ඇළ දොළ ගංගාවල ස්‌නානය කිරීම ඖෂධ ඔරුවක ස්‌නානය කරනවා වගෙයි


views 2017-09-06 10:53:00 Life_New

ත්‍රිශූත විග්Æණය (වේදය) යටතේ දේශීය පාරම්පරික වෙදකම තුළින් ලෙඩ රෝග සුවකිරීම නොහොත් ඇතිවීමට පෙර කල්තියා හඳුනාගෙන රෝග ඇතිවීම වැළැක්‌වීමට ප්‍රතිකාර කිරීමට අතීතයේ සිට අද දක්‌වාම ප්‍රසිද්ධියක්‌ උසුලන බව පෙනේ. මෙය නිල ශාස්‌ත්‍රය සමග එන ඉතාම පැරණි දේශීය වෛද්‍ය ක්‍රමයකි.

සත්ත්ව, ශාක, ඛනිජ යටතේ ස්‌වභාවික ක්‍රමය සහ දේවඥ ක්‍රමය ලෙසින් මෙම වෙදකම කොටස්‌aa යටතට ගැනේ.

සත්ත්ව කොටස්‌, ශාකමය කොටස්‌ සහ ඛනිජමය කොටස්‌ උපයෝගි කරගෙන රෝග සුවයට, රෝග ඇතිවීම වැළැක්‌වීමට කෙරෙන ප්‍රතිකාර ක්‍රමය යටතේ එය ඉතාම සාර්ථක ක්‍රමයක්‌ බව පෙනේ.

ස්‌වභාවික ක්‍රමය යටතේ හිරු එළිය එහි ප්‍රධානම සාධකය වේ. හිරු එළියෙන් ලෙඩ සුවකර ගත හැකි බවට වූ කාරණාව යටතේ හිරු එළිය නොමැතිව වැඩෙන පඳුරක්‌ මලානිකව සුදුමැලි වී වර්ධනය වීම තුළින් කරුණු අවබෝධ කර ගැනීමේ හැකියාව තිබේ. සැබැවින්ම හිරු එළිය නීරෝගි දිවිපෙවතකට මනා වූ සාධකයකි.

ජලය රෝග සුවයට පිටිවහලකි. එහෙත් ජලය යනු නළ ජලය නොවේ. නළ ජලය භාවිතයෙන් නිසි පරිදි සිරුරේ තාපය, උෂ්ණය නිවී යන්නේ නැත. ජලය යනු ස්‌වභාවික ළිං, ගංගා, ඇළ දොළ , වැව් මගින් ලබා ගන්නා ජලය විය යුතුයි. ස්‌නානය සඳහා ගංගා, ඇළ, දොළ භාවිත කළ ආදි මුතුන් මිත්තෝ ඉතාම නිරෝගී ජීවිතයකට හිමිකම් ලබා ගැනීමේදී ස්‌නානය එහි මූලික කරුණක්‌ වී තිබූ බව පෙනෙන්නට තිබේ.

වැවක, ගංගාවක, ඇළක, දොළක ස්‌නානය කරනවා යනු බෙහෙත් ඔරුවක නානවා හා සමාන දෙයකි. මෙහි පතුලේ නොයෙක්‌ කොළ වර්ග වැටී තිබේ. කොළ පමණක්‌ නොව මල් වර්ග ජලයට වැටී තිබෙනවා සේම මුල් වර්ග ජලයට සම්බන්ධ වේ. සතුන්ගේ කොටස්‌ බොහෝ තැනක ජලයට සම්බන්ධ වන අතර ඛනිජ වර්ග නිතැතින්ම පතුල හරහා ජලයට සම්බන්ධය. එසේ නම් සත්ත්ව, ශාක සහ ඛනිජ යන කොටස්‌ එක්‌වූ ජලය නිරෝගී සුව ලබාදීමට මග විවර කරදෙයි. මෙහිදී ස්‌ටීම් බාත්වලින් සිරුරට සලසා ගැනීමට දරන උත්සාහය ඵලක්‌ නොවන්නේ ගංගා, ඇළ, දොළෙහි ගලන ජලයේ වූ ගුණාත්මකභාවය ස්‌ටීම් බාත්වල නොමැති නිසාවෙනි. අද වන විට කනගාටුවට කරුණක්‌ වී ඇත්තේ මිනිසා විසින්ම ස්‌වභාවික ජලය අපවිත්‍ර කිරීමට දායක වී සිටීමයි.

ජලය පානයත් නිරෝගී දිවියට අත්‍යවශ්‍ය දෙයකි. විනාඩි 15 වතාවක්‌වත් අමතක නොකර ජලය මිලිලීටර් 50 - 60 පමණ පානය කරනවා නම් සැබැවින්ම නිරෝගීභාවයට හොඳ බව පෙනේ. එහෙත් අද කාර්යබහුල ජීවන රටාව මිනිසාට ජලය පානයට මං අවහිර කර ඇති සෙයකි. අද බොහෝ දෙනෙක්‌ ප්‍රමාණවත් ජල ප්‍රමාණයක්‌ පානය නොකිරීම රෝග ඇතිවීමට හේතු වී ඇති බව පෙනේ.

රෝග සුවයට සත්ත්ව, ශාක, ඛනිජමය කොටස්‌ වාගේම ස්‌වභාව ධර්මය හේතු වන බවට වූ කාරණා පිළිබඳ යම් හැඳින්වීමක්‌ කළෙමු. දැන් අප රෝග සුවයට හේතුවන දේවඥ ක්‍රමය පිළිබඳ බලමු.

මෙය මානසික රෝග තත්ත්වයට අයත් වේ.

උදාහරණ ලෙසට අපේ හිත්වල තැන්පත් වී තිබෙන ප්‍රේත, භූත, බන්ධන ආදී වූ දෙය මෙයට ඇතුළත්ය.

පාළු මාවතක, කනත්තක්‌ ළඟින් ගමන් කිරීමේදී සිතට කම්පනයක්‌ ඇති වන අවස්‌ථා තිබේ. එය මනසට දැඩි ලෙස කා වදින විට ප්‍රේත ආත්මයක්‌ ඇතුළු වූ බවට මනස දුර්වල වන අය සිටිති. එවන් වූ අයගේ මනස එතැන් සිට ඒ හා සමානව ක්‍රියා කරන්නේ භීතියෙන් ඇලළෙමිනි.

එවැනි අවස්‌ථාවල මනසට ආරූන් කරගෙන සිටින සිතුවිලි දේවඥ කර්මය තුළින් ප්‍රතිකාර කර මනසේ ඒකාග්‍රතාවය ඇති කරගත ක්‍රමයක්‌ මෙම වේදය තුළ තිබේ.

එවැනි අය පෙරේත දෘෂ්ටියක්‌ නැහැ කිව්වාට පිළිගන්නට සූදානම් වන්නේ නැත. මෙය ශරීරයේ අන්තර්ගත ක්‍රියාදාමයක්‌ තුළ සිදුවන දෙයක්‌ බව පිළිගැනීමට ඔවුන්ගේ කැමැත්තක්‌ නැත.

උදාහරණයක්‌ ලෙසට මෙහෙම සිතන්න. වේදිකාවක සතුන් ටිකක්‌ දමා යටින් ගින්දර දමනවා. සතුන් සිටින්නේ යකඩ තැටියක්‌ මතයි. තැටිය රත් වෙනවා. පැත්තක ඉඳලා බෙරේකින් ශබ්ද කරනවා. රත්වන විට සතුන් උඩ පනිනවා. වේදිකාවේ යටින් රත් නොකර බෙරය වාදනය කරන විටත් සතුන් උඩ පනිනවා. මේ අනුව බලන කල මෙය හිතා මතා නොව මතක්‌ වන විට "මානසික උන්මාදය", මනසින් සිරුරට එන බවක්‌ පෙනෙනවා හරියට ඉහත උදාහරණය වගේ.

හිස්‌ මුදුනේ වක්‍ර හතක ක්‍රියාවක්‌ තිබෙනවා. හිස්‌ මුදුනට තෙල් සාත්තුව දේශීය වෙදකමට ආවේණික දෙයක්‌.

තෙල් සාත්තුව ගැන බලමු

හිස්‌ මුදුනට දමන තෙල්, වාමය, දක්‌ෂිණ හරහා යටිපතුල් දක්‌වා තර්පණවේදී සෛල තුළින් තෙල්වල ක්‍රියාකාරීත්වය ඇති කරනවා.

ත්‍රිශුත විග්Æණ වේදය අනුව රෝග සුවයට විශේෂිත වූ තෙල් වර්ග හඳුන්වා දී තිබෙනවා. දහස්‌ ගණනක්‌ පැරණි ඖෂධ වට්‌ටෝරු හරහා ත්‍රිශූත්‍ර විග්Æණ වේදයටම ආවේණික වූ තෛල සාත්තුවෙන් නුවණ (ඇස්‌වල සුද ඇතිවීම වැළැක්‌වීම) පොළවග, තිඹිරිපටවල (ඇස්‌වල දැලක්‌ බැදීම වැළකීම) උල්වාරට, (වා, පිත. සෙම අක්‍රමවත් වීම) ඇසකඹ, හලිමඟ, ගොතබව, තිවරහේජය, බලශක්‌තිය (සිරුර දුර්වල වීම) ආරෝචනය (ගැස්‌ට්‍රයිටීස්‌ වැනි තත්ත්වයන්) ඈලියාව වැනි රෝග සුවවන බවට අත්දැකීමෙන් මෙන්ම ප්‍රතිකාරයෙන් එහි සත්‍යතාවය ඔප්පු වී තිබෙනවා.

ඖෂධ වර්ග 60 ක්‌ පමණ භාවිත කර වසර ගණනාවක අතීතයකට උරුමකම් කියන ත්‍රිශූත්‍ර විග්Æණ වේදය අනුව සකස්‌ කරන තෙල් සාත්තුවේ මහිමය අදටත් ඔප්පු කර පෙන්නුම් කරදී තිබෙන්නේ තෙල් සාත්තුව අතීතයේ සිට අද දක්‌වාම පැවතෙන දේශීය ප්‍රතිකාර ක්‍රමයක්‌ බව පෙන්වා දෙමින්. තෙල් සාත්තුව රෝග සුවයට ප්‍රත්‍යක්‌ෂ ඖෂධයක්‌ ලෙසින්.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල