රුවැති සිරුරකට තරබාරුවෙන් මිදෙමු


views 2017-03-14 09:28:00 Life_New

ස්‌ථුලතාවය (Obesity) ඇතිවීමට හේතු කිහිපයක්‌ තිබේ. වැරදි ආහාර පාන මෙන්ම අන්තරා සර්ග ස්‍රාවයන්ගේ (හෝර්මෝන) වල නිසි ක්‍රියාකාරිත්වයක්‌ නොවීම (හෝර්මෝන අසමතුලිතතාවය) වැනි හේතූන් ඒ සඳහා ප්‍රධාන වන බව පෙනේ.

කාන්තාවන් දරු උපතින් පසු ස්‌ථුලතාවයට පත්වන අවස්‌ථා තිබේ. එයට හේතුව දරු උපතකට සූදානම් වන කාන්තාව දරුවාගේ පෝෂණයට වැඩි අවධානයක්‌ යොමු කර සමබල ආහාරයක්‌ ගැන නොසිතා අධික වශයෙන් ප්‍රේටීන, කාබෝහයිඩ්ඩේ්‍රට සහ මේදය සහිත ආහාර අනුභවයට ගැනීමයි. වැඩිපුර ආහාර පානාදිය ලබා ගත්තද සිරුර වෙහෙසීමක්‌ නොවීමේදී එනම් ව්‍යායාමවල නොයෙදීම නිසා සිරුරේ අනවශ්‍ය මේදය තැන්පත් වීම තුළ ස්‌ථුලතාවයට පත්වන බව පෙනේ.

එමෙන්ම හෝර්මෝනවල අසමතුලිත බලපෑම නිසා පරිවෘත්ති ක්‍රියා නිසිලෙස සිදු නොවීමෙන් මෙන්ම ආර්තවහරණ (ඔසප් නැවතීම) අවස්‌ථාවන්හිදී ද අනවශ්‍ය ලෙස ශරීරයේ මේදය තැන්පත් වීම දක්‌නට ලැබේ.

එමෙන්ම දැරියක වැඩිවියට පත් වූ අවස්‌ථාවේ සිට නව යොවුන් විය පසුකර තරුණ වියට පා නගන අවස්‌ථාවන්හිදී ශරීරයේ නිසි පෝෂණ අවශ්‍යතා පිළිබඳ දැනුවත් නොවීම නිසා සමබල ආහාරයෙන් දුරස්‌ව වැරදි ලෙස ආහාර රටාවන් තෝරා ගැනීමද මේ සඳහා හේතුවේ.

පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය වන තයිරොයිඩ් හෝර්මෝන ඇතුළු (THs, T3 T4 යන Growth Hormone) අනෙකුත් හෝර්මෝන වර්ග අසමතුලිත තත්ත්වයට පත්වීම සහ ඒවා නිසි පරිදි නිසි අවස්‌ථාවේදී ක්‍රියාත්මක නොවීම නිසා මෙවැනි තත්ත්වයක්‌ උද්ගත විය හැක.

මේ සඳහා ජානමය හේතු සාධක මෙන්ම ළමා කාලයේ ක්‍රියාකාරී නොවීම වැනි හේතූන් බලපාන බව සොයාගෙන තිබේ.

ස්‌ථූලතාවය දැන ගැනීම සඳහා උසට සරිලන පරිදි ශරීරයේ බර පවතීදැයි නිසි ලෙස දැන ගැනීම සඳහා BMI දර්ශකය භාවිත කළ හැක. සිරුරේ බර, උසෙහි වර්ගයෙන් වැඩිකර ලැබෙන අගයෙන් බෙදීමෙන් BMI දර්ශකය ලබාගනු ලැබේ.

එනම් BMI සිරුරේ බර රැ උස m2

මෙහි අගය 18-20 අතර පවතී නම් ඔහු හෝ ඇය උසට සරිලන බරකින් යුක්‌ත බව දැක්‌විය හැක.

තරබාරුව වළක්‌වා ගැනීම සඳහා නිසි ලෙස නිවැරදි සමබල ආහාර රටාවන් අනුගමනය කිරීමත්, නිසි ලෙස සිරුර වෙහෙසා කරන ව්‍යායාමවල විදිමත්ව යෙදීමත් වැදගත්ය.

ආහාරයේ කාබෝහයිඩේ්‍රට, ප්‍රොaටීන, ලිපිඩ, විටමින් සහ ඛනිජ ලවන සහිතව ආහාරය ගැනීම මෙන්ම අධික ලෙස කාබෝහයිඩේ්‍රට, ප්‍රොaටීන සහ ලිපිඩ කොටස්‌ ගැනීමෙන් වැළකීම මෙන්ම අලුත් එළවළු සහ පලතුරු තන්තු සහිත ආහාර ගැනීමත් පිරිසිදු ජලය පානය කිරීමත් තුළින් නිසි පෝෂණය ලබාගත හැකි වනවා මෙන්ම එමගින් ශරීරයේ අනවශ්‍ය ලෙස මේද කොටස්‌ තැන්පත් වීම වළකී. ශරීරය නියමාකාර හැඩයකින් පවත්වා ගෙන යා හැකිවේ.

ඩබල් චින් (Double chin) නැමති අවස්‌ථාවේදී අනවශ්‍ය ලෙස ගෙළ ඉදිරිපස තැන්පත්ව පවතින මේද කොටස්‌ ඉවත් කර ගැනීමට, දෑතේ සහ දෙපාවල අනවශ්‍ය මස්‌පිඩු එල්ලා වැටෙන තත්ත්වය මඟ හරවා ගැනීමටද, මුහුණේ සහ ගෙළ පිටුපස එල්ලා වැටෙන මස්‌පිඩු එම තත්ත්වයෙන් ඉවත් කර ගැනීමටද චීන කටු ප්‍රතිකාර ක්‍රමය තුළ සාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබේ.

එමෙන්ම කුමන හේතුවක්‌ මත ස්‌ථුලතාවයට පත්වුවත්, උදරය නෙරා ඒමෙන් පීඩා විඳිනවා නම් ඒ සඳහා ද ඉතා සාර්ථක චීන කටු චිකිත්තා ප්‍රතිකාර ක්‍රම තිබේ. මේ මගින් අධික ආහාර රුචිය පාලනය වන අතර පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි ක්‍රියාත්මක වීම සිදු වී අනවශ්‍ය මේද කොටස්‌ ශරීරයේ තැන්පත් වීම වැළකෙනු ඇත.

කාන්තාවකට වයස්‌ භේදයකින් තොරව හැඩකාර සිරුරක්‌ ලබා ගැනීමේ හැකියාව චීනකටු වෛද්‍ය ක්‍රමය තුළ තිබේ. වයසට වඩා වයසක පෙනුමක්‌ ස්‌ථුලතාවය හරහා දක්‌නට ලැබීමේදී අවශ්‍ය මේද කොටස්‌ ඉවත් වීමේදී හැඩකාර සිරුරක්‌ ලැබීම තරුණ බව සමාජයට කියා දෙන ප්‍රබල සාධකයක්‌ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

චීනකටු ප්‍රතිකාර මගින් ඔබත් රුවැති සිරුරක්‌ ලබා ගැනීමට කැමැති නම් වැල්ලවත්ත, මහාචාර්ය ඇන්ටන් ජයසුරිය අනුස්‌මරණ රෝහලේදී නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තිබේ.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල