කිරි වැඩියෙන් බොන්නේ බලාගෙනයි

දරුවන් වගේම වැඩිහිටියන්ද කිරි පානයකිරීමට ඉතාමත් පියයි. කිරි සෑම රටකම සිටින විවිධ ජාතීන් පරිභෝජනය කරනු ලබන පොදු ආහාරයක් වී ඇත. පරිභෝජනයට පෙර කිරි පැස්චරීකරණය හෝ ජීවානුහරණය වැනි යම් ආකාරයක තාපමය ක්‍රියාවලියකට භාජනය කළ යුතුය. මෙය මෙසේ සිදු කළ යුත්තේ කිරි පරිබෝජනයට පෙර එහි විය හැකි යම් ක්ෂුද්‍ර ජීවීන් විනාශවන බවට සහ එය කල් තබාගත හැකි ගුණාංගයන්ගෙන් දියුණුවන බවට වගබලා ගැනීමටය.
කිරිවල විටමින් හා පොස්පරස්, කැල්සියම්, පොටෑසියම්, සින්ක්, මැග්නීසියම් යන ඛනිජ ලවණ අන්තර්ගතවේ. දිනකට කිරි නිෂ්පාදන වේල් 1-2 ක් (වේලකට මිලි ලීටර 200 පමණ ) පරිභෝජනය කළ යුතු බව පිළිගැනේ.
නමුත් පමණට වඩා කිරි පානය කිරීම ද නුසුදුසු බව වෛද්‍ය මතය වී ඇත. මන්දයත් කිරිවල මේදය අන්තර්ගත නිසා, තරබාරු වීමට එය හේතුවක් වියහැකි නිසා ය. එසේම ම පිටි කිරි පානයට වඩා දියර කිරි පානය ඉතාම ගුණදායකයි. ඇමරිකානු සෞඛ්‍ය ආයතනය පෙන්වාදෙන්නේ තේ වලින් ලැබෙන නිසි ගුණය ලැබෙන්නේ කිරි නොදා පානය කල විට බවයි.තේ වල ඇති මහගු ගුණයක් වන හෘද රෝග සහ පිලිකා නැති කිරීමේ ගුණය කිරි යෙදීමෙන් හීන වන බව ඔවුන් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක රටතුළ ඇති කිරි නිෂ්පාදනය එම රටවල ඉල්ලුම සැපයීමට ප්‍රමාණවත් නොවේ. එම නිසා එම රටවලට කිරි හා කිරි ආශ්රිත නිෂ්පාදන ආනයනය කිරීමට සිදූව ඇත. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, අමෙරිකා එක්සත් ජනපදය ලොව විශාලතම කිරි ආශ්රිත නිෂ්පාදන අපනයනය කරන රටවල් වේ.
වෙනත් බොහෝ ආහාරද්‍රව්‍ය වලට තිඛෙන තහංචි බෙහොමයක් කිරිවලට බලනොපාන නමුත් පිටිිකිරි භාවිතයේදී ප්‍රෙව්සම් විය යුතුය. විශේෂයෙන්ම ගුණය බාල කරන ලද කිරිපිටි භාවිතයෙන් රෝග රැසකට මුලපුරනබව විද්වත් මතයයි. සත්ත්ව නිෂ්පාදන ආශ්රිත ආහාර භාවිතා නොකරන්නන් සඳහා පොල්, ආර්මන්ඩ් හා සෝයා වැනි ශාකවලින් නිෂ්පාදිත කිරි, වෙළෙඳ පොළේ මිලදීගැනීමට ඇත. මෙනිසා කිරි කෙතරම් ගුණදායක වූවත් භාවිතයේදී ප්රෙව්සම්වෙමු.
සිංහල ලිපි
-
රජෙක් ඉල්ලන ජනතාවක්
2018-04-26 10:47:00 Views 11 Read More...ට්‍රාන්ස්ෆෝමරය අසලින් ඇති අඩිපාර දිගේ අපගේ ඇස් දිව යන්නට විය. කටුපඳුරු, වැල් වලින් එල්ලී පහළට බැසිය යුතු
-
වැදි පරපුරේ වෙදැදුරෝ
දඬුබැඳි රුප්ප වසර දහස් ගනණක් තිස්සේ පැවැත එන මානව ජනාවාසයකි. වර්තමායේ එය විශාල
-
හිතූමතේ නොයා යුතු නකල්ස්
විනෝදය පමණක් අරමුණු කරගෙන නකල්ස් රක්ෂිතයට ඇතුළු වීම තරමක් අවදානම්ය. අලංකාර පරිසර පද්ධතිය -
එයා සුදුයි මෙයා කළුයි දැන් මොකද අපි කරන්නේ?
අමන්දා සුදු ජාතික කාන්තාවකි. මයිකල් කළු ජාතික පිරිමියෙකි. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයේ ඵලය නිවුන් -
අලුත් අවුරුද්දට සුබ නැකතට උතුරවන්නේ පොල් කිරි නොව එළකිරි ම ය
කිරි ඉතිරවීම සිංහල සංස්කෘතියේ ප්‍රධාන අංගයකි. ඕනෑම සුබ වැඩකදී මෙන්ම අලුත් අවුරුදු උදාවේදී ද කිරි ඉතිර වීම -
ඒ කාලේ වයිල්ඩ් ලයිෆ් කළ හැටි
දශක තුනකට වැඩි කලක් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කළ අයකු එහි සේවයට බැඳුණු මුල්ම දිනයේ ලද -
බක් මාසෙට එළිය ගෙනෙන කජු
දේශීයව මෙන්ම විදේශීයවද කජු සඳහා ඇත්තේ ඉහළම ඉල්ලුමකි. මෙරට කජු වගාවන්ගෙන් හරි අඩකටත් වඩා