ජීවිතය නීරස කරන නිවාස දෝෂ නැති කරමු

views 2017-03-20 11:19:00 hplans_New

පොදුවේ ගත් විට බිත්ති, වහළ, ජනෙල් දොරවල් සහිත නිවසක්‌ කෙනකුට වාසනාවත්, කෙනකුට අවාසනාවත් ළංකර දෙන්නේ ඇයි? මේ තත්ත්වයට බලපානු ලබන්නේ වාස්‌තු ශාස්‌ත්‍රයයි. වාස්‌තු විද්‍යා ගුණාංග රකිමින් ඉදිකළ නිවස සම්පතක්‌ වන්නේ ඒ නිසාය. වාස්‌තු ශිල්පීය ක්‍රම සියල්ලක්‌ම රකිමින් නිවාස තනා ගැනීම අසීරු වුවත් අවම වශයෙන් පොදු කරුණු කෙරෙහිවත් අවධානය යොමු කරන්නේ නම් බොහෝ දුරට ඵල ලද හැකි නිවසක්‌ ඉදිකර ගත හැකි වේ. තමා ගොඩනඟා ගන්නා වූ නිවස තුළින් කුමන ප්‍රතිඵලයක්‌ ඇතිවේද යන්න කල්තියා දැනගත හැකි එකම ශාස්‌ත්‍රය වාස්‌තු විද්‍යාවයි. එසේම ගෙයින් ලබා දෙන්නා වූ අනිසි ප්‍රතිඵල කල්වේලා ඇතිව නිවැරැදි කර ගැනීමේ හැකියාවද ඇති එකම ශාස්‌ත්‍රය මෙයයි.

මිනිසත් බව ලැබූ අප සැම සියලු දෙනාටම බාහිර කරදර සහ මානසික අසහනයකින් තොරව සැනසීමකින් ජීවත් වීමට නිවසක්‌ අවශ්‍යය. ජීවිත කාලය තුළ තමාගේම කියා නිවසක්‌ ඉදිකිරීමට අවස්‌ථාවක්‌ එළැඹීම භාග්‍යයකි. එසේ සාදා ගන්නා නිවසේ වසන කෙනකුගේ සියලුම ජීවන කටයුතු එම නිවස හේතු කොටගෙන සිදුවේ. එමනිසා නිවසක්‌ තනන විට එම නිවස වාස්‌තු දෝෂ රහිතව තැනිය යුතු බව ලොවට වදාළ ඉසිවරයන් ඒ සඳහා වාස්‌තු විද්‍යා න්‍යාය පද්ධතියක්‌ ප්‍රකාශ කර ඇත.

වරින් වර කඩා දමමින් යළි ඉදිකරමින් කිහිප වරක්‌ වියදම් කිරීමටත්, ශ්‍රමය කැප කිරීමටත් කිසිවකු කැමති නැත. එමනිසා කළ යුතු වන්නේ ආරම්භයේ සිටම මනා සැලසුමකින් යුක්‌තව නිවැරැදි ආකාරයට නිවස ඉදිකර ගැනීමයි. මේ සඳහා ජ්‍යෙdතිෂය හා වාස්‌තු ශිල්පය මැනවින් දත් ශාස්‌ත්‍රඥයකුගේ මඟපෙන්වීම අතිශය වැදගත් වේ.

තම තමන්ගේ හිතුමතයට යමින් වාස්‌තු විද්‍යාඥයකුගේ මැදිහත් වීමකින් තොරව ඉදිකරනු ලබන නිවස විවිධ දෝෂ මතු කරමින් ජීවිතය නීරස කරනු ලබයි. එවැනි නිවෙස්‌වල ජීවත් වන අයගේ රැඳී ඇත්තේ සාමය නොව පවුලේ සියලු සාමාජිකයන් අතර පවතින එකිනෙකා නුරුස්‌නා ස්‌වභාවයයි. එසේ නැතහොත්a තමන් හරි හම්බ කරනා මුදල් නිරපරාදේ වැය වීමෙන් විවිධ කරදරවලට මුහුණ පාන්නට සිදු වනු ඇත. මේ අතර හදිසි අසනීපවලට ලක්‌වේ. නිවස තුළ සීදේවිය වෙනුවට මූදේවිය අරක්‌ ගනී.

ඔබ නිවසක්‌ සෑදීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබගේ සිහින නිවස ඉදිකිරීමට ප්‍රථම ඔබ දැනුවත් විය යුතු කරුණු කාරණා කිහිපයක්‌ පිළිබඳ කෙටියෙන් සඳහන් කිරීමට මෙම ලිපිය තුළින් බලාපොරොත්තු වෙමි.

නිවසක්‌ ඉදිකිරීමට ප්‍රථම භූමියක්‌ තෝරා ගන්නා අවස්‌ථාවේ සිටම මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. වර්තමානයේ වැඩිපුරම නිවෙස්‌ තැනෙන්නේ පර්චස්‌ 20 කට අඩු බිම් ප්‍රමාණවලය. මෙබඳු නිවසක්‌ තනන්නට වූ විටෙක ගෘහ නිර්මාණ ශිල්පියෙකු කැඳවා තම ඉඩමේ පිහිටීම හා තමාගේ ආර්ථික තත්ත්වයද තමාගේ අවශ්‍යතාවන්ද සැලකිල්ලට ගනිමින් නිවාස සැලසුමක්‌ සකස්‌ කරවා ගැනීම කළ යුතුයි. නිවාස සැලසුම සකස්‌ කරන්නා වූ ගෘහ නිර්මාණ ශිල්පියා ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයේ සඳහන් වාස්‌තු විද්‍යාව පිළිබඳ අවබෝධයක්‌ නැති කෙනකු නම් ඔහු කරන්නේ රජයේ ප්‍රමිතීන්ට අනුව නිවසක්‌ සැලසුම් කර දීමයි.

මෙහිදී ඔබ විසින් සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ ඔහුගේ නිවාස සැලසුමේ අත්තිවාරමේ දිග, පළල අනුව ගොඩනැඟෙන වර්ගඵලය අඩුම තරමින් ගෘහ මූලිකයාටවත් ගැළපෙනවාද යන්න බැලීමයි. එසේ නොගැළපුනහොත් එම නිවස ගොඩනඟන පුද්ගලයා කුමන තරාතිරමක සිටියත් ඔහුගේ විනාශය ක්‍රමයෙන් ළං වන්නට පටන් ගැනීමයි. නිවසක ප්‍රධානතම දෝෂය මතු වන්නේ ගෘහ හිමියාගේ ජන්ම නැකතට සීහුම් නොවන ආකාරයේ වර්ගඵලයෙනි.

තවද විශේෂ අවධානය යොමුකළ යුතු කරුණක්‌ වන්නේ නිවස ඉදිකිරීමේදී ඒකාදශ පොරොන්දම් වර්ගය පරීක්‍ෂණය හෙවත් වර්ගීකරණය අනිවාර්යෙන්ම කළ යුතු බවයි. නිවසක්‌ ඇත්ත වශයෙන්ම පවුලක්‌ සංකේතවත් කරන්නකි. පවුලක ගෘහ මූලික හා ගෘහ පතිනිය නොසැලී වගකීම් දරමින් ශක්‌තිමත්ව නොසිටියහොත් පවුල ගරා වැටීමකට ලක්‌ වේ. නිවසකද පොරොන්දම් බලන්නේ එහෙයිනි. ඒ අනුව නිවසක්‌ද ඒකාදශ පොරොන්දම් බලා අනාගතය වෙනුවෙන් පිහිටු වන්නේ එබැවිනි. ජීවිත කිහිපයකට සෙවණක්‌, ආරක්‌ෂාවත්, සමෘද්ධියත්, අනාගත මිනිසාගේ පැවැත්මත් මුල නිවසයි. නිවසටද ආයු කාලයක්‌, අයවැයක්‌ ඇත්තේ එබැවිනි. ඒ අනුව යහපත, සැපත ළඟාකර දෙනු ලබන නිවසක්‌ සඳහා සුදුසු වර්ගඵලය යොදා ගැනීම අනිවාර්යෙන්ම කළ යුත්තකි.

මීළඟට වැදගත් වන්නේ සුබ නැකතකින් නිවසේ වැඩ ආරම්භ කිරීමයි. නැකැත් වේලාවල් ශුභ සහ අශුභ වේලාවල් හා ග්‍රහ බලපෑම් මිනිස්‌ දිවියේ වෙනස්‌වීම්වලට ලක්‌ කෙරේ. නිවාස නැකතද ජන්මියාට විවිධ ආකාරයෙන් බලපානු ලබයි. සමහර අය ඉතා කෙටි කලකින් මුදල් නොමැති වුවද වැඩ අරඹා නිවස ගොඩනඟා ගනී. තවකෙකු තම ජීවිත කාලය පුරාම වැඩ නිමකර ගත නොහැකිව ළත වේ. ඒ සියල්ලටම නිවසේ වැඩ ආරම්භ කළ නැකත බලපායි. මේ අනුව නිවාස සෑදීමට සුදුසු නැකතක්‌ සාදාගත යුත්තේ කෝණ මාස පිළිබඳව සැලකිල්ලට ගැනීමෙනි. නිවසක්‌ සඳහා ලනු ඇදීම, අත්තිවාරම් කැපීම, මුල්ගල තැබීම, වහළ ගැසීම, උළුවහු තැබීම, උළුවහු පැනීම, ගෙවදීම ආදී කටයුතු සඳහා ශුභ මුහුර්ථයක්‌ ලබා ගැනීම ඉතා වැදගත් වන්නේය.

තනනු ලබන නිවසේ අත්තිවාරමේ මුළු කැපී යන පරිදි එකිනෙක හරහා නූල් ඇද බැලූ විට එම රේඛා දෙක කැපී යන ස්‌ථානය මරු සුලමක්‌ බඳු ප්‍රධාන මර්මස්‌ථානයකි. එම ස්‌ථාන මැදිවන සේ උළුවස්‌සක්‌ තැබීම, නාන කාමර, වැසිකිළි ස්‌ථාපනය ඉතාම අශුභ ප්‍රතිඵල ගෙන දේ. මෙම අශුභ ප්‍රතිඵල එකී පුද්ගලයන්ගේ දශා කාලවල ස්‌වභාවය අනුව ඇති වේ. අත්තිවාරම් මුළු හරහා නූල් ගසා බැලුවහොත් උළුවහු අසුවන්නේ නම් එයද අශුභය. එවැනි උළුවහු ඉවත් කර සුදුසු පරිදි තැබිය හැක.

මෙහි සඳහන් කරන ලද්දේ නිවාස ඉදිකිරීමේදී සැලකිය යුතු ප්‍රධාන දෝෂයන්ගෙන් කිහිපයක්‌ පමණි. මෙවැනි වූ තවත් දෝෂ තත්ත්වයන් යෙදෙන ආකාරය ඉදිරියේදී හඳුන්වාදීමට බලාපොරොත්තු වෙමි.

මේ අනුව ඔබට ඔබේම කියා නිවසක්‌ ඉදි කරගෙන සැනසිල්ලේ ජීවත් වීමට නම් එම නිවස ආරම්භයේ සිටම වාස්‌තු දෝෂ රහිත විය යුතුය. එසේ නොවුණහොත් විවිධ වූ අපල උපද්‍රව හා ජීවිත හානි පවා සිදුවිය හැක. අනපේක්‌ෂිත අයුරින් පවුලේ සාමාජිකයන් විවිධ ලෙඩ දුක්‌ කරදරවලට ගොදුරු විය හැක. උපයන ධනය අනිසි ලෙස වැය කිරීමට සිදුවනු ඇත. පවුලේ සාමය බිඳී යා හැක. තම නිවස ජීවත් වීමට අප්‍රිය තැනක්‌ විය හැක.

මේ අනුව නිවසක්‌ තැනීමේදී වාස්‌තු විද්‍යාව උගත් ප්‍රවීණ ජ්‍යෙdතිෂවේදියෙකුගේ උපදෙස්‌ මත ඔබේ නිවස ඉදිකර ගැනීම තුළින් අලුත් නිවසක්‌ නොව සීදේවී නිවසක්‌ ඉදිකර ගැනීමට හැකිවේ. වැඩිදුර විස්‌තර 0771268646 අංකයෙන් නොමිලේ ලබාගත හැක.


ජ්‍යෙතිෂවේදිනී, තුෂාරා වික්‍රමසිංහ
317, දාගොන්න (වැව පාර), මීගමුව