මැයි 08 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර තැලසීමියා දිනය වෙනුවෙනි ඔබත් තැලසීමියා වාහකයෙක්‌ද?



views 2017-05-09 09:50:00 Life_New

සෑම මවකම පියකුම ප්‍රාර්ථනා කරන්නේ නිරෝගී දරු සම්පතකි. නමුත් ඇතැම්විට දෙමාපියන් තුළ පවතින ජානමය රෝගවල බලපෑම නිසා උපදින දරුවා විවිධ රෝග සහිතව මෙලොවට බිහිවේ. තැලසීමියා රෝගයට ගොදුරු වන්නේද මෙලෙස දෙමාපිය ජානවලනි.

තැලසීමියා රෝගය

තැලසීමියා රෝගය යනු රුධිරයේ ඇති රතු රුධිරාණු අසාමාන්‍ය ලෙස බිඳීයාමය.

රතු රුධිරාණු රත් පැහැයෙන් පෙනෙන්නේ එහි ඇති හීමොග්ලොබින් නිසාය.

මෙම හිමොග්ලොබින්වල ඇති ග්ලොබින් නමැති ප්‍රොaටීනය නිපදවීම අඩාල වීමෙන් රතු රුධිරාණු බිඳී යයි.

රෝගියකු හඳුනා ගැනීම

තැලසීමියා රෝගී දරුවකුගෙන් ඊට අදාළ රෝග ලක්‌ෂණ මතුවීම ඉපදී පළමු වසර තුළ සිදුවේ.

එම රෝග ලක්‌ෂණ වනුයේ දරුවා සුදු මැලිවීම, කහපැහැයට පත්වීම, වර්ධනය අඩාල වීම, ක්‍රියාශීලීත්වය අඩුවීම, ඇතැම්විට කිරි බීමට අපහසු වන තරමට හතිය ඇතිවීම ආදියයි.

මෙලෙස රතු රුධිරාණු බිඳී යැම නිසා අක්‌මාව හා ප්ලීහාව ඉදිමිය හැකිය. එවිට උදරය ඉදිරියට නෙරා ඒම සිදුවේ. ඇට මිදුළු පුළුල් වී මුහුණේ හැඩරුව වෙනස්‌ වේ.

තැලසීමියා දරුවකු බිහිවීම

අසාමාන්‍ය ග්ලොබීන් සහිත මවක සහ පියකුට දාව උපදින දරුවා තැලසීමියා රෝගයට ගොදුරු විය හැකිය.

නමුත් එක්‌ අයකු අසාමාන්‍ය තැලසීමියා ජාන සහිතව සහ අනෙක්‌ තැනැත්තා සාමාන්‍ය ජාන සහිත නම් ඔවුනට දාව උපදින දරුවා තැලසීමියා රෝගියෙකු බවට පත් නොවේ. එම දරුවා තැලසීමියා රෝග වාහකයෙක්‌ බවට පත්වේ.

තැලසීමියා රෝගය වළක්‌වා ගැනීම

ශ්‍රී ලංකාව පුරා තැලසීමියා රෝග වාහකයන් ලක්‌ෂ දහයක්‌ පමණ ජීවත් වන බව හඳුනාගෙන තිබේ. එනිසා සෑම කාන්තාවකම පිරිමියකුම විවාහවීමට පෙර තමාගේ රුධිර පරීක්‌ෂාවක්‌ සිදුකර ගෙන තැලසීමියා රෝග වාහකයෙක්‌ද නැතිද කියා තහවුරු කර ගැනීම සඳහා අවධානය යොමු කළ යුතුයි.

ඒ සඳහා ප්‍රධාන රෝහල් හි පිහිටා ඇති තැලසීමියා රෝග පරීක්‌ෂණ සායනයන් වෙත ගොස්‌ නොමිලයේම තම රුධිරය පරීක්‌ෂා කර ගත හැකිය.

එම රුධිර පරීක්‌ෂාව සඳහා පෙර සූදානම් වීමක්‌ අවශ්‍ය නැත.

ඒ සඳහා මූලික පරීක්‌ෂාව ලෙස පූර්ණ රුධිර පරීක්‌ෂාවක්‌ද ඉන්පසු වෛද්‍ය උපදෙස්‌ මත විශේෂ රුධිර පරීක්‌ෂාවක්‌ (HඉA2රැ F ඉහ HඡඛC දර CE) සිදුකර ගත හැකිය.

තැලසීමියා රෝග වාහකයන්

තැලසීමියා රෝග වාහකයෙක්‌ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ. එනිසා එම තැනැත්තා තැලසීමියා රෝගියකු ලෙස හඳුන්වන්නේ නැත. ඉන්දියාවේ සුපිරි නළු අමිතා බච්චන්, සුපිරි නිළි අමීෂා පටෙල් දෙදෙනාත් තැලසීමියා රෝග වාහකයන්ය.

තැලසීමියා රෝගයට ප්‍රතිකාර

තැලසීමියා රෝගියකුට ඉපදී මාස 08 සිට සෑම දින 15 ත් 30 ත් අතර රුධිරය ලබාදිය යුතුයි.

ශරීරයේ වැඩිපුර තැන්පත් වූ යකඩ ඉවත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර සිදුකළ යුතුය.

වැඩිදුර විස්‌තර

තැලසීමියා රෝගය පිළිබඳ වැඩිදුර උපදෙස්‌ උතුරු කොළඹ (රාගම) ශික්‌ෂණ රෝහලට අනුබද්ධ තැලසීමියා සහන පියස රෝහලින් ලබාගත හැකිය. ඒ සඳහා දුරකථන අංක 0112926530 හෝ 0113066561 අමතන්න.

අංක 10 සිරිමා බණ්‌ඩාරනායක මාවත මහර කඩවත පිහිටා ඇති මෙම තැලසීමියා සහන පියස මගින් තැලසීමියා රෝග පරීක්‌ෂාව සඳහා නොමිලේ ජංගම රුධිර පරීක්‌ෂණ සායනද පවත්වනු ලැබේ. ඒ සඳහා යම් ආයතනයක්‌ හෝ ප්‍රජා සංවිධානයක්‌ ඉල්ලීමක්‌ කළ යුතුය.

සෑම කාන්තාවකම පිරිමියකුම විවාහවීමට පෙර තමාගේ රුධිර පරීක්‌ෂාවක්‌ සිදුකර ගෙන තැලසීමියා රෝග වාහකයෙක්‌ද නැතිද කියා තහවුරු කර ගැනීම සඳහා අවධානය යොමු කළ යුතුයි.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල