ලොව ජනගහනයෙන් 75% කට නින්ද යාමේ ප්‍රශ්න


views 2017-09-28 09:52:00 Life_New

ලොව පුරා ජනගහනයෙන් සියයට 75 කට පමණ නින්ද ආශ්‍රිතව කුමන හෝ ගැටලුවක්‌ පවතින බව බටහිර විද්‍යාඥයකු වන වෛද්‍ය ඇන්ඩා බහාරව් අනාවරණය කර තිබේ.

වෛද්‍යවරුන් පුද්ගලයකුට රාත්‍රී කාලයේ පැය හතහමාරක නින්දක්‌ නිර්දේශ කළද අලුතින් නිපදවා ඇති "ස්‌ලිප් රේට්‌" මෘදුකාංගයට අනුව කිසිදු නින්දක්‌ නොමැති බවට ජනගහනයෙන් සියයට 75 ක්‌ම පැමිණිලි කර ඇති අතර දවස පුරා නිදිමත දැනීම පිළිබඳව සියයට 73 ක්‌ද, නින්දෙන් අවදිවීම පිළිබඳව සියයට 71 ක්‌ ද නිදා ගැනීම අපහසුවීම පිළිබඳව සියයට 50 ක්‌ද, නින්දේදී ගෙරවීම පිළිබඳව සියයට 48 ක්‌ද, රාත්‍රී කාලයේ අතරමග හෝ උදෑසන නියමිත වේලාවට කලින් අවදි වීම පිළිබඳව සියයට 36.5 ක්‌ද පැමිණිලි කර තිබේ.

මෙම නින්ද ආශ්‍රිත ගැටලු හේතුවෙන් වැඩිහිටි පුද්ගලයකුගේ ජීවිත කාලය තුළ දින 468 ක නින්දක්‌ අහිමි වන බව ඇස්‌තමේන්තු කර තිබේ.

ඇමරිකා එක්‌සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව නින්ද අඩුවීම මගින් හෘද රෝග, අධි රුධිර පීඩනය, ස්‌ථුලභාවය දිවයෑඩියාව, හා ජීවිත කාලය අඩුවීම වැනි තත්ත්වයන් ඇති කරලීමට හේතු වේ.

නින්ද අඩු වීම, පුද්ගලයකුගේ අවදානය අඩු වීම, ඵලදායිතාවය අඩුවීම, ඉරියව් වෙනස්‌ වීම, පවුලේ හා කාර්යාලයේ පුද්ගලයින් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වයක යෙදීමට අසීරු වීම වැනි තත්ත්වයන්ද උදා කරන බව හෙළි වී තිබේ.

ස්‌ලීප් රේට්‌ සංවිධානය සැප්තැම්බර් 05 වැනිදා සිට ඔක්‌තෝබර් 03 වැනිදා දක්‌වා "ග්ලෝබල් ස්‌ලීප් µsක්‌ස්‌" නමැති ව්‍යාපෘතියක්‌ දියත් කර ඇති අතර ලොව පුරා ජනතාවට සෞඛ්‍ය සම්පන්න, ආතතිය අඩු ඵලදායි ජීවිතයකට මග පාදන අයුරින් සිය නින්ද වර්ධනය කර ගැනීමට උපකාරී වීම එයින් අපේක්‍ෂා කෙරේ.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල