හන්දි ලෙඩ කරන වැරදි ඉරියව්




views 2017-03-13 10:39:00 Life_New

අපගේ ශරීරයේ හන්දි 300 ක්‌ පමණ ඇත. නමුත් මෙම හන්දි අතුරින් අපට නිතරම පීඩා ගෙන දෙන හන්දිය වනුයේ දණහිස හන්දියයි.

කුමන හන්දියක්‌ වුවත් නිරෝගීව පවතින විට එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව අපට කිසිදු ගැටලුවක්‌ මතුවන්නේ නැත. නමුත් හන්දියක්‌ රෝගී වූ විට අපට එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව මතුවන ගැටලු රැසකට මුහුණදීමට සිදුවේ. ඒ අතර එම හන්දිය ක්‍රියාකරනවිට ඇතිවන වේදනාව මහත් පීඩාකාරී වේ. එබැවින් හන්දියක්‌ රැකගන්නේ කෙසේදැයි කියා අපි විමසා බලමු.

වෛද්‍යතුමනි, හන්දිය ක්‍රියාකාරිත්ව නිසි අයුරින් සිදුවීමට බාධා මතුවන අවස්‌ථා මොනවාද?

හන්දියක්‌ ගෙවීමට ලක්‌වූවිට (ඔස්‌ටියෝ ආතරයිටීස්‌) හන්දියක්‌ ඉදිමුමට ලක්‌වූවිට (ආතරයිටීස්‌) සහ අප එදිනෙදා ජීවිතයේ කටයුතුවලදී නිවැරදි ඉරියව්වල නොසිට කටයුතු කිරීමේදී හන්දියට ඇතිවන අසාමාන්‍ය බලය අසාමාන්‍ය කම්පනය සහ අසාමාන්‍ය පීඩනය නිසා හන්දිවල ක්‍රියාකාරිත්වය නිසි අයුරින් සිදුවීමට බාධා ගෙන දේ.

වෛද්‍යතුමනි හන්දියකට අසාමාන්‍ය පීඩනයක්‌ ඇතිවන අවස්‌ථා මොනවාද?

පළමු කාරණය වන්නේ ශරීරයේ අධික බරය. සෙසු කාරණා වන්නේ අපි කොයි කවුරුත් දිනපතාම අපගේ ශරීරයේ ප්‍රධාන ඉරියව් හතරක්‌ ඔස්‌සේ කරනු ලබන කටයුතු නිවැරැදි ඉරියව් අනුව සිදුනොකිරීමය.

පළමු ඉරියව්ව නිදා ගැනීමය. දෙවැනි ඉරියව්ව හිටගෙන සිටීමය. තෙවැනි ඉරියව්ව වාඩිවී සිටීමය. සිවුවැනි ඉරියව්ව ඇවිදීමය.

මෙම ඉරියව්වල නිවැරදි ලෙස කටයුතු නොකළහොත් හන්දිවලට අධික පීඩනයක්‌ ඇතිවී ඒවා වේදනාවට පත්වේ.

නිවැරදිව බර ඉසිලීම

මීට අමතරව අප කිසියම් බරක්‌ ඔසවන විට නිවැරදි අයුරින් එසවීමද වැදගත්ය. එනම් දණහිසට වැඩි බරක්‌ ඇතිවන අයුරින් වාඩිවී උසුලන බර තම ශරීරයට ළංකර ගෙන ඉහළට එසවිය යුතුය.

උසුලන බර ශරීරයෙන් ඈත්වනවිට එම උසුලන බර නිසා ශරීරයට ඇතිවන පීඩනය වැඩිවේ. එවිට ශරීරයේ මාංශ පේශී අනතුරට ලක්‌වී හන්දිවල ක්‍රියාකාරිත්වයට බාධා මතුවේ.

(නිවැරදිව බර ඉසිලීම රූපසටහන බලන්න.)

නිවැරදිව නිදා ගැනීම

ශරීරයේ බර අනුව වෙනස්‌ නොවන මෙට්‌ටයක්‌ භාවිත කරන්න. බෙල්ල කඩා නොවැටෙන ලෙස හිසට කොට්‌ටය තබා ගන්න. දෙපා හිර නොවන අයුරින් දෙපා අතර කොට්‌ටයක්‌ තබා ගන්න.

(නිවැරදි ඉරියව් අනුව නිදා ගන්නා අයුරු රූපසටහන බලන්න.

නිවැරදිව හිට ගැනීම.

අප දෙපයින් සිටගෙන සිටින විට හිස, කඳ, දෙපා කෙලින් තැබිය යුතුය. එනම් කණ, උරහිස, වැලමිට, උකුල, දණහිස, සහ වළලුකර රේයව තිබිය යුතුය. ඒවා කොන්ද පසු පසට හෝ ඉදිරියට නවාගෙ සිට ගැනීම නොකළ යුතුය.

ශරීරයේ බර හිසේ සිට දෙපා දක්‌වා කෙලින් පහළට ගමන් කළ යුතුය.

(නිවැරදිව හිට ගැනීම රූප සටහන බලන්න.)

නිවැරදිව වාඩිවීම

පුටුවක්‌ මත වාඩිවනවිට කොන්ද කෙලින් තබාගෙන දණහිස අංශක 90% කෝණයකට අනුව පොළව මත දෙපා සිටින ලෙස (සෘජු කෝණයක්‌ හා සමානව) සිටිය යුතුය. කොන්ද නමාගෙන, ශරීරයේ කඳ පැත්තකට හරවාගෙන වාඩිවීමෙන් හන්දි වේදනාවට ලක්‌වේ. (නිවැරදිව වාඩිවීමේ රූපසටහන බලන්න.)

නිවැරදිව ඇවිදීම

වර්තමානයේ බොහෝ දෙනා ඇවිදිනවිට භාවිතා කරන පාවහන් නිසා ඇවිදීමේ දෙපා පොළොව සමග ගැටීමෙන් ඇතිවන කම්පනය කෙළින්ම හන්දි හරහා ගමන් කරයි. විශේෂයෙන්ම දණහිස්‌ හන්දිය හරහා ගමන් කරයි. ඉන් සිදුවන්නේ දණහිස්‌ හන්දිය ඉතා ඉක්‌මනින් රෝගී වීමය. එබැවින් අප ඇවිදිනවිට දෙපා පොළව මත ගැටීමෙන් ඇතිවන කම්පනය අවශෝෂණය කරගත හැකි එබෙනසුළු (Sචදබටැ) පතුලක්‌ සහිත පාවහන් පැළඳිය යුතුය.

ඇවිදිනවිට පැළඳිය යුතු පාවහන් පිළිබඳ රූප සටහන බලන්න.

ශරීරයේ බර වැඩිවීම හන්දිවලට බලපාන අයුරු මීළඟ ලිsපියෙන් විමසා බලමු.


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල