යහපත් ජීවන රටාවකින් සුවදායි දිවියක්‌


views 2017-09-29 10:04:00 Life_New

ඔබ දන්නවාද?

දිනකට සිදුවන සෑම මරණ දහයකටම හයක්‌ හෝ හතක්‌ සිදුවන්නේ බෝ නොවන රෝග හේතුවෙනි.

ප්‍රධාන බෝ නොවන රෝග මොනවාද?

* හෘදයාබාධ

* ආඝාතය (අංශභාගය)

* අධික රුධිර පීඩනය

* දියවැඩියාව

* පිළිකා

* නිදන්ගත ශ්වසන රෝග

බෝනොවන රෝග

* එක්‌ අයකුගෙන් තවත් අයකුට බෝ නොවේ

* අවදානම් චර්යා හේතුවෙන් පසු කාලීනව වැළඳිය හැකිය.

* දීර්ඝකාලීන සංකූලතා ඇති කිරීමට හේතුවේ

බෝ නොවන රෝග සෑදීමට තුඩු දෙන්නා වූ අවදානම් චර්යා

* හිතකර නොවන ආහාර

* ක්‍රියාශීලී නොවීම

-*දුම්බීම හා මද්‍යසාර පානය

අධික භාවිතයට නුසුදුසු ආහාර

* පිටි සහිත ආහාර (උදා( පාන් පිටිවලින් සැකසූ ක්‍ෂණික ආහාර)

* තෙල් අධික ආහාර (උදා( සම ඉවත් නොකළ මස්‌, තෙලෙන් බදින ලද ආහාර වර්ග)

භාවිතය සඳහා අසංතෘප්ත මේද (එළවළු තෙල්), සංතෘප්ත මේදයට (පොල්තෙල්, බටර්) වඩා ශරීරයට හිතකර වූවද කෑම වර්ග බැදීම සඳහා එක්‌ වරක්‌ භාවිතා කළ අසංතෘප්ත මේදය නැවත භාවිතා කිරීම ඉතාමත්ම නුසුදුසුය. එමගින් ශරීරයට ඉතා අහිතකර ට්‍රාන්ස්‌ මේද අම්ල ඇති වේ.

ක්‍රියාශීලී ජීවන රටාවකින් සුවදායි දිවියක්‌.

පහසුවෙන් යෙදිය හැකි ක්‍රියාකාරකම්

නිවසේදී(

* රෙදි සේදීම

* ගෙවතු වැඩවල යෙදීම

* ගෙවල් දොරවල් ශුද්ධ පවිත්‍ර කිරීම

* පිටි කෙටීම

* දරුවන් සමඟ ක්‍රීඩා කිරීම

කාර්යාලයේදී(

* සෝපානය වෙනුවට පඩිපෙළ භාවිතය

* කෙටි දුරවල් පයින් ගමන් කිරීම උදා( ගෙදරට බස්‌ නැවතුම්පළවල් දෙකකට කළින් බසයෙන් බැස වේගයෙන් පයින් ගමන් කිරීම

විවේක කාලයේදී:

සතියකට දින 5 ක්‌ වත් නිරෝගී වැඩිහිටියකු දිනකට විනාඩි 30 ක පමණ කාලයක්‌ බැගින් ව්‍යායාමවල යෙදිය යුතුය.

උදා: වේගයෙන් ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම

දුම්පානයෙන් වැළකීම සුවදායී ජීවිතයක්‌ ළඟා කරවයි.

දුම්බීම නිසා:

* හෘදයාබාධ

* පිළිකා

* අප්‍රසන්න පෙනුමක්‌ ඇතිවීම

* ලිංගික බෙලහීනතාවය

* පාද අහිමිවීම වැනි තත්ත්වයන්ට ඔබ ගොදුරු වේ.

අධික මද්‍යසාර පානය බෝ නොවන රෝග රැසකට හේතු කාරක වේ.

මද්‍යසාර පානය නිසා(-

* ඔබව අප්‍රසන්න මිනිසකු බවට පත් කරයි.

* ආර්ථික අපහසුතා ඇති කරවයි

* පවුල් ජීවිතයේ ආරවුල් සහ අඬදබර ඇති වීමට හේතුකාරක වේ.

බෝනොවන රෝග වළකමු

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල