දාහයෙන් දැවෙන සම රැකගන්න පුළුවන් තරම් වතුර බොන්න

views 2017-05-16 10:55:00 Sinhala_Article_New

මේ දිනවල පවතින අධික උණුසුම බාල මහලු කොයි කාටත් දරා ගන්න බැරි තරම්. අව් රශ්මියට නිරාවරණය වන කාගෙත් සම අව්වට පිළිස්සීම වළක්වන්න අමාරුයි. අධික අවුරශ්මියට නිරාවරණය වීමෙන් හැකි තරම් වළකින ලෙස චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරුන් උපදෙස් දෙනවා.

රූපලාවණ්‍යය ගැන විශේෂයෙන් ම සැලකිලිමත් වන්නේ කාන්තාවන්. අව්වට සම පිළිස්සී අවපැහැ ගැන්වීම මේ කාලෙට බොහෝ කතුන් මුහුණ දෙන ගැටලුවක්. නිතර අව්වට නිරාවරණය වන වත්තේ පිටියේ හේනේ කුඹුරේ වැඩ කරන කාන්තාවන් පමණක් නොවෙයි පිරිමින් හා අව්වේ සෙල්ලම් කරන ළමයින්ටත් වෙනදාට වඩා දෙගුණයක් වැඩිපුර වතුර බොන්නැයි වෛද්‍යවරුන් පවසනවා. පාසලට ගෙනයන වතුර බෝතලය වෙනුවට දෙකක් ගෙනයන්න. හේනට කුඹුරට යන විට වැඩිපුර වතුර බෝතලයක් දෙකක් වත් රැගෙන යන්න. අව්වේ වේළෙන්නේ නැතිව හිසට තොප්පියක් හෝ සළුවක් වත් වසා ගන්න. අත් දිග හැට්ට, දිග කලිසම් වැනි හොඳින් සිරුර වැසෙන ඇඳුම් අඳින්න. නිවෙසින් බැහැර ගොස් පැමිණි වහාම සිසිල් දියෙන් මුව අතපය සෝදාගන්න. සබන් හෝ පිරිසුදු කාරකයක් යොදා සිනිඳු කෙඳි සහිත බුරුසුවකින් හොඳින් අතුල්ලා සේදීම වඩාත් සුදුසුයි.

ඔබ රැකියාවට යන යුවතියක නම් දිනපතා විවිධ ආලේපන ගල්වනවාට සැක නෑ, රැකියාවෙන් පසු නිවෙසට ආ සැණින් සියලුම ආලේපන ඉවත් කළ යුතුයි. ඒ සඳහා සුදුසු ආලේපන ඉවත් කිරීමේ ද්‍රව්‍යයක් හෝ මෘදු සබන් වර්ගයක් යොදා ගන්න.

ඔබේ සමෙහි ස්වභාවික තෙතමනය සහ පැහැය රඳවා ගැනීමට නම් සතියකට වරක්වත් පිරිසුදු කාරක ද්‍රව්‍යයක් යොදා මුහුණ සහ සිරුර පිරිසුදු කරගන්න. ඔබේ සමට සුදුසු පිරිසුදු කාරකයක් වෛද්‍ය උපදෙස් මත ‍තෝරා ගන්න. වියළි උණුසුම් කාලවලදී පිරිසුදුකාරක ක්‍රීම්වර්ග වෙනුවට ජෙල් වර්ග වඩා සුදුසුය. ඔබේ සම තෙල් සහිත නම් වඩා සුසුදු වන්නේ පෙණ සහිත පිරිසුදුකාරක වර්ග වේ. ඔබ නිවෙසින් පිටත ගොස් එන සැම විටම මෘදු පිරිසුදු කාරකයකින් මුහුණ හා සිරුර පිරිසුදු කළ යුතුය. වියළි කාලවලදී ඔබේ මුව මත තවරන ආලේපන මත වැඩිපුර දුහුවිලි තැවරේ. වැඩි වේලාවක් ආලේපන මුහුණෙහි තවරා ගෙන සිටීමෙන් ඔබේ සමෙහි රෝමකූප වැසී දහදිය පිටතට ඒම වළක්වාලයි. මෙය කුරුලෑ සහ ලප කැලැල් ඇති වීමට ද ඉක්මනින් සම වියපත් වීමට ද හේතු වේ. එහෙයින් සෑම රාත්‍රියකම නින්දට පෙර ඔබ දවස පුරා තවරා ගත් සියලුම ආලේපන හොඳින් ඉවත් වන ලෙස මුහුණ හා සිරුර සෝදා පවිත්‍ර කර ගත යුතුය. ගනකමැති ආලේපන වර්ග උෂ්ණ කාලයට සුදුසු නැත. ඒවා ගන තට්ටු වශයෙන් තැවරීමෙන් මුහුණේ කුරුලෑ මතු විය හැකිය. දැඩි හිරු රැසින් වැළැකීමට හිරු ආවරණ ආලේපයක් වඩා සුදුසුය. සුදුසුකම් ලත් රූපලාවණ්‍ය උපදේශකයකුගේ උපදෙස් මත ඔබේ සමට ගැළපෙන වර්ගයක් තෝරා ගත හැකිය.

හිරු ආවරණ ආලේප ගැල්විය යුත්තේ ඔබේ මුව හෝ සිරුර මත වෙනත් ආලේප ගැල්වීමට පෙරය. ඔබ හිරුඑළියට නිරන්තරයෙන් නිරාවරණය වන්නේ නම් හිරු ආවරණාලේප පැය දෙක තුනකට වරක් ගැල්වීම වඩා සුදුසුය. දැඩි හිරු රැසින් මිදෙන්නට නම් නිවෙසින් බැහැරව කරන ව්‍යායාම හෝ වෙනත් අත්‍යවශ්‍ය කටයුතු පෙරවරු දහයට පෙර හෝ පස්වරු හතරෙන් පසුව කරන්නට උත්සාහ කරන්න. පාසල් යන දුවට - පුතාට කුඩයක් හෝ තොප්පියක් දෙන්න. මේ දිනවල එළිමහන් ක්‍රීඩා හෝ ක්‍රියාකාරකම් වෙනුවට ගෘහස්ථ ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් වඩා සුදුසුය. වලාකුළු අධික දහවල ද උණුසුම වැඩිය. වලාකුළු මඟින් හිරුගේ අල්ට්‍රා වයලට් කිරණ අඩු කරන්නේ 20%කින් පමණි. එහෙයින් වලාකුළුවලින් අහස බර වූ දිනවලද හිරු ආවරණ ආලේපන හිස් වැසුම් කුඩ වැනි හිරු ආවරණ භාවිතා කිරීම සුදුසුය.

හිරු ආවරණ ආලේපන සිරුර පුරා ගැල්වීමට මතක තබා ගන්න. විශේෂයෙන් කන් පිටුපස, දණහිස් පිටුපස වැනි ඔබ ඒවා නොගල්වන තැන්වල සම අධික හිරු රැසින් පිළිස්සීම නිසා පසු කලෙක සමෙහි පිළිකා පවා ඇතිවන බව සොයා ගෙන තිබේ. හිරුරැස් අගුණ වීමෙන් වැඩිපුරම චර්ම පිළිකා වැල‍ඳෙන්නේ සුදු හමක් සහිත බටහිර රටවල ජනතාවටය.

චර්ම පිළිකාවලින් වැළකීමට මෙන්ම සම ආරක්ෂා කර ගැනීමට ඇතැම් එළවළු සහ පලතුරුවලට හැකි බව යුරෝපයෙහි කරන ලද පර්යේෂණවලින් හෙළිවී තිබේ. ප්‍රතිඔක්සිකාරක බහුල වර්ණවත් එළවළු සහ පලතුරු ඒ සඳහා වඩා සුදුසුය. දෙහි කුලයේ දොඩම්, නාරං ජම්බෝල මෙන්ම දම්වර්ග කොමඩු සහ දෙළුම් පලතුරු අතර ප්‍රධානය. කොළ තේ, හතුවර්ග, සැමන් හුරුල්ලන් වැනි තෙල් සහිත මාළු වර්ග, කැරට්, මාළුමිරිස්, වට්ටක්කා වැනි එළවළු සහ කජු, රටකජු, ආමන්ඩ් වර්ග, පිපිඤ්ඤා, ලබු වර්ග කැකිරි ද ඒ අතර වේ.

මේ දිනවල දැනෙන අධික දාහය හා පිපාසය සංසිඳුවා ගන්නට හැකි තරම් වතුර බොන්න. තැඹිලි, රණවරා බෙලිමල්, පොල්පලා සීනි රහිත තේ වතුර වැනි පානවර්ග වැඩිපුර බීම සුදුසුය. රුව වඩන්නට මෙන්ම රෝ දුක් දුරලන්න ද ජලය තරම් සුදුසු බීමක් තවත් නැත.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල