ඇසට ඖෂධ යොදන විට සැලකිලිමත් වන්න


views 2017-06-19 11:30:00 Life_New

ඇසෙහි කිසියම් රෝගයක්‌ මතු වූ විට ප්‍රතිකාර ලෙස වෛද්‍යවරු නියම කරන දියරමය ඖෂධ Eye Drops නිවැරදිව ඇසට යෙදීම සම්බන්ධව බොහෝ දෙනා තුළ ගැටලු පවති. එබැවින් ඇසට දියරමය ඖෂධ නිවැරදිව යොදන්නේ කෙසේද කියා අපි විමසා බලමු.

ඇසට දියරමය ඖෂධ යොදන අයුරු

අප බොහෝ දෙනා ඇසට දියරමය ඖෂධ යෙදීමේදී අනුගමනය කරන්නේ ඇස නාසයට සමීප කෙලවර වළක්‌ වැනි ස්‌ථානයට ඖෂධ බිංදු දැමීමය. එසේ දමන ඖෂධ බිංදු නාසය තුළින් කට ඇතුළට වැටුණවිට ඇසට ඖෂධ බිංදු දැමීම සාර්ථක වුවා යෑයි කියා සිතමු.

මින් සිදුවන්නේ නාසයට සමීප කෙලවරෙහි ඇස අග කොටසේ ඇති සිදුරින් ඖෂධ නාසය ඔස්‌සේ ගලායැම මිස ඇස තුළට එකතු නොවීමය.

ඇසට නිවැරදි ඖෂධ බිංදු යෙදීමේදී සිදුකළ යුත්තේ ඇසි පිහාටුව පහත් කර නාසය ළඟ ඇසෙහි කෙලවර සෙමින් ඇඟිල්ලෙන් තදකර එහි ඇති සිදුර වසාගෙන නියමිත ඖෂධ බිංදු ප්‍රමාණය ඇසට යෙදීමය.

ඇසට ඖෂධ යොදනවිට ඖෂධ අඩංගු බහාලුම හෙවත් බෝතලය ඇසෙහි ස්‌පර්ශ නොවිය යුතුය.

එසේ ස්‌පර්ශ වීමෙන් සිදුවන්නේ බෝතලයේ පිටත තැවරී ඇති විෂ බීජ ඇස තුළට ඇතුළුවීමය.

ඇසට යොදන ඖෂධ වෛද්‍යවරයා නියම කරන ඇති මාත්‍රාව නිසි වෙලාවට යෙදිය යුතුය.

විශේෂයෙන්ම ඇසේ පීඩනය වැනි රෝගයකදී මතුව ඇති ඇසේ පීඩනය පාලනය සඳහා නිසිවෙලාවට ඖෂධ ඇසට යෙදීම නොකළහොත් මතුව ඇති රෝගය පාලනය කළ නොහැකි වේ.

ඖෂධවල සක්‍රිය කාලසීමාව

ඇසට යොදන ඖෂධ පාවිච්චි කරන විට එය ඇසට යෙදීම ආරම්භ කළ දිනය එම බෝතලයේ සටහන් කර තබා ගැනීම වැදගත්ය.

මන්දයත් එම ඖෂධ බෝතලය පාවිච්චි කිරීම සඳහා විවෘත කළ දින සිට එහි ඖෂධීය ගුණය සක්‍රීය පවතින්නේ මාසයක කාලයක්‌ පමණි.

මාසයක්‌ ඉක්‌ම ගිය විට එම ඖෂධ භාවිතයෙන් ඉවත් කළ යුතුයි. ඉන්පසු එම ඖෂධවල සක්‍රීය ගුණයක්‌ පවතින්නේ නැහැ.

ඖෂධ ගබඩාකර තැබීම

ඇසට යොදන ඇතැම් ඖෂධ ගබඩා කර තැබිය යුතු ආකාරය එම ඖෂධ බෝතලවල සඳහන් කර තිබෙනවා. ඒ අනුව ඒවා ගබඩා කර තැබිය යුතුයි. එසේ නොවීමෙන් සිදුවන්නේ එහි ඇති ඖෂධීය ගුණය විනාශ වී යැමයි.

ඇතැම් ඖෂධ වර්ග ශීතකරණයේ තැබිය යුතුයි. තවත් ඖෂධ හිරු එළියට කෙලින්ම නිරාවරණය ස්‌ථාන වල තැබීම නොකළ යුතුයි. කාමර උෂ්ණත්වයෙන් තැබිය හැකි ඖෂධ වර්ගත් තිබෙනවා. එනිසා එම උපදෙස්‌ අනුව ඖෂධ ගබඩාකර තබා භාවිත කිරීමෙන් නිසි ප්‍රතිඵල ලබාගත හැකිය.

ඇසට යොදන ඖෂධ භාවිත කිරීමට පෙර

යම් පුද්ගලයකු ඇසේ මතුව ඇති රෝගයකට ඖෂධ භාවිත කිරීමට පෙර වෛද්‍යවරයාට තමා තුළ පවතින වෙනත් රෝග තත්ත්වයන් දැනුම් දීම වැදගත්ය. ඇදුම, වැනි ශ්වසන රෝග ඇතිවී ආතරයිටීස්‌ රෝගයෙන් පීඩා විඳිනවිට හෝමෝන අසමතුලිතතා රෝග මතුව තිබෙන විට ඇතැම් ඖෂධ මගින් එම රෝග උත්සන්න විය හැකියි.

එසේම ඇසේ මතු වූ රෝගයක්‌ සඳහා භාවිත කරන ඖෂධ ලබාගතයුත්තේ නිසි අක්‌ෂි වෛද්‍ය උපදෙස්‌ මත පමණයි. ඇතැම් දෙනා ඇසේ මතුව ඇති වෛරස ආසාදනවලදී නිසි වෛද්‍ය උපදෙස්‌ වලින් තොරව ප්‍රති ජීවක ඖෂධ ලබාගැනීම නිසා මතුව ඇති රෝගය උත්සන්න කරගත් අවස්‌ථා අප දැක තිබෙනවා. එනිසා ඇසට ඖෂධ භාවිත කිරීමේදී එය ඉතා ප්‍රවේශමෙන් සහ නිසි වෛද්‍ය උපදෙස්‌ මත සිදුකළ යුතුයි. එසේ නොවුණහොත් සිදුවන්නේ ඇස්‌ අන්ධ වීම වැනි බරපතළ තත්ත්වයන් ඇතිකර ගැනීමය.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දුරකථන අංක 0112682277 ඇමැතීමෙන් ලබාගත හැකිය.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල