටතේ ගෘහ ස්ථාපිත කළ යුතු සහ නොකළ යුතු ස්වභාවයන් පිළිබඳ හඳුන්වා දීමේදී කිසිම විටෙක තුන්මං හන්දියක පිහිටි භූමිය තෝරා නොගත යුතු බවද පෙන්වා දෙනවා. එසේ වුවද එම තුන්මං හන්දියේ පිහිටීමේ ස්වභාවය පිළිබඳ දක්වා ඇති කරුණු පිළිබඳ නූතන වාස්තු ශිල්පීන් තුළ පවතින දැනුම අඩු භාවය නිසා මූලික වාස්තු සිද්ධාන්ත පමණක් අමු අමුවේ භාවිත කිරීම හේතුවෙන් මිනිසුන් දැඩි ලෙස පීඩනයට පත්වී සිටිනවා. සමහර විට මෙය කියවන ඔබේ ගෘහයත් පිහිටා ඇත්තේ මෙවැනි තුන්මං හන්දියක විය හැකිය. එසේම තුන්මං හන්දියක පිහිටා තිබූ ඉතා වටිනා ඉඩමක් ඔබ මිලදී නොගෙන අතහැර දමන්න ඇති. එසේ දැනට ඔබට අයත් තුන්මං හන්දියේ පිහිටි ඉඩමේ ගෘහය සෑදීමට බියෙන් පසුවෙනවා ඇති. මේ සියලු කරුණු සඳහා ඔබට ඇවැසි වාස්තු ශිල්පීය දැනුමට පහත කරුණු එකතු කරගෙන නිවැරැදි කරන්න.

 

ඉඩමේ තුන්මං හන්දියේ පිහිටීමද වටපිටාවේ ස්වභාවය පහත පරිදි නම් යහපත් බව සහ අයහපත් බව තීරණය කළ හැකිය. මෙහිදී ඔබගේ ඉඩම ඇත්තේ තුන්මං හන්දියක වුවද මාර්ග පිහිටි භූමියට වඩා ඔබගේ ඉඩම උසින් පිහිටා ඇත්නම් කිසිම විටෙක දෝෂ සහගත නොවන බව මතක තබා ගතයුතු අතර එවැනි ඉඩම්වල ගෘහයන් සෑදීම කළ හැකිය.

 

එසේ වුවද තුන්මං හන්දියේ සමාන්තරව සහ මාර්ගයට පහතින් පිහිටි ඉඩම්වල ගෘහයන් සෑදීම අසාර්ථක බව පෙන්වා දෙමි.
ඉහතින් දක්වා ඇති පරිදි රූප සටහන් 01 තුළින් යෙදී ඇති ඉඩම තුන්මන් හන්දිය පිහිටා තිබුණද ඔබට නිසි ආකාරයෙන් වාස්තු සිද්ධාන්තවලට අනුකූලව නිවාස තැනීමේ හැකියාව පවතිනවා. එසේ වුවද රූපසටහන් 02 සහ 03 ආකාරයට පිහිටීම දක්වන ඉඩම්වල විවෘත ලෙස ගෘහයන් ඉදිකිරීම කිසිසේත්ම සිදුනොකළ යුතු බව පෙන්වා දෙනවා. එවැනි ඉඩම්වල තුන්මං හන්දියේ බලගැන්වෙන සියලුම දෝෂ සඳහා නිරාවරණය වී තිඛෙන බව එහි අදහසයි.

 

තුන්මං හන්දියක නිවෙස සෑදීම
නුසුදුසු ඇයි?
තුන්මං හන්දියට නිවාස සාදන්න එපා කීවාට එසේ කියන්නේ ඇයි කියා ඔබ විමසා බැලුවාද? ඇත්තටම එය ප්‍රායෝගික සංසිද්ධි තුළින් බලවත් වාස්තු මූලධර්මයක් ලෙස සකස් වී තිඛෙනවා. සෑම වාස්තු මූලධර්මයකටම අර්ථාන්විත තේරුම් තිඛෙන අතර එහි විද්‍යාත්මක පසුබිම පිළිබඳ සෑමවිටම අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.

 

තුන්මං හන්දියක තිඛෙන නිවෙස සඳහා ඇතිවන බලපෑම ඉහළ මට්ටමක පවතිනවා. ඒවා අතරින්
රාජ්‍ය බිය
මාර්ග වේද බිය
තරංග වේද දෝෂ

 

යන වේද දෝෂයන්ට සෘජුව නිරාවරණය වීම ප්‍රධාන කාරණය වී තිඛෙනවා. මේවා සැබැවින්ම අපට ප්‍රායෝගිකව අත්විඳිය හැකි දේවල් බව ඉතාමත් බුද්ධිමත්ව සිතීමේදී පෙනී යනවා ඇත. ඔබේ නිවෙස තිඛෙන්නේ තුන්මං හන්දියක නම් ඔබගේ ගෘහය සියලුදෙනාට නිතර ඇහැට ගැටෙන වැඩි අවධානයක් යොමුවන බව කිව යුතුයි. මෙහි රාජ බිය පමණක් දක්නට තිඛෙනවා. එසේම මාර්ගයක් අසල සෘජුව පිහිටා ඇති බැවින් අනතුරු බහුල විය හැකි බව නිශ්චිතයි. එය මාර්ග වේද දෝෂ ලෙස හඳුන්වනවා. එසේම ස්වාභාවික ශක්ති තරංග සම්ප්‍රේෂණ සෑම විටම මෙන්ම යාන්ත්‍රික ශක්ති සම්ප්‍රේෂණ එදාට වඩා නූතනයේ ප්‍රායෝගික වී තිඛෙනවා. මෙය තරංග වේද ලෙස බලවත් වෙනවා.

 

මේ ආකාරයට තුන්මං දෝෂය බුද්ධිමත්ව හඳුනා ගන්න. එවිට එම දෝෂයට නිසි පිළියම් යෙදීමේ හැකියාව අප සතු බව මතක තබා ගන්න. දැනටමත් ඔබට ඇති එකම නිවෙස පිහිටා ඇත්තේ තුන්මං හන්දියේ නම් එය සමාන්තරව හෝ පහතින් පිහිටා ඇත්නම් ඔබ කලබල විය යුතු නැහැ. ඔබට කිරීමට යමක් තිඛෙනවා. දෝෂයේ බලවත්කම් අඩුකිරීම උදෙසා ඔබගේ ගෘහය සහ මාර්ග අතර සම්බන්ධය ඉවත් කිරීමට ආවරණ බැම්මක් යෙදීම ඉතාමත් ප්‍රායෝගික සහ සාර්ථක විසඳුම බව පෙන්වා දිය හැකියි. මේ තුළින් ඔබගේ ගෘහයට තුන්මං හන්දියේ දෝෂය අවම කිරීමේ හැකියාව පවතිනවා.

 

වාස්තු මූලධර්ම පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඔබ සෑම විටම ඔබගේ ගෘහයේ මූලික වාස්තු සිද්ධාන්ත පිළිබඳ ගෘහයේ මූලික වාස්තු සිද්ධාන්ත පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර ගෘහයේ මූලික වාස්තු සිද්ධාන්ත එක`ග නම් බාහිර පරිසරය තුළින් එල්ල වන සියලු දෝෂවලින් ඔබව ආරක්ෂා කිරීමේ හැකියාවක් ඔබගේ ගෘහයට පවතින බව මතක තබා ගන්න. සියලුදෙනාට සතුට, සැනසීම සපිරි ක්‍ෂේම භූමියක් බවට නිවෙස පත්කර ගැනීමේ වාසනාව උදා වේවා.

pasanliya.info


සතියේ ලග්න පලාපල