"අප්සෙට්‌" එක විකිණීම


views 2017-07-14 10:30:00 Life_New

සිගරට්‌ වැනි අප්සෙට්‌ භාණ්‌ඩයක්‌ විකුණලා ලාභ උපයනවා කියන්නේ ලේසි පහසු වැඩක්‌ නෙමේ. මොකද කෙනෙක්‌ව සිගරට්‌ බොන්නෙක්‌ බවට පත් කරන එක පවත්වාගෙන යන එක හරිම අමාරු වැඩක්‌. සිගරට්‌ බීලා කාටවත් හම්බවෙන දෙයක්‌ නෑ. ඕක හරියට මිනිස්‌සු තේරුම් ගත්තොත් සිගරට්‌ කොම්පැණිවලට වෙන්නේ ඒ ව්‍යාපාරය අකුලාගන්න. ඒ නිසා ඒ අය මේ අප්සෙට්‌ ම භාණ්‌ඩය විකුණන්න මොනාද නොකරන්නෞ දැන දැනම තම පාරිභෝගිකයාට මරණය හා දුබලතාවය උරුම කරදෙනු ලබන භාණ්‌ඩයක්‌ තමාගේ ලාභය වෙනුවෙන්ම නිෂ්පාදනය කර අලෙවි කරන මෙම මිනීමරු සමාගම තම ආනයන වෙළෙඳපොළ වෙනුවෙන් ලොව තොල් ඇති ඕනෑම කෙනෙකු ඉලක්‌ක කරයි. ඒ ඔබේ, මගේ අප කාගේ හෝ දරුවෙකු වනු ඇත.

එහෙව් මිනීමරු ව්‍යාපාරයේ ලොක්‌කෝ කියන කතා.........

අවදානම අඩු වන පරිදි අඩු තාර සිගරට්‌ නිපදවීම වඩා ශක්‌තිමත් පෞරුෂයක්‌ පිළිබඳව දුම් බොන්නෙකු සතු ප්‍රතිරූපය ගැන අවධානය යොමු කිරීම අප කර්මාන්තයට ඉතා වැදගත් වේ.

R.J international memoramdum,1980

කාන්තාවන්ගේ දුම් පානය අඩු බර දරු උපත් වලට හේතුවක්‌ වන අතර යුරෝපයේ රටවලින් එවැනි සිද්ධි විශාල ප්‍රමාණයක්‌ වාර්තා වී තිබිණි. මේ පිළිබඳව සිගරට්‌ සමාගමෙන් ඇසූ ප්‍රශ්නයකදී ඔවුන් පවසා තිබුණේ..... " සමහර කාන්තාවන් වඩාත් කැමති ඉතා කුඩා දරුවන් ලැබීමට බවයි."

Philip Morris CEO Joseph F. Cullman, 1971

සියලු ප්‍රචාරණයන් තහනම් කිරීම දැනෙන ප්‍රතිවිපාක අප ව්‍යාපාරවලට අත්කර දෙනු ඇත. එම නිසා වෙළෙඳ නාමයේ ප්‍රතිරූපය සිගරට්‌ පැකට්‌ටුවේ පෙනුම මගින් බලපෑමක්‌ ඇතිවන ලෙස නිර්මාණය කළ යුතුය.

British American Tobacco (BAT), 1986

අප සිදු කරන්නේ සිගරට්‌ ව්‍යාපාරය මිසක්‌, ක්‍රීඩාවලට අදාළ ව්‍යාපාරයක්‌ නොවේ. එහෙත් අපගේ නිෂ්පාදනවලට ප්‍රචාරයක්‌ ලබාගැනීමේ මාවතක්‌ ලෙස අප ක්‍රීඩා තරග භාවිතා කරනු ලබයි.

R. J Reynolds, 1989

අපගේ අරමුණ දුම්පානය පැතිරීමට බාධා ඇති කරන දේවල් සීමාකරමින් ආසියාව පුරා දුම්පානය ප්‍රචලිත සමාජ පිළිගැනීමක්‌ පවත්වාගෙන යැමයි.

Philip Morris. 1985

හැකිතරම් සෞඛ්‍ය අවවාදයන් පමා කිරීම හෝ නොසලකා හැරීම නිසැකවම අප විසින් කළ යුතුය.

Stewart Lockhark, BAT, UK Director 1978

" අප මුදල් වියදම් කරන්නේ නිකම් නොවේ" මෝටර් රථ තරග මෙන් දුම්පානයද වේගවත් හා ත්‍රාසයෙන් පිරුණු දෙයක්‌ බවට ප්‍රතිරූපයක්‌ ජනතාව තුළ ගොඩනැඟීමටයි.

BAT, Sponsor of Macay Grand Prix, 1984

මිනිසුන් සිගරට්‌ බීමෙන් ලෙඩ වෙන එක සහ මැරෙන එක අප ව්‍යාපාරවලට දීර්ඝ කාලීන වාසි අත්කර දෙයි.

Steven C. Parrish, senior vice President of Altria Group inc, 2007

කිසියම් රටක්‌ දුම්කොළ කර්මාන්තය සමඟ කණ්‌ඩායම් ගත වීමට අපොහොසත් වූහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය ගෙනයන දුම්පානය විරෝධී ව්‍යාපාරය නිසා අප ව්‍යාපාරවල තත්ත්වය නරක අතට හැරීමට හේතුවක්‌ වේවි.

Gary Fogo, BAT S managing Director For Malawi, on why bat has reduced production in Malawi. The panafrican news agency, 2003

සියලුම වැඩබිම්වල දුම්පානය තහනම් කළහොත්, සාමාන්‍ය භාවිතයට සෑහෙන ප්‍රමාණයකින් අඩු වනු ඇත. ඒ අතරම දුම්පානය නතර කරන ප්‍රමාණයද වැඩිවනු ඇත. ඒ නිසා දිගටම දුම්පානයට ඉඩ සලසන වැඩබිම් අප කර්මාන්තයට ඉතා වැදගත් වේ.

philip Morris, 1992

ඇමරිකාවේ ඇතුළු අප ව්‍යාපාර කටයුතු සිදු කරන අනෙක්‌ රටවල සිගරට්‌වලට බදු පැනවීම සහ ඒවා වැඩි කිරීම අප ව්‍යාපාරවලට දැඩි තර්ජනයකි.

philip Morris, 1985

පළමු දුම්පානය කිසිම වැඩකට නැති අත්දැකීමක්‌ ලබා දෙන්නකි. එම අසුන්දර අත්දැකීම පාලනය කරගෙන (දරාගෙන) දිගටම දුම්පානයේ යෙදීමට මානසික පෙළඹවීමක්‌ අවශ්‍ය වේ. එය සිගරට්‌ බීම ආරම්භ කළ අයෙකුට නම්" මම වීරයෙක්‌, මම දැඩි පුද්ගලයෙක්‌, වදුරටත් මම කොටු වූ පුද්ගලයෙක්‌ නොවේ." යන හැඟêම් ඔවුන්ගේ සිත් තුළ ඇති කිරීමට කටයුතු කළ යුතුය.

philip Morris, 1969, Why one smokes.

ඉහත දේ වලින් හොඳටම පැහැදිලි වෙනවා සිගරට්‌ බොන එක පවත්වාගෙන යැමට කොච්චර උත්සාහයක්‌ මේ අය ගත්තද කියලා. එම උත්සාහය.

"තොල් තියන ඕනෑම කෙනෙකු අරමුණු කරගෙන සිදුකරන මරණයේ වෙළදාමයි"

පාරිභෝගිකයාට ලැබුණ අප්සෙට්‌ ලාභය

* අවලස්‌සන මුහුණ

* ගඳ ගසන කට

* කළු වූ තොල් සහ සම

* බොර පැහැ වූ ඇස්‌

* යටගිය හකු සහිත විකෘති පෙනුම

* ලිංගික බෙලහීනතාවය

* අඩු බර සහ මළ දරු උපත්

.*ආබාධිත දරුවන් බිහිවීම

* දුක්‌ විඳලා හම්බකරන සල්ලිවලින් සිගරට්‌ කොම්පැණි පෝසත්වීම.

මෙච්චර අප්සෙට්‌ ගොඩක්‌ පාරිභෝගිකයාට අත්කරදෙමින් දෙන සිගරට්‌වල ඇත්ත වහන්න කොච්චර උත්සාහයක්‌ ඒ සමාගම්වලින් ගන්නවද කියලා ඉතිහාසය පුරා ඒ අයගේම වාර්තාවලින් හොඳට පැහැදිලි වෙනවා. කොහොම හරි අලුත් පරම්පරාවත් සිගරට්‌ එකට අන්දගත්තෙ නැත්නම් ඒ අයගේ ව්‍යාපාරවලට අනාගතයක්‌ නැති නිසා. ඔබේ මගේ මුළු ලෝකයේම දරුවන්ගේ මුව මත සිගරට්‌ටුවක්‌ රැඳවීමට සෑම මොහොතකම ඔවුන් උත්සාහ ගනිමින් සිටිනවා.

එම උත්සාහය නොහොත් මරණයේ වෙළෙඳාම පැරදවීමට ඔබ හැර අන් කිසිවෙකු නැත.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල