ලංකාවේ අපි කුලය ගැන කතා බහ කරන තැන් 5 ක්

views 2017-04-21 12:06:00 Sinhala_Article_New

මේක ලංකාවනේ. ඉතින් අපි හරි හොඳ සහ ගුණ යහපත් කමට කැමති, ජාති බේද දුරලපු හෙන හොඳ, කුල මල ගැන හිතන්නේ නැති කට්ටිය ලු, ඒවගේම “ලොවේ සැමා එක ම දැයේ දු දරුවන් වේවා” කියලා කියා ගෙන ඉන්න අයනේ ආයිබෝවන්. එහෙම ඉන්න අපිට ඔය කුල මල එහෙම මතක් වෙන්නේ නැති තරම්.

මෙහෙම කිව්වට අපේ හිත දන්නවා ඇත්ත එහෙම නෙවෙයි කියලා. අපි බහුතරයක් දෙනා ජීවිතේ වැදගත්ම තීරණ ගන්න වෙලාවට ඔය කුලය කියන කාරණාව එකතු කරගන්නවා අපේ තීරණ වල කොටසක් විදියට. මේක සමාජයෙන් ඉවත් වෙලා යායුතු දෙයක් වුනාට සමාජය ඇතුලේ මුල් බැසගෙන තියෙන දෙයක් වෙලා. ඉතින් අද අපි මේ උත්සාහ කරන්නේ සමාජය ඇතුලේ අපට කුලය කියන කාරණාව ඉස්මතු වෙන තැන් ගැන පොඩි විස්තරයක් ඔබ වෙතට කියන්නයි.

 
1. කසාදය
Sudden Caste Thoughts

Source – youtube.com/Hitha Riduna Hamadama – Rahal Alwis

කසාදය කියන්නේ මේ කාරණාව ගැන වැඩිපුරම සැලකිලිමත් වෙන අවස්ථාව. ඒ කියන්නේ නිකමට බලන්න ලංකාවේ මංගල යෝජනා තියෙන පත්තර පිටුවක් අරගෙන. ගොඩක් මංගල යෝජනා ආරම්භ වෙන්නේම කුලය ගැන කියලා එතන සිට අර තෝම්බුව දිග හැරගෙන තමයි.

අනික කුල දෙකක් අතරේ විවාහ සිද්ධ වෙනවා කියන්නේ ඉස්සර ගම්මාන අතරේ රණ්ඩු සරුවල් ඇතිවෙන්න හොඳ හේතුවක් වුණා. ඒ වගේම වර්තමානයට වඩා බොහොම වැඩියෙන් කුලය කියන කාරණාව ගැන  අතීතයේ දී කතා වුනාට මොකද වර්තමානයේත් ඒවා නැත්තට ම නැති වෙලා කියලා අපිට කියන්න නම් බැහැ.

 
2. දේශපාලනය
Sudden Caste Thoughts

Source – ticketslk.com

ජාති බේද, ආගම් කුල බේද වලින් තොර දේශපාලනයක් කියලා කිව්වට මොකෝ දේශපාලනයත් රැඳිලා තියෙන්නේ කුලය මතම තමා. කෙනෙක් ඡන්දය ඉල්ලන්න යනකොට තමන්ගේ කුලය සහ එම කුලවතුන්ගේ එකතුව ගණන් බලනවා. ඡන්දය භාවිතා කරන්නාත් තමන් ඡන්දය භාවිතා කරන්නේ කුමන කුලයේ සිටින්නෙකුට දැයි වරක් නොව දෙවරක්ම සිතන අවස්ථා තිබෙනවා.

සමහර වෙලාවට ගම් ප්‍රදේශවල එක් එක් කුල නියෝජනය කරන ජන කණ්ඩායම් වැඩියෙන් සිටින නිසා ඔවුන්ගෙන් බහුතරය නියෝජනය කරන කෙනෙකුව තෝරා පත් කර ගන්නට බොහොම කැමතියි. ඉතින් එහෙම අවස්ථාවක කුලය කියන්නේ සමහරුන්ට බලයට එන්න රුකුලක් බවට පත් වෙනවා.

මේ ප්‍රවණතාව ගම්බද පළාත්වල බොහොම තදින් දකින්නට තිබෙන බව නම් කියන්නට ම ඕනේ.

 
3. උදව්වක් ගනිත්දී
Sudden Caste Thoughts

Source – tmdb.org

මේ තමයි මේ ලයිස්තුවේ තිබෙන නරකම කාරණය, අපේ ගම්වල සමහර අය, කෙනෙකුගෙන් උදව්වක් අරගෙන මෙන්න මෙහෙම කියන අවස්ථා තියෙනවා.

ෂඃ නියම මනුස්සයා, මෙයා අහවල් කුලේ නිසා කිසි අවුලක් නැතුව ඒ උදව්ව කරලා දුන්නා මට, මොකද මමත් ඒ කුලේ නේ.

තමන් උදව්වක් ඉල්ලු තැනැත්තා ඒ උදව්ව කලේ අන් කිසිවක් නිසා නොව තමන් සහ ඔහු යන දෙදෙනා ම ඒ කුලේ කියනා කාරණාවයි ඔහු ඉස්මතු කරන්නට උත්සහ කරන්නේ.  නමුත් සමහරවිට ඔහුට උදව් කල පුද්ගලයා එලෙසින් සිතාගෙන උදව් නොකලා වෙන්නත් පුළුවන්.

සතියේ ලග්න පලාපල