පංච මහා පුරුෂ යෝග ඔබේ හඳහනෙත් තිබේද?

views 2018-03-20 11:27:00 IRANAMA_New

ජ්‍යෙතිෂ සිද්ධාන්තයන්ට අනුව ජන්මියකුට වාසනාව ගෙනදෙන ග්‍රහ පිහිටීම් රාශියක්‌ ඇත. ඒa අතර පෙර කුසල් බලය හේතුවෙන්ම ජන්ම පත්‍රයක යෙදෙන පංච මහා පුරුෂ යෝග නමින් හැඳින්වෙන ඉතා සුවිශේෂී යෝග පහක්‌ ඇති අතර ඉතා කලාතුරකින් යෙදෙන මෙම යෝගවල ස්‌වභාවය මෙසේ හඳුනාගනිමු.
 
 * මලවි යෝගය
 
 සිකුරු ග්‍රහයා උච්ච හෝ ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් 1, 4, 7, 10 යන කේන්ද්‍ර ස්‌ථානයක හෝ 5, 9 යන ත්‍රිකෝණ ස්‌ථානයක යෙදීමෙන් මෙම යෝගය උදා වේ. මලවි යනු අනංගයාට කියන නමකි. ප්‍රසන්න පෙනුමෙන් හා රූප සොභාවෙන් යුක්‌ත, සතුට, විනෝදය, කලාකාමීත්වය හා සමාජශීලීත්වය මෙම යෝගය පිහිටීමෙන් ලැබේ. සිකුරු ග්‍රහයා උච්ච වන්නේ මීන රාශියේදී ය. ස්‌වක්‍ෂේත්‍ර වන්නේ වෘෂභ හා තුලා රාශිවලදී ය.
 
 * ගුරු හංස යෝගය
 
 ගුරු ග්‍රහයා උච්ච හෝ ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් 1, 4, 7, 10 යන කේන්ද්‍ර ස්‌ථානයක හෝ 5, 9 යන ත්‍රිකෝණ ස්‌ථානයක පිහිටීමෙන් මෙම යෝගය උදා වේ. මෙම යෝගය උදාවීමෙන් නිරෝගී, ඥනවන්ත, ධනවත්, බලවත්, දීර්ඝායුෂ ඇති අයකු වේ. රජයේ සේවය ලැබීමට හිතකර පිහිටීමකි. සංවර අයකු වේ. ගුරු ග්‍රහයා උච්ච වන්නේ කටක රාශියේදී ය. ස්‌වක්‍ෂේත්‍ර වන්නේ ධනු හා මීන රාශිවලදී ය.
 
 * ශශ යෝගය
 
 ශනි ග්‍රහයා උච්ච හෝ ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් 1, 4, 7, 10 යන කේන්ද්‍ර ස්‌ථානයක සිටීමෙන් මෙම යෝගය උදා වේ. මේ නිසා ආයුෂ, ජන බලය, අන්සතු ධනය ලැබීමේ වාසනාව, දුක සැප දෙක එක සේ විඳදරා ගැනීමේ ශක්‌තිය සහ ආගමට ලැදි වීම යන ලක්‌ෂණ ඇති වේ. ශනි උච්ච වන්නේ තුලා රාශියේදී ය. මකර හා කුම්භ යන රාශිවලදී ස්‌වක්‍ෂේත්‍ර වේ.
 
 * භද්‍රd යෝගය
 
 බුධ ග්‍රහයා උච්ච හෝ ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් 1, 4, 7, 10 යන කේන්ද්‍රස්‌ථානයක සිටීමෙන් මෙම යෝගය උදා වේ. මේ නිසා දැනුම, බුද්ධිය, ඥනවන්තකම හා ධාරණ ශක්‌තිය ඇති වේ. ශාස්‌ත්‍රීය ලෙස කටයුතු කරයි. තර්කානුකූල කථිකත්වයක්‌ ඇත. මෙම යෝගය පිහිටීම නිසා පහසුවෙන් උසස්‌ අධ්‍යාපනය ලබාගත හැකි වේ. කන්‍යා රාශියේදී බුධ උච්ච වන අතර මිථුන රාශියේදී ස්‌වක්‍ෂේත්‍ර වේ.
 
 * රුචක යෝගය
 
 කුජ ග්‍රහයා උච්ච හෝ ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් 1, 4, 7, 10 යන කේන්ද්‍රස්‌ථානයක සිටීමෙන් මෙම යෝගය උදා වේ. මෙම යෝගය උදා වූ විට එඩිතරකම හා නිර්භීතකම ඇති වේ. ප්‍රසන්න පෙනුමෙන් යුක්‌ත වේ. කාර්මික හා වගා කටයුතුවලට දක්‌ෂ වේ. සමාජයේ කැපී පෙනේ. කුජ ග්‍රහයා උච්ච වන්නේ මකර රාශියේදී ය. ස්‌වක්‍ෂේත්‍ර වන්නේ මේෂ හා වෘශ්චික රාශිවලදී ය.


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල