ඉගෙනුමට බාධාද? - මෙන්න සරල පිළිවෙත් කිහිපයක්‌

views 2017-10-20 10:42:00 IRANAMA_New

අද බොහෝ දෙමව්පියන් විශේෂයෙන්ම මවුවරුන් තම දරුවන් කුමන හෝ විභාගයකට ඉදිරිපත් වීමට සතියකට දෙකකට පෙර බෝධි පූජා, ආශිර්වාද පූජා බාරහාර වීම් ඇතුළු නොයෙකුත් ශාන්තිකර්ම වෙත යොමුවීමට පෙළැඹී සිටින අතර ඒවායෙන් පළක්‌ නොවූ තැන දරුවන්ට දොස්‌ නඟමින් දඬුවම් පමුණුවමින් ඔවුන්ව මානසිකව පීඩනයකට ලක්‌කොට තමන්ද මානසික වශයෙන් ඇදවැටෙමින් ඉතා අනුවණකාරී ලෙස හැසිරෙති."
 
 මෙම කාරණයේදී දෙමාපියන් වශයෙන් දරුවන්ගේ නැණ නුවණ දියුණු කිරීමට පෙර දෙමාපියන් තම නැණ නුවණ දියුණු කර ගැනීම අත්‍යවශ්‍යම සාධකයකි. ජ්‍යෙdතිෂයේ උපදෙස්‌ හා මග පෙන්වීම මත දරුවකුගේ අධ්‍යාපන මට්‌ටම සහ ඔහු හෝ ඇය යොමු කළ යුතු අංශය පිළිබඳව ඔබ තීරණය කළ යුත්තේ දරුවා පෙර පාසලකට යොමු කිරීමටත් පෙර සිටය.
 
 දරුවකුගේ අධ්‍යාපනය සාර්ථක හෝ අසාර්ථක වීමට බලපාන කරුණු රාශියක්‌ ජ්‍යෙdතිෂයේදී අනාවරණය වන අතර එයින් අසාර්ථකවීමට හා බාධා වීමට බලපාන්නා වූ හේතුකාරණා සොයා දැනුවත් විමෙන් පසු මුල සිට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීම තුළ දරුවාත් ඔබත් පීඩාවට පත් නොවනු ඇත.
 
 අද බොහෝ දෙමාපියන් දරුවා දැනට ගෙවන මහ දශාව අතුරු දශාව හඳුනා ගෙන එය සුබ යෑයි සැළකෙන ග්‍රහයකුට අයත් කාල වකවානුවක්‌ නම් සියල්ල යහපත් යෑයි සිතා කටයුතු කිරීමට පෙළඹීම බලවත් වරදකි. ඒ ශුභ යෑයි කියා සැලකෙන ග්‍රහයන් ද සමහර අවස්‌ථාවල සමහර ජන්මීන්ට අශුභ පල උදාකරන බැවිනි.
 
 උදාහරණයක්‌ ලෙස ගතහොත් සමහර දරුවන්ට 22 වැනි දෙර්කානාධිපති 64 වන නවාංශකාධිපති බාධක ග්‍රහයෙකු වීමට හැකියාව පවතී.
 
 එබැවින් දරුවකුගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි බලපාන්නාවූ සියලු දුබලතාවන් මෙන්ම බාධා කල්තියා හඳුනා ගෙන දරුවා කුඩා කළ සිට ඒ සඳහා නිර්දේශිත ශාන්තිකර්ම වෙත යොමුවීමෙන් බොහෝ සුබවාදී ප්‍රතිපල උදාකරගත හැකි අතර එම කටයුතු දරුවා අධ්‍යාපන කටයුතු අවසන් කරන තුරු නොකඩවා පවත්වා ගෙන යැමද ඔබ විසින් කළ යුතුම කාර්යයකි.
 
 මේ අතර අසුබ ග්‍රහශක්‌තීන් මර්දනය කිරීම සඳහා මැණික්‌ වර්ග පැළඳවීම සරස්‌වතී යන්ත්‍රය මෙන්ම තෛලය පැළඳවීම වැනි ප්‍රතිකර්ම රාශියක්‌ ඇති අතර මේවා පැළැඳුවත් නැතත් දිනපතා උදේ සවස මල් පහන් සුවඳ දුම් පූජා කර බුද්ධ වන්දනාව සිදු කිරීමට දරුවාට පුරුදු කරන්න. අවම වශයෙන් කරණීය මෙත්ත සූත්‍රයවත් කියා තම ඉෂ්ට දෙවියන් ප්‍රමුඛ දේවතා මණ්‌ඩලයටත් විශේෂයෙන්ම සරස්‌වතී දෙවඟනට, ගණදෙවියන්ට, පත්තිනි මෑණියන්ට පිං අනුමෝදන් කර අපල දුරු වී මතක ශක්‌තිය වර්ධනය වී යහප්ත මානසික තත්ත්වය උදාවී තම අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා යන ප්‍රාර්ථනාව පෙරදැරිව කටයුතු කිරීමේ ආශිර්වාදයෙන් ඔබටත් දරුවාටත් ඉතා යහපත් සුබවාදී ප්‍රතිඵල අත්විඳින්නට හැකිවනු ඇත.


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල