කුරුඳුපොතු ශරීරයේ බර අඩු කරන බව හෙළි වේ"


views 2017-05-18 09:46:00 Life_New

කුරුඳුපොතු ආහාරයට එක්‌ කර ගැනීමෙන් අධික තෙල් සහිත ආහාර වේලක්‌ ගත් විටදී උදරය වටා තෙල් තට්‌ටුවක්‌ බැඳීම නතර කර ශරීරයෙහි බර අඩු කර ගැනීමට හැකි බව ඇමරිකානු පර්යේෂකයන් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

ශරීරයට අහිතකර ආහාර වර්ග අනුභව කළ විටදී හෘදය වස්‌තුවට එමගින් සිදු වන හානිය අඩු කිරීමටත් ශරීරයෙහි තෙල් ගබඩා වීමේ ක්‍රියාදාමය මන්දගාමී කිරීමටත් කරුඳුපොතුවලට හැකියාව ඇති බව එම අධ්‍යනයේදී හෙළි වී තිබේ. චිකාගෝ නගරයේ කුෂ් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය මධ්‍යස්‌ථානයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් පැවැත්වූ අධ්‍යයනයේ ප්‍රතිඵලය පසුගියදා ඇමරිකානු හෘද සංගමය වෙත ඉදිරිපත් කර තිබිණි.

මෙම අධ්‍යයනය මුල් අවස්‌ථාවේදී මීයන් ආශ්‍රිතව සිදු කර ඇති අතර එය මනුෂයන් සම්බන්ධවද ඒ හා සමාන ප්‍රතිඵල පෙන්නුම් කරනු ඇතැයි පර්යේෂකයෝ විශ්වාසය පළ කර ඇත.

මෙම අධ්‍යයනයේදී මීයන්ට කුරුඳු පොතු අඩංගු ආහාරයක්‌ සති 12 ක කාලයක්‌ පුරා ලබා දී ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ කුරුඳු පොතුවල මානසික ආතතියෙන් ශරීරයට හානි සිදු වීම වැළැක්‌වීමේ ප්‍රතිඔක්‌සිකාරක ගුණයක්‌ පවතින බවයි.

එම මීයන්ගේ ශරීර බර ප්‍රමාණය අඩු මට්‌ටමක පැවැති අතර උදරය ආශ්‍රිතව තැන්පත් වී තිබූ තෙල් තට්‌ටුවද අඩු මට්‌ටමක්‌ පැවැති බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති.

කුෂ් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය මධ්‍යස්‌ථානයේ පර්යේෂකයන්ට අනුව කුරුඳු පොතු කුඩු උණුසුම් පානයකට ඕට්‌ ධාන්‍ය ආහාර හා උදැසන සීරියල් ධාන්‍ය වර්ගයකට එක්‌ කර පානය කිරීමෙන් මතක ශක්‌තිය ගබඩා කරන හා එය සංවිධානය කිරීමට උපකාරී වන මොළයෙහි ඇති ප්‍රොaටීනයන් ශක්‌තිමත් කිරීමට හේතු වේ.

කුරුඳු පොතු කුරුඳු ගසෙහි ඇතුළත කොටසෙන් නිපදවන අතර එම කුරුඳු පොතු මගින් කුරුඳු කැබලි හා කුරුඳු තුඩු නිපදවයි.

කුරුඳු පොතු ආහාරයට එක්‌ කර ගැනීමෙන් දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි මට්‌ටම පහළ දැමීමටත් ආමාශයේ උෂ්ණත්වය අඩු කර ආහාර දිරවීම පහසු කරවීමටත් පාකිත්සන් රෝගය මඟහැරවවීමටත් උපකාරී වන බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

කුරුඳු පොතු චීන වෛද්‍ය ක්‍රමයේ සෙම්ප්‍රතිශ්‍යාව, ආහාර නොදිරවීමේ තත්ත්ව හා මාංශ පේශී පෙරළීම යන තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහා යොදා ගැනේ.

කුරුඳු පොතු බඩවැල්වල හට ගන්නා රෝගයන් බොහොමයක්‌ හට ගැනීම අඩු කරන බවත් ආමාශයට හානි සිදුවීම වළක්‌වන බවත් හෙළි වී තිබේ.

ඕස්‌ටේ්‍රලියාවේ මෙල්බන් නගරයේ ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ ආර්. එම්. අයි. ටී විශ්වවිද්‍යාලයීය විද්‍යාලයේ ආචාර්ය ජියාන් සෙන් අවුට අනුව කුරුඳුපොතුවලට ආමාශය සෙල්සියස්‌ අංශක 2 ක්‌ දක්‌වා සිසිල් කිරීමේ හැකියාව පවතී.

ඌරන් ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණවලදී ඌරන්ට කාමර උෂ්ණත්වයක්‌ යටතේ ආහාර ලබා දුන් විටදී ඔවුන්ගේ උදරය තුළ නිපදවන කාබන්ඩයොක්‌සයිඩ් වායුව වැඩි වන බව හෙළි වී ඇති අතර කුරුඳුපොතු අඩංගු ආහාර ලබාදුන් විට ඔවුන්ගේ එම වායු ප්‍රමාණය අඩු වී ගැස්‌ටි්‍රක්‌ අම්ලය හා පෙප්සින් ප්‍රමාණය අඩු වූ බව අනාවරණය වී තිබේ.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල