"ෆ්‍රෙ‍න්ච් ෆ්‍ර‍යිස්‌" නිරතුරුව ආහාරයට ගැනීම මරණය ඉක්‌මන් කරවයි"


views 2017-06-16 11:10:00 Life_New

ළමා වැඩිහිටි භේදයකින් තොරව ආහාරයට ගැනීමට ප්‍රිය කරන බටහිර කෙටි ආහාරයක්‌ වන "ෆ්‍රෙන්ච් ෆ්‍ර‍යිස්‌" හෙවත් බදින ලද අර්තාපල් අල තීරු පරිභෝජනය කරන අය ඉක්‌මනින් මිය යාමේ අවදානමක්‌ පවතින බව නවතම අධ්‍යයනයකදී අනාවරණය වී ඇතැයි එංගලන්තයේ "ඩේලිමේල්" පුවත්පත සඳහන් කර සිටී.

මෙම "ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්‌" ආහාරයට ගනු ලබන්නන් සාමාන්‍ය අයෙකුට වඩා දෙගුණයකින් දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන බව මෙම අධ්‍යයනයේදී තහවුරු කර ගෙන තිබේ.

වසර අටක කාලයක්‌ පුරා පැවැති මෙම අධ්‍යයනයෙහි වාර්තාවට අනුව අධ්‍යයනයට ලක්‌කළ වයස අවුරුදු 45-79 වයස්‌ කාණ්‌ඩයේ පුද්ගලයන් 4440 දෙනාගෙන් "ෆ්‍රෙ‍න්ච් ෆ්‍ර‍යිස්‌" ආහාරයට ගත් 236 දෙනකු අවසන් වසර එනම් අටවැනි වසර වන විට මිය ගොස්‌ තිබේ. අධ්‍යයනය අවසානයේදී මිය ගිය පිරිස නිරතුරුව බදින ලද අල තීරු හෙවත් "ෆ්‍රෙ‍න්ච් ෆ්‍ර‍යිස්‌"ආහාරයට ගත් අය බව මෙම පර්යේෂකයෝ පවසති.

මෙහිදී අධ්‍යයනයට ලක්‌ කළ 4440 දෙනාගේ ආහාර පුරුදු අධ්‍යයනයට ලක්‌ කර ඇති අතර ඔවුන් එම අට අවුරුදු කාලය තුළදී ආහාරයට ගත් බදින ලද හා නොබදින ලද අර්තාපල් ප්‍රමාණයද විශ්ලේෂණයට ලක්‌ කර තිබේ. මෙම පිරිසට පර්යේෂකයන් ආහාර හා සම්බන්ධ ප්‍රශ්නාවලියක්‌ ඉදිරිපත් කර ඔවුන් ආහාරයට ගත් අර්තාපල් ප්‍රමාණය පිළිබඳ තොරතුරු ලබාගෙන තිබේ.

පෝෂණවේදිනියක වන ජෙසිකා තෝඩින්ට අනුව මෙම අධ්‍යයනයෙහි ප්‍රතිඵලය පුදුම සහගත එකක්‌ නොවන අතර ගැඹුරු තෙලෙහි බදින ලද අර්තාපල් ආහාරයට ගැනීමෙන් කැලරි, සෝඩියම් හෙවත් ලුණු හා ට්‍රාන්ස්‌මේදය පවා අධික වශයෙන් අයෙකුගේ ශරීරගත වීම එයට හේතු වේ.

පෝෂණවේදීන්ට අනුව බදින ලද අර්තාපල් වෙනුවට ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරය වනුයේ නිවසේදීම තනා ගත් උදුනක පුළුස්‌සාගත් (රෝස්‌ට්‌) අර්තාපල් අලය.


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල