රෝග මර්දනයට ගුණ අඹ


views 2017-09-12 10:11:00 Life_New

"මහා වෘක්‍ෂ වග_ඃ"
ආමුඃ පිණ්‌ඩිඵලඃ
මඤ්ජරී කානනාධිපඃ
වඝනත දූත ශ්වු තෝති
සෞරභඃ සහකාරකඃ

අඹ ගස මහා වෘක්‍ෂ ගණයේලා සැලකේ. විශාල ලෙස අතු ඉති පැතිරී අඩි හත අටක්‌ තරමට කඳ මහත් වී අඩි හැට හැත්තෑව තරමට උසට වැඩී දැකීමට ඇත

මේ මිහිතලයේ ජීවත් වන සකල ශ්‍රී ලංකාවාසීන්ට ඉතා ප්‍රියජනක වූ විශේෂිත වූ පලතුරකි, මියුරු රසයෙන් යුක්‌ත වූ අඹ. හෙළ බසින් අඹ නමින් හැඳින්වුවත් අපේ ඉපැරැණි සංස්‌කෘත භාෂාවේ සඳහන් වනුයේ ඉහත සඳහන් ශ්ලෝකයේ පරිදි ආමඃ පිණ්‌ඩිඵලඃ මඤ්ජරී කානනාධිපඃ වශයෙනි.

ලංකාවේ වැවෙන වැඩෙන අඹ වර්ග කීපයකි, ගිරා අඹ, පෙට්‌ටි අඹ, මී අඹ, කොහු අඹ, යාපනේ අඹ වශයෙනි. මෙම අඹ වර්ග පැරැණි ග්‍රාමීය වගාවකි. ග්‍රාමීය ගොවියාගේ ආර්ථිකය පෝෂණය කරන්නකි.

උෂ්ණ ගුණය මිහිරි ගුණය ඇඹුල් රස ගුණය විරේචන ගුණය ගැබ්ව පවතී. එය ආයුර්වේදය දෙසට රෝග සුවතාවයට ඉවහල් වන ආකාරයයි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී (මනුෂ්‍යයාට) මානව වර්ගයාට නොයෙකුත් විවිධාකාර රෝග බෝවීම වැළඳීම ආයුර්වේද ඉතිහාසය දෙස විමර්ශනාත්මකව බැලුවොත් Rතු විපර්යාසය මුල් වී පැවතී ඇත. වසන්ත Rතුව ගී්‍රෂ්ම Rතුව ආදී වශයෙන් ප්‍රභේද වෙති. අඹ පලදරා අස්‌වනු ලබාගත හැකි වන්නේ සෑම වසරකම දෙසැම්බර් මාසයේත් අප්‍රේල් මස සහ මැයි මාසයේදීත් වශයෙනි.

මා මෙහි සඳහන් කළ ඉහත සඳහන් අඹ වර්ග පහට අමතරව තවත් අඹ වර්ග රාශියක්‌ තිබේ. ගැමියන් අතර එය භාවිතයට නැඟෙන්නේ වගා අඹ, ආණ්‌ඩුවේ අඹ, කෘෂිකර්ම අඹ, බට්‌ අඹ යනුවෙනි. කෘෂි විද්‍යාවේ තාක්‍ෂණයෙන් නිර්මාණය කෙරුණු අඹ වශයෙන් කර්තකොලොම්බන්, වෙල්ල කොලොම්බන්, විලාඩ් වශයෙන් ජනතාව අතරත් කොළඹ වෙළෙඳපොළේත් මේ වන විට ජනප්‍රිය වී ඇත. එම අඹ වර්ග තුන ඉතා සරුවට වගා කර හොඳ අස්‌වැන්නක්‌ ලබාගනු ලබන්නේ ඇඹිලිපිටියේත් මිද්දෙණිය තෝරකොළයාය යන ප්‍රදේශ වලය. සරුවට වැඩුණු අඹ ගෙඩි දහස්‌ ගණනින් ලක්‍ෂ ගණනින් ලොරි මගින් මිනුවන්ගොඩ, ගම්පහ වැනි පලතුරු නිෂ්පාදනාගාර වෙත ප්‍රවාහනය වෙති. කොළඹ වෙළෙඳපොළට ප්‍රවාහනය වෙති.

ගම් මට්‌ටමින් බිම් මට්‌ටමින් ගිරා අඹ, පෙට්‌ටි අඹ, කොහු අඹ, මී අඹ, යාපනේ අඹ, පැළවීම වැඩීම සිදුවනුයේ සිටුවාම වගා කරලාම නොවේ. ඉදුණු අඹ ගෙඩි අඹ ගසක වසා එය කඩාගෙන ඩැහැගෙන හෝ මියුරු අඹ පැණිය උරා බී බිම හෙළන ඇටය පැළවී ඉබේම හැදී වැඩී පල හටගැනීමය. මෙම අඹ ගස්‌ සිංහරාජ අඩවියේත් සමනොල කන්ද අඩවියේත් දක්‌නට ලැබෙනුයේ අල්ප වශයෙනි. ලංකාවේ අන් සෑම ප්‍රදේශයකම දැකගැන්මට හැකිය.

වර්තමානයේ අඹ වලින් නිෂ්පාදනය කරන ලද බීම වර්ග ටොµs අයිස්‌ක්‍රීම් දැකගැනීමට ඇත. ගමේ පන්සලේ බුද්ධ පූජා වට්‌ටියේත් දානය වළ\ අවසන ගරුතර මහා සංඝරත්නයට පූජා කරනු ලබන පලතුරු වට්‌ටියේත්, විෂ්ණු කතරගම සුමන සමන් යන දෙවිවරුනට පූජාව තබන පූජා වට්‌ටියේත් කාහටත් නෙත ගැටෙන පලතුරකි. ඉඳුණු අඹ "පලතුර"

ලංකාවේ අවන්හල්වල භෝජනාගාරවල මංගල අවස්‌ථාවේ මංගල කෑම මේසයේත් ගමේ පිරිත් පිංකම් ගෙදර බණ ගෙදර සහ අවමඟුල් ගෙදර යන ස්‌ථානවල ඒ වෙත පැමිණෙන ආරාධිත සහ අනාරාධිත අමුත්තන්ට පිරිනැමෙන භෝජන සංග්‍රහයේ මේසයේ අඹ වලින් සැකසූ වෑංජනය වරදින්නේම නැත. එතරම්ම අඹ පලතුරින් සැකසූ වෑංජනය ජනප්‍රිය වී පවතී.

අඹ පලතුරින් ගසෙන් පොත්තෙන් කොළෙන් ගෙඩියෙන් අඹ ගෙඩියේ යුෂෙන් ඇටේ මදයෙන් රෝග මර්දන ප්‍රතික්‍රියාවට යොදා ගන්නා බව මෑත යුගයේ දනන් නොදැනුවත් වුවත් ඈත යුගයේ ගැමි දනෝ සහ දේශයේ ජීවකයාණන් වන විශේෂිත වූ උත්තුංග බුද්ධිමත්භාවයෙන් පිරිපුන් ආයුර්වේද වෛද්‍යවරයාණෝ දැනසිටියෝය.

"ගිය පණවත් රැකගන්නට ඉඟුරු යුෂින් දෙනු ලබන්ට යන පණටිත රැකගන්නට අඹ යුෂයෙන් දෙනු බලන්ට"

අඹ ගහේ මුලේ පොත්ත ගහේ කඳේ පොත්ත හන්දි වෙදකමේදී භාවිතයට යොදා ගනු ලබන්නේ පත්තු මැල්ලුම් සඳහාය. අඹ යුෂ යොදා ගනු ලබනුයේ ශ්වසන රෝගයේ අවසන මාරාන්තික අවස්‌ථාවට එළඹි අවස්‌ථාවේදී ඒ සඳහා යොදන දේශීය ඖෂධ සංයෝගයනට රෝගියාගේ නාඩි වැටෙන අයුරු තේරුම් ගැනීමෙන් පසුවය.

සේලයින් සමඟ ප්‍රතිජීවක බටහිර ඉන්ජෙක්‌ෂන් බෙහෙත් පවා යොදා එයින් ද ප්‍රතිඵලයක්‌ ලබාගත නොහැකිව හුස්‌ම ටික හිරවී යා නොදී මියුරු අඹ යුෂ ටික උපයෝගී කර ඖෂධ වර්ග යොදා එලොව යා නොදී මෙලොවට ගැනීමට තරම් නැණ නුවණ මෙහෙයවා අභීතව වෙදකම කර ජීවිතයත් ගලවා ගැනීමට තරම් බලයක්‌ ශක්‌තියක්‌ අපේ රටේ අපේ පොළොවේ හැදී වැඩුණු අඹ ගෙඩියේ යුෂ ටිකක්‌ විශ්මය උපදන දෙයක්‌ බවට ප්‍රවේශ වූ වගයි. අඹ ඇට මදය කසායට කල්කයට ආසවයට අරිෂ්ඨයට යොදාගනු ලැබේ.

අඩි සීයක්‌ දෙසීයක්‌ උසට වැඩී අඩි හත අටක්‌ වටවූ කඳ සහිත මේරූ අඹ ගස්‌ කපා ඉරවා ලෑලි සාදා එම ලෑලිවලින් ලොරි රථවල තට්‌ටුව සකස්‌ කිරීමටත් ගෙවල්වල සොල්දොරහි තට්‌ටුව සෑදීමටත් ගෙවල්වල දොරවල් සෑදීමටත් යොදා ගනිති. නිවසක්‌ ඉදිරියේ අඹ ගසක්‌ තිබීම

පැරැණි ග්‍රාමීය වැසියාට සුබම සුබ දසුනක්‌ විණි.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පලතුරු සංවර්ධන වැඩසටහනට දිරි දීමක්‌ ලෙස මෙම ලිපි පෙළ පළ කෙරේ.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල