සහල් නිවැරැදි අයුරින් පිස නොගැනීමෙන්
ආසනික්‌ ඇතුළු විෂ කාරක ශරීරගත වීමේ අවදානමක්‌



views 2017-04-09 09:53:00 Life_New

ලොව පුරා මිලියන ගණනක ජනතාවගේ ශරීර සෞඛ්‍යය සහල් වැරැදි ආකාරයෙන් පිසීම හේතුවෙන් අවදානමකට පත්ව ඇති බව පසුගියදා බටහිර විද්‍යාඥයින් විසින් අනාවරණය කර සිටියහ.

සහල්වල පවතින ආසනික්‌ ඇතුළු විෂ කාරක ද්‍රව්‍ය ඉවත් කළ හැකි හොඳම මාර්ගය සහල් නිවැරැදි අයුරින් ජලය යොදා පිසීම බව මෙම විද්‍යාඥයෝ ප්‍රකාශ කර සිටිති.

සහල්වල ශරීරයට අහිතකර රසායනිකයින් අන්තර්ගතවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ දශක ගණනාවක්‌ මුළුල්ලෙහි පසෙහි අන්තර්ගතව පවතින කාර්මික විෂ රසායනිකයන් හා පලිබෝධ නාශකයන්ය. මෙම රසායනිකයන්ට නිරාවරණය වීමෙන් වර්ධන ගැටළු, හෘද, රෝග, දියවැඩියාව හා පිළිකාවන් වැනි රෝග වැළඳීමට හේතු වේ.

අයර්ලන්තයේ බෙල්µdස්‌ට්‌ නගරයේ ක්‌වීන්ස්‌ සරසවියෙහි මහාචාර්ය ඇන්ඩ් මෙහාර්ග්ට අනුව අප සහල් පිසින ආකාරය මත මෙම විෂ රසායනයන්ට ජනතාව නිරාවරණය වීමේ මට්‌ටම තීරණය වේ.

මහාචාර්ය මෙහාර්ග්ට අනුව විෂ රසායනිකයන් ශරීරගතවීම අවම වන අයුරින් සහල් පිසින ආකාරයන් තුනක්‌ පවතී. මෙහිදී පළමු ක්‍රමය යටතේ සහල් කෝප්පයකට ජලය කෝප්ප දෙකක්‌ යෙදීම සිදු කළ යුතුය. මෙහිදී සහල් පිසෙන විට ජලය වාෂ්ප වීම සිදු වේ.

දෙවැනි ක්‍රමයට අනුව සහල් කෝප්ප එකකට ජලය කෝප්ප පහක්‌ යොදා ගත යුතුය. මෙහිදී අතිරික්‌ත ජලය සහල්වල අන්තර්ගත ආසනික්‌ ප්‍රමාණය හරි අඩකින් අඩුq කිරීමට හේතු වනු ඇත. තුන්වැනි ක්‍රමය යටතේ සහල් පිසීමට පෙර කලින් දින රාත්‍රියේ ජලයෙහි පොගවා තැබීම සිදු කෙරේ. මෙමගින් සහල්වල අඩංගු විෂ කාරකයන්ගෙන් සියයට 80 ක්‌ අඩු වන බව අනාවරණය වි තිබේ.

සමස්‌ථයක්‌ වශයෙන් ගත් කළ විද්‍යාඥයන්ට අනුව සහල් නිවැරදි අයුරින් පිසීමේදී මෙම පියවරයන් අනුගමනය කළ යුතුය.

ප්‍රථමයෙන් සහල් ජෝග්ගුවක දමා මැන ගන්න

සහල් කලින් දින රාත්‍රියෙහි ජලයෙහි පෙගෙන්නට හරින්න.

සහල් පිසීමට පෙර ජලය පිරිසිදු වන තෙක්‌ හොඳින් සෝදා ගෙන පෙරා ගන්න.

සහල් කෝප්ප එකකට ජලය කෝප්ප පහක්‌ යොදා සාස්‌පානකට දමා ගන්න. (එයට ලුණු ස්‌වල්පයක්‌ යොදන්න) හොඳින් උතුරන විට උෂ්ණත්වය අඩුකර සාස්‌පානෙහි පියන තදින් වසන්න. බත අඩුම උෂ්ණත්වයක්‌ යටතේ විනාඩි 10-15 අතර කාලයක්‌ සාස්‌පානෙහි පියන වසාගෙන පිස ගන්න.

ගැරූප්පුවකින් පිසුණු බත හොඳින් එහා මෙහා හැදි ගාන්න.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල