ඊයේ රෑ වෙළද පොලට ආව අලුත්ම i Phone එක ගැන ඔබ නොදන්නා දේ මෙන්න.

views 2017-09-13 10:58:00 Sinhala_Article_New

Apple Mobile වලට ආස කරන අය ඇඟිලි ගැන ගැන හිටපු දවස තිබුනේ ඊයේ . ඒ මොකද කියනවනම්, මේ අවුරුද්ද වෙනුවෙන් Apple සමාගම එලියට දාන අලුත්ම Mobile Model දෙක සහ Apple Watch එකේ Grand Event එක තිබුනේ ඊයේ. මේ Event එක පැවැත්වුන තැනත් ගොඩාක් විශේෂ වුනා. ඒ මොකද කියනවනම්, Apple සමාගමේ නිර්මාතෘවරයා වෙන ස්ටීවි ජොබ්ස් මහත්මයා වෙනුවෙන් හදපු Theater එකේ තිබුන පලවෙනිම Event එක මේක. ඊයෙ Launching Event එක පටන්ගත්තේ, ශ්‍රී ලංකාවේ වේලාවෙන් රෑ 10.30 ට විතර.


අපි මේ කියන්න යන්නේ ඊයේ Apple සමාගම Relase කරපු අලුත්ම Phone Model එක ගැන සහ එකේ විශේෂත්වේ. මේ තමයි ඊයේ උණු උණුවෙම ආපු Apple X කියන Model එක.

Apple X එක කියන්නේ කලින් ආපු Apple SE කියන Model එක වෙනුවට එන Replacement Model එකක්. ඒ කියන්නේ Apple SE කියලා ආපු Special Edition එක මීට පස්සේ එන්නේ නෑ. ඒ වෙනුවට එන්නේ මේ අලුත්ම Apple X එක. ඉතින් අපි බලමු මේ Apple X එකේ තියෙන විශේෂ දේවල් මොනවාද කියලා.

පළවෙනිම විශේෂත්වේ තමයි Apple Phone වල මුල්ම වතාවට Face Detection තාක්ෂණය එන්නේ Apple X එකෙන්. ඒ වගේම පහතින් තියෙන සුවිශේෂී ලක්ෂණ ටික මේකට ඇතුලත් වෙලා තියෙනවා.

– Phone එකේ Size එක අඟල් 5.5 ක්.

– $999 (£999 in the UK) price for 64GB version (ලංකාවේ සල්ලි වලින් නම් බදු රහිත මිල රුපියල් 202,662.55 ක් වෙනවා.)

$1,149 (£1,149 in the UK) for the 256GB version (ලංකාවේ සල්ලි වලින් නම් බදු රහිත මිල රුපියල් 233,092.37 ක් වෙනවා.)

– සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරන නම වෙන්නේ ‘iPhone 10’
– 64GB සහ 256GB model වලින් ගන්න පුළුවන්.

– සුපුරුදු Home Button එකක් මේ Model එකට නැහැ. Phone එක Unlock කරගන්න Face Detection තාක්ෂණය තමයි තියෙන්නේ. ඔබේ Phone එකට දාන එක බැල්මෙන් ඔබේ Phone එක Unlock කරගන්න පුළුවන්.

– Phone එක Charge කරන්න යොදා ගන්නේ රැහැන් රහිත Qi සහ AirPower තාක්ෂණය.

– Mobile එකේ දෙපැත්තම නිෂ්පාදනය කරලා තියෙන්නේ නොබිඳෙන සුළු Glass Material එකකින්.

– OLED තාක්ෂණය නිසා Display එකේ Pixel ඝනත්වය සුපිරි තත්වයක තියෙනවා.

– Front සහ Rear Camera දෙකම 12 MP (මෙගා පික්සල් 12 යි )

– ඇපල් සමාගමේ අලුත්ම Chip එක වන A11 Bionic C hips with Six Cores, තාක්ෂණයෙන් බල ගැන්වුන Chip එකක් තියෙනවා.

ඉතින් Apple X Phone එකට Pre-orders පටන් ගන්නේ October 27, වගේම November 3 වගේ වෙද්දී ඔබගේ අතටම ලැබෙන්න Apple සමාගම කටයුතු කරනවා. තව වෙන මොනවාද ඔබට Apple X එකෙන් ඕන ? අපිටනම් ඕන මේකේ මිල මීට වඩා අඩුවෙන් තමයි නේද? මොකද මේ Phone එකක් ගන්න එක්කෝ Bank Loan එකක් ගන්න වෙනවා. නැත්තන් ඉඩමක් විකුණන්න වෙනවා. එහෙමත් නැත්නම් මේ දවස් වල බුකියේ කතා වෙන විදිහට වකුගඩුවක් නෙවෙයි දෙකම විකුණන්න වෙනවා.




​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල