රසවත් ගුණවත් කෝප්ප කොළ

කෝප්ප කොළ පිළිබඳ ඇතැම් දේශපාලකයින් උපහාසාත්මකව කතා කරයි. නමුත් එහි ඇති ගුණාත්මක භාවය සමහරු නොදනිති.
මෙම
පැළෑටියේ උද්භිද විද්‍යාත්මක නාමය ඡදකහිජස්s Fරමඑසජදිa යනුවෙනි. එම ගස
Aර්කස්ජැae යන උද්භිද කුලයට අයත් වූවකි. මෙය මුත්‍රා රෝග සමානය කරන බැව්
පැරැණි පරම්පරාගත වෛද්‍යවරු පවසති.
මෙම කොළය කෝපයකට සාමාන්‍ය තද ඝන
ගතියක් තිබේ. ජලය පානය කරන කෝපයක ස්වරූපයක් ගනු ලැබේ. මෙය ඉතා රසවත්
මැල්ලුමක් ලෙසත් සම්බෝලයක් ලෙසත් සාදාගත හැකිය.
බොහෝ කෙඳි සහිත
පත්‍ර මැල්ලුම රස විඳීමට වර්තමාන දරුවනට අහිමිව තිබේ. එම නිසා මෙම ශාකය
අලංකාර පත්‍ර සහිත බැවින් අගනා පැළෑටියක් ලෙස ගෙවත්තේ වගා කළ යුතුව ඇත.
මෙම කොළ මැල්ලුම සාදා ගැනීමට අපහසු නැත. නමුත් රසය ලබා ගැනීමට ඉතා සිහින්ව කැබලිවලට ලියාගත යුතුය.
හොඳින්
මේරූ කොළ සිහින්ව ලියා පොල් මිරිස් (ගම්මිරිස් ඉතා හොඳ) රතු ලූනු,
උම්බලකඩ ආදී මැල්ලුමකට අවශ්‍ය සියල්ල දමා මඳගින්නේ මලවා ගත යුතුය. මැල්ලුම
නිවුන පසු දෙහි ඇඹුල් යොදන්න. මැල්ලුම කර වුවහොත් රසය අඩුය.
සම්බෝලයට
ගත යුත්තේ ලපටි කොළය (නමුත් එය දල්ල නොවේ) මෙයද ඉතා සිහින්ව ලියා පොල් හෝ
පොල්කිරි මිශ්‍රකර හොඳින් පොඩිකර දෙහි ඇඹුල් දමා වසා තබා ආහාරයට ගත යුත්තේද
සම්බෝලයට ඇඹුල් දැමූ විගසමය.
පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රි ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය කිරිඇල්ලේ ඥනවිමල ස්වාමීන් වහන්සේ රචිත වෙද පොත ඇසුරිනි.
සිංහල ලිපි
-
අසාත්මිකතාවෙන් වැළකෙන්න අගුණ දෙයින් ඈත් වෙන්න
2018-04-18 10:34:00 Views 173 Read More...ලෝකයේ සෑම රටකම අසාත්මිකතාවන්හි වැඩි වීමක් දක්නට ලැබේ. අනෙකුත් රෝග තත්ත්වයන්ට සපේක්ෂව
-
සලාද කොල වල ඇති ඔබ නොදන්නා ගුණ
වර්තමානයේ ආහාර සැකසීමේ දී නැතිව බැරි රසවත් එළවළුවක් වන සලාද කොළ (lettuce) අනාදිමත්කලක් පුරා
-
දියවැඩියාව මට්ටුකරන හෙළ වෙදකමේ ප්‍රභල අත් බෙහෙත් කීපයක්
දියවැඩියාව සඳහා විවිධ අය විවිධ නම් භාවිතා කලද (මධුමේහ, බහුමුත්‍රතාව, diabetes, සීනී ලෙඬේ) සරල නාමය -
ඔබ නොසිතන සෞඛ්‍යය ප්රතිලාභ ලබා දෙන ධාන්‍ය වර්ගය – බාර්ලි
ලාංකික අපට තවමත් තරමක් ආගන්තුක වුවත් බටහිර රටවල නම් බාර්ලි (Barley) යනු ඉතාම ජනප්‍රිය ධාන්‍ය -
ඔබේ නිවසත් කසල ගොඩක් වෙලාද? අළුත් විසදුමක් සොයමුද?
අප නිවසේ එදිනෙදා මෙන්ම දිගුකාලීනව එකතු වෙන කසළ කියන්නේ අපට මහත් ගැටළුවක්.පසුගිය දිනවල -
කෘත්‍රීම පෝෂක වෙනුවට රටඉඳි කෑමට ගනිමුද?
අතීතයේ පටන් සාම්ප්‍රදානුකූලව රාමදාන් මාසය තුළ උපවාසය බිඳ දැමීමට යොදා ගන්නේ අතිශයින්ම -
ක්ලටර් ඇඩික්ෂන් ගැන දැනුවත් වෙමු
මිනිසුන් තමන් විසින්ම තමන්ගේ නිදහස සීමා කරගන්නා එක්තරා මානසික තත්වයක් ගැන ඔබ දන්නවා ද? ..