අපරාධ තවත් වැඩි කරමින් අගහරු වක්‍ර වේ

views 2018-07-16 01:20:00 IRANAMA_New

පුවත්පත්වල මෙන්ම සියලු මාධ්‍යවල ප්‍රවෘත්ති අසන විට ඇති වන්නේ අපේ රට පිළිබඳ කනගාටුවකි. සෑම දිනකම මිනිස්‌ ඝාතන ගැන දකින්නට හෝ අසන්නට ලැබේ. තැනෙක කාමාපරාධය. තැනෙක සොරකම් හා වංචාය. තවත් විටෙක බරපතළ ලෙස එකිනෙකාට එරෙහිව කරන චෝදනාය. හැම තැනම වෛරයේ විෂ බීජ පැතිරෙන බව දක්‌නට ලැබේ. සුදු වත දරන වගකිව යුත්තෝ බරපතළ ලෙස ජනතාවගේ මුදල් වංචා කරන බවද අසන්නට ලැබේ. 
 
 ජ්‍යෙdaතිර් විද්‍යාවේ ඇසින් මේ තත්ත්වය වටහා ගැනීමට උත්සාහ කිරීම මේ ලිපියේ අරමුණයි. ජ්‍යෙdaතිෂය යනු වේද පුරුෂයාගේ ඇස යෑයි කියනු ලැබේ. පසුගිය ජුනි අග සිට මේ තත්ත්වයේ වැඩිවීමක්‌ දක්‌නට ලැබිණි. 
 
 ග්‍රහ රාජ්‍යයේ සෙන්පති යෑයි හඳුන්වනු ලබන කුජ හෙවත් අඟහරු දුර්වල වීම ජුනි මස 26 වැනිදා සිදුවිය. සෙන්පති යනු නිල බලය ලත් සටන්කාමියෙකි. මේ ග්‍රහයා මැයි 2 දින සිට මකර රාශියේ ගමන් කරමින් සිටී. මකර යනු කුජගේ උච්ඡ රාශියයි. එය සෙන්පති සටන් පෙරමුණේ ගමන් කරනවාට සමානය. එහෙත් උච්ඡ ග්‍රහයෙකු වක්‍ර වීම නිසා නීච හෙවත් දුර්වල වන බව පුරාණ ග්‍රන්ථවල දක්‌වා තිබේ. එනම් ග්‍රහ රාජ්‍යයේ සෙන්පති නීච විය. රාජ්‍ය ආරක්‌ෂක අංශවල උසස්‌ ප්‍රධානීන් උච්ඡ කුජගෙන් නිවේදනය වන නමුදු නීච කුජගෙන් හඳුන්වන්නේ චණ්‌aඩින්, අපරාධකරුවන්, කාමාතුරයන්, මිනීමරුවන්, මත්ද්‍රව්‍ය වෙළෙන්ඳන් වැනි පුද්ගලයන් වේ.
 
 එළැඹෙන අගෝස්‌තු 27 වැනිදා දක්‌වා අඟහරු වක්‍රව මකර රාශියේ ගමන් කරනවා ඇත. මේ වූ කලී ආරක්‌ෂක අංශ සීරුවෙන් සිටිය යුතු අවස්‌ථාවක්‌ බව උතුම් වූ ජ්‍යෙdaතිශ්‍ය ශාස්‌ත්‍රය අනුව පැවසිය හැකිව තිබේ. මක්‌ නිසාද යත් සමාජ විරෝධීන් හා අපරාධකරුවන් බහුලව ක්‍රියාත්මක වන බැවිනි. විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් උතුර හා නැගෙනහිර එල්.ටී.ටී.ඊ. සංවිධානය ශක්‌තිමත් කළ යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේද මේ අතරතුරය.
 
 එබැවින් උදාවන මාස එකහමාරක කාලය තුළ සිදුවිය හැක්‌කේ කුමක්‌දැයි හිතා ගැනීම අපහසු නොවන්නේය. ජුනි මාසයේ අග සිට අගෝස්‌තු මාසයේ 27 දින දක්‌වා මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යා හැකි අතර මත්ද්‍රව්‍ය වැටලීම් වලදී ඒවා රහසේ ප්‍රවාහනය කරන අවස්‌ථා ගැන ආරංචි පැතිරෙනු ඇත. මත්පැන්, මත්කුඩු භාවිතය හේතුවෙන් සිදුවන විවිධ අපරාධ පැතිරෙනවා ඇත. මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා සිදුවන රථවාහන අනතුරුද බහුලව සිදු වනවා ඇත. 
 
 තවදුරටත් ක්‍ෂණික කෝපය පිළිබද ගැටලු ඉහළ යනවා ඇත. හදිසි කෝපය සමඟ කරන පහරදීම්, අඹු සැමි ආරවුල් ගැනද අසන්නට ලැබේ. මිනිසුන් අතර තිරිසන් ගති ඉස්‌මතුවන කාලයකි. ලිංගික ආශාවන් පාලනයෙන් තොරවීම කරන කොටගෙන ස්‌ත්‍රී දූෂණ ඉහළ යා හැකිය. අසම්මත ලිංගික සබඳතා ගැනද අසන්නට ලැබෙනවා ඇත.
 
 පවුල් අවුල් ඉහළ යන කාලයක්‌ නිසා පවුලේ සමගිය රැකගැනීමට අඹු සැමියන් අධිෂ්ඨාන කරගත යුතු කාලයකි. දික්‌කසාද බහුලවන කාලයක්‌ ද වේ. ජනතාව අතර කලහකාරී ස්‌වභාවයක්‌ දක්‌නට ලැබේ. ගැටළුවක්‌ සාමකාමීව විසඳා ගැනීමට නොව සටනට කැදවීමට කරන ආක්‍රමණශීලී ප්‍රකාශ ඉස්‌මතු වේ. අපහාස කිරීම්, බැන අඬ ගසා ගැනීම්, තර්ජනය කිරීම්වලට වැඩි නැඹුරුවීමක්‌ පෙන්වයි. 
 
 මේ අතර බොරු ප්‍රසිsද්ධිය උදෙසා අනවශ්‍ය හා අධික ලෙස මුදල් වැය කිරීමට පෙළඹේ. සමාජයේ වගකිව යුතු අය සේවයට නොව ප්‍රසිද්ධිය ලබා ගැනීම උදෙසා මුදල් නාස්‌ති කරනවා ඇත. එමෙන්ම වංචා ප්‍රයෝජන කපටිකම් ගැන බහුලව අසන්නට ලැබෙන කාලයකි. 
 
 උක්‌ත කාලය තුළ වකුගඩු රෝග, අර්ශස්‌, ලිංගික රෝග, අනතුරු, වැටීම්, තැලීම් බඩවැල් ආශ්‍රිත රෝග, ලේ ගැලීම් වැනි රෝග, මොළයේ උණ, විෂබීජ ශරීර ගතවීම ආදි සෞඛ්‍ය ගැටලු ඉහළ යැමට ඉඩ තිබේ. රජයේ පාලක පක්‌ෂය අභ්‍යන්තර මත ගැටුම් ගැනද පෙන්වයි. භූමිකම්පා හා ගිනි ගැනීම්වලටද ලෝකයේ බොහෝ ස්‌ථාන ලක්‌විය හැකි කාලයක්‌ වේ. විෂ වායු නිසාද යුද්ධ හා කළකෝලාහල නිසාද ජනතාව පීඩාවට පත්වීමට ඉඩ තිබේ. ආරක්‌ෂක නිලධාරීන්ට, ග්‍රාම නිලධාරීන්ට, වන අඩවි නිලධාරීන්ට, ශල්‍ය වෛද්‍යවරුන්ට, දන්ත වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට, ඖෂධ වෙළෙන්ඳන්ට තරමක අපල කාලයක්‌ බවද පෙනේ. රථවාහන අනතුරු බහුල විය හැකිය. උක්‌ත කාලසීමාවේ උපන් ලග්න අනුව කරන බලපෑම ද විමසා බලමු.
 
 මේෂ
 
 රැකියා හෝ ව්‍යාපාර අංශවල කටයුතු වලදී ප්‍රවේශම් වෙන්න. කුජ දහවැන්නේ සුබ වුවත් කලබල වීම ඉක්‌මන් කෝපය වැනි ආවේග නිසා අන් අය අතර අසමගියක්‌ ඇතිවීමට ඉඩ තිබේ. රැකියා තනතුරුවලට සතුරුකම් එල්ල විය හැකිය. ඉවසීමෙන් කටයුතු කරන්න. 
 
 වෘෂභ
 
 අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරමක්‌ අපලයි. වෘෂභ ලග්න හිමියන්ගේ ශනි ඒරාශ්ටක අපලයක්‌ද ගතවන නිසා ශරීර සෞඛ්‍ය ගැන වැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය. ආගම දහමට ඇති කැමැත්ත අඩුවීමට ඉඩ තිබේ. එහෙත් වෙනදාට වඩා ආගමික ජීවිතයක්‌ ගත කිරීමට අවශ්‍ය කාලයකි.
 
 මිථුන
 
 කුජ අටවැන්නේ දුර්වල වීම ගැන දැඩි සැලකිල්ලක්‌ යොමුවිය යුතු වේ. බහිස්‍රාවය පිළිබද ගැටලු, හදිසි අනතුරු සතුරු කරදර ඇතිවීමට ඉඩ තිබේ. විශේෂයෙන් අනතුරු පිළිබඳ සැලකිලිමත් වෙන්න. කුජ අපලයට අදාළ ශාන්ති කර්ම කරගැනීම මැනවි.
 
 කටක
 
 කටක ලග්න හිමියන්ගේ විවාහ ස්‌ථානයේ කුජගේ දුර්වල බලපෑම අඹුසැමි භේද ඇති කිරීමට ඉඩ තිබේ. එමෙන්ම අවිවාහක තරුණ තරුණියන්ගේ විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට බාධා ඇති කරයි. හවුල් ව්‍යාපාර වලටද කරදර ඇති විය හැකිය. යටි බඩේ, ඌෂ්ණාධික රෝග ගැන ප්‍රවේශම් වෙන්න.
 
 සිංහ
 
 සිංහ ලග්න හිමියන්ගේ සතුරු ස්‌ථානයේ කුජ දුර්වල වෙයි. වියදම් ඉහළ යැමට ඉඩ තිබේ. මේ කාලය තුළ ණය නොවීමටද හිතට ගත යුතුයි. සතුරකුගෙන් කරදරයක්‌ වේදැයි බියෙන් සිටීමට සිදුවිය හැකිය. සේවක සේවිකාවන්ගේ සහයෝගයද අඩුවීමට ඉඩ තිබේ.
 
 කන්‍යා
 
 පස්‌වැන්නේ කුජ දුර්වල වීම දරුවන්ට හා ශිෂ්‍යයන්ට අපලදායකයි. දරුවෙකු වෙනුවෙන් අමතර වෙහෙසක්‌ දරන්නට සිදුවේ. නැති නම් දරුවෙකුගේ මුරණ්‌ඩුකම නිසා සිත්තැවුලක්‌ ඇතිවේ. මුදල් ආයෝජනයට සුබ නොවේ. පෙම්වතුන්ට අපලදායකයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට ඇති උනන්දුව අඩුවීම නිසා තත්ත්වයෙන් පහළ යැමට ඉඩ තිබේ.
 
 තුලා
 
 තුලා ලග්න හිමියන්ගේ ඉක්‌මන් කෝපය හා හදිසි තීරණ ගැනීම නිසා පවුලේ අය අතර අසමගිකම් ඇතිවීමට ඉඩ තිබේ. ඉඩම් ගෙවල් ආදියේ දියුණුවට කරන කටයුතුවලට බාධා ඇති වේ. මව්පියන්ට අපලදායකයි. ගෙදර වියදම් ඉහළ යැමටද ඉඩ ඇත.
 
 වෘශ්චික
 
 වෘශ්චික ලග්න හිමියන්ගේ උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබීම අපහසු වෙයි. බාල සහෝදරයකුට අපලයි. අසල්වාසීන් සමඟ අමනාපකම් ඇතිsවීමට ඉඩ තිබේ. නිශ්ඵල ගමන් බිමන් යෙදේ. උත්සාහය ධෛර්ය පහළ යැමට ඉඩ තිබේ. මේ නිසා ධෛර්යමත්ව කටයුතු කරන්න.
 
 ධනු 
 
 ලග්නයේ සෙනසුරු ගමන් කරන අතර කුජ දෙවැන්නේ දුර්වලවීම වියදම් ඉහළ යන බව පෙන්වයි. තැන්පත් මුදලක්‌ වැයවීමට ද ඉඩ තිබේ. මේ අතර ඔබ කරන කතා, ප්‍රකාශ නිසාද සිත්තැවුලක්‌ ඇතිවීමට හා අන් අය අමනාපවීමට යෙදෙයි. වියදම් පාලනය කරගන්න. දුරදිග බලා කතා කරන්න. දරුවන්ට ද අපල පෙන්වයි.
 
 මකර
 
 ලග්නයේ කුජ දුර්වල වීම හිසේ රෝග, සිත් තැවුල්, ඇස්‌වල රෝග ඇතිවීමට ඉඩ ඇති බව පෙන්වයි. පවුලේ දියුණුවට කරන කටයුතුවලට බාධා ඇතිවිය හැකිය. ආදායම් මාර්ගවලටද ගැට`ඵ ඇතිවීමට ඉඩ තිබේ. වැඩිමහල් සහෝදරයකුට අපලයි. සහෝදරයෙකු හෝ මිත්‍රයෙකු නිසා සිත් තැවුලක්‌ ඇතිවේ.
 
 කුම්භ
 
 කුම්භ ලග්න හිමියන්ගේ රැකියා හා ව්‍යාපාර අංශවල ගැටලු ඇතිවීමට ඉඩ ඇත. විදේශ ගමන්වලට බාධා ඇති කරයි. අසල්වැසියෙකු අමනාප වීමට කරුණු යෙදේ. ප්‍රයෝජනයක්‌ නැති නිෂ්ඵල ගමන් බිමන් යෙදේ. උසස්‌ කෙනෙකු අමනාප වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරී වන්න.
 
 මීන
 
 ලග්නාධිපති ගුරු ද දුර්වලව ගමන් කරන අතර කුජ ලග්නයෙන් එකොළහේ දුර්වලවීම නිසා රැකියා අංශවල බාධා, ආදායම් අඩුවීම මෙන්ම වියදම් ඉහළ යැම ඇතිවිය හැකිය. වැඩිමහල් සහෝදරයෙකුට අපලයි. ශරීර සෞඛ්‍ය රැකගැනීමට සැලකිලිමත් වෙන්න. දරුවෙකු නිසා සිත් තැවුලක්‌ ඇතිවීමට ඉඩ තිබේ.
 
 කුජ අපලය දුරු කර ගැනීම සදහා,
 
 අසරණ සතුන්ට ආහාරපාන දෙන්න. තුවාල ලත් රෝගීන්ට උපස්‌ථාන කරන්න. හැකිනම් ලේ දන්දීම උසස්‌ ශාන්ති කර්මයකි. දිනපතා මංගල සූත්‍රය භාවිත කරන්න. රතු මිරිස්‌ ආහාරයට ගැනීම හා රතු පාට ඇඳුම් අශුභ ඵල ගෙන දේ. මෛත්‍රී භාවනාවේ යෙදීම අපල දුරුවීමට බෙහෙවින්ම හේතු වනවා ඇත.
 


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල