හැකි තරම් ජලය පානය කර නිරෝගී වෙමු

ජලය කියන්නේ ශරීරයට අත්‍යාවශ්‍ය දෙයක්. පිපාසය නිවා ගන්න පමණක් නොවේ ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යාමටත් ජලය වැදගත් සාධකයක්. දිනකට සාමාන්‍යෙයන් අපි වතුර ලීටර් 1.5 ක් වත් පානය කරන්න ඕන. නිසි පරිදි ප්‍රමාණවත් ආකාරයට ජලය පානය නොකෙරුවොත් ඇතැම්විට එය ජීවිත අවධනාමකටත් හේතුවක් වෙන්න පුළුවන්.
නිසි පරිදි ජලය පරිබෝජනය නොකරන්නේ නම් සම වියළී ඉක්මනින් රැළි වැටීම, නිරන්තරයෙන් පිපාසය දැනීම, මුත්‍රා පිටවීම අඩු වී මුත්‍රා අධික කහ පැහැයක් ගැනීම, ශරීරය විජලනයට පත් වී නොයෙක් අබාධවලට මුහුණ දීමට සිදුවිය හැකියි. සාමාන්‍යෙයන් නම් දහවල් 12ට පෙර ජල කෝප්ප 6 ක් වත් පානය කළ යුතුයි. කුඩා දරුවෙක් වුනත් දිනකට ජල කෝප්ප 6 ක් පමණ පානය කලොත් ශරීර සෞඛ්‍යයට හරිම වැදගත්.
බොහෝවිට ඕනෑම අයෙක් ජලය පානය කරන්නේ තමන්ට පිපාසයක් දැනුන විටයි. එහෙත් සිදුවිය යුත්තේ පිපාසය දැනීමට පෙරම ජලය පානය කිරීමයි. මේ නිසා අධික තිබහක් එන්න පෙර ජලය පානය කරන එක පුරුද්දක් කර ගත්තොත් එය යහපත් ශරීර සෞඛ්‍යයකට වැදගත්.
හැබැයි ජලය අලෙවි කිරීමට තියලා තියෙන ප්ලාස්ටික් බෝතල් වල යළි යළිත් ජලය පුරවලා පානය කරනවා නම් එය හොඳ දෙයක් නෙමෙයි. මේ නිසා ජලය ගබඩා කරලා තියාගන්න සුදුසු ප්‍රමිතියෙන් යුතු බෝතල් පාවිච්චි කරන්න.
සිංහල ලිපි
-
රාජකාරී මේසයේ හිඳ ආහාර ගන්න එපා
2018-04-24 10:36:00 Views 60 Read More...බොහෝ වෙලාවට කාර්යාලයේ තියෙන තම මේසයේ හිඳගෙන ආහාර ගන්න බොහෝ දෙනෙක් පුරුදු වෙලා
-
අසාත්මිකතාවෙන් වැළකෙන්න අගුණ දෙයින් ඈත් වෙන්න
ලෝකයේ සෑම රටකම අසාත්මිකතාවන්හි වැඩි වීමක් දක්නට ලැබේ. අනෙකුත් රෝග තත්ත්වයන්ට සපේක්ෂව
-
සලාද කොල වල ඇති ඔබ නොදන්නා ගුණ
වර්තමානයේ ආහාර සැකසීමේ දී නැතිව බැරි රසවත් එළවළුවක් වන සලාද කොළ (lettuce) අනාදිමත්කලක් පුරා -
දියවැඩියාව මට්ටුකරන හෙළ වෙදකමේ ප්‍රභල අත් බෙහෙත් කීපයක්
දියවැඩියාව සඳහා විවිධ අය විවිධ නම් භාවිතා කලද (මධුමේහ, බහුමුත්‍රතාව, diabetes, සීනී ලෙඬේ) සරල නාමය -
ඔබ නොසිතන සෞඛ්‍යය ප්රතිලාභ ලබා දෙන ධාන්‍ය වර්ගය – බාර්ලි
ලාංකික අපට තවමත් තරමක් ආගන්තුක වුවත් බටහිර රටවල නම් බාර්ලි (Barley) යනු ඉතාම ජනප්‍රිය ධාන්‍ය -
ඔබේ නිවසත් කසල ගොඩක් වෙලාද? අළුත් විසදුමක් සොයමුද?
අප නිවසේ එදිනෙදා මෙන්ම දිගුකාලීනව එකතු වෙන කසළ කියන්නේ අපට මහත් ගැටළුවක්.පසුගිය දිනවල -
කෘත්‍රීම පෝෂක වෙනුවට රටඉඳි කෑමට ගනිමුද?
අතීතයේ පටන් සාම්ප්‍රදානුකූලව රාමදාන් මාසය තුළ උපවාසය බිඳ දැමීමට යොදා ගන්නේ අතිශයින්ම