කසාදෙට දෝෂද? එහෙනම් මෙන්න පිළියම්

views 2017-10-10 10:03:00 IRANAMA_New

අද සමාජයේ බොහෝ දෙනෙක්‌ නිසි වයසේදී සුදුසු විවාහයක්‌ සිදු කර ගැනීමට නොහැකි වීමෙන් පීඩා විඳී. මෙසේ වන්නේ පෙර භවවලදී තම සහකරුට හෝ සහකාරියට කරන ලද ශාරීරික හා මානසික පීඩා නිසාය. "කරන කලට පවු මීරිය මීසේ. විඳින කලට දුක්‌ දැඩි වෙයි ගිනිසේ" තම ජන්ම පත්‍රයේ කුජ දෝෂය, ශනි මංගල දෝෂය" කාල සර්ප යෝගය, විවාහ ස්‌ථානාධිපති හය, අට දොළහ ස්‌ථානවල තැන්පත්වීම, විවාහස්‌ථානාධිපති නීච වීම, සිකුරු නීචවීම, සිකුරු අටවැන්නේ නීචවීම ආදිය යෙදී තිබුණොත් විවාහයට බලවත් බාධක ගෙනදේ. මෙවැනි විවාහ දෝෂ තිබෙන අය හැමවිටම උත්සහ කරන්නේත් උසස්‌ම තත්ත්වයේ විවාහයකට ඇතුල් වීමටයි. 
 
 පෙර භවයේදී ස්‌වාමියාට හෝ බිරිඳට නොසලකා විවාහස්‌ථානය නොහොත් හත් වැන්න දුර්වලව දුක්‌පත් හත්වැන්නක්‌ හිමි ජන්ම පත්‍රයක්‌ හිමි කරගෙන උසස්‌ම, විවාහයකට උත්සහ කිරීම ස්‌වභාව ධර්මයා කුපිත කරවයි. ජාතියෙන් ජන්මියෙන්, කුලෙන්, අඟපසගින් හෝ උගත් කමින් අඩු පාඩුවක්‌ විඳ දරාගෙන විවාහ වීමට උත්සාහ කලොත් එයට බාධා නොකරයි. විශාල මංගල උත්සවයකට සූදානම් නොවී පළමුව හදිසියේ කරන විවාහ ලියාපදිංචියට, බාධා ගෙනදීමට නොහැකි වේ. 
 
 විවාහ දෝෂයනු සාධාරණ විනිශ්චයකරුවෙකු හා සමානයි. වැන්දඹු කාන්තාවන්ට සංග්‍රහ කිරීම. යහපත් විවාහ දිවියක්‌ ගෙවනා පවුල්වලට සංග්‍රහ කර ඔවුන්ගේ ආශිර්වාද ලැබීම, මංගල ඇඳුම් කට්‌ටල පරිත්‍යාග කිරීම, ජය මංගල ගාථා නිතර ශ්‍රවණය කිරීම, විවාහ දෝෂ සමනය කිරීමට හේතු වේ. අද විවාහ වීමට නොහැකිව ලතවෙන බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන්නේත් අපි ඔය ඔක්‌කොම කළා එහෙත් අපි තවමත් අවිවාහකයි කියාය. 
 
 පෙර භවවලදී ජීවිතාන්තය දක්‌වා ස්‌වාමියා පීඩාවට පත් කරවා මේ භවයේදී මේ ප්‍රතිකර්මවලින් පමණක්‌ විවාහය දිනාගත හැකිද? තම කේන්ද්‍රය හොඳින් පරීක්‍ෂා කරවාගෙන විවාහ දෝෂ තිබෙනා අය සහකරු හෝ සහකාරිය සෙවිය යුතු කාලය තීරණය කළ යුතුය. අද සමාජයේ වැඩිපුරම විවාහ දෝෂ තිබෙන්නේ කාන්තාවන්ටයි. තිබෙන රූ සපුව එකවර වෙනස්‌ කර ගැනීම තමන්ගේ සුබම දින තෝරාගෙන එදිනට පළමුව මුණ ගැසීම විවාහයට සුදුසු මැණික ජීවම් කර පැලඳ ගැනීම බුදුන්වැඳ විෂ්ණු දෙවියන්ගෙන් සහ ශිව දෙවියන්ගෙන් පිහිට පැතීම බොහෝ විවාහ දෝෂ තිබෙන අය තමා විසින්ම සීමා මායිම් හඳුනාගෙන, උස, මිටි, කළු, සුදු, උගත්, නූගත්, කුල, මල ආදිය ඉදිරියට තබාගෙන ඉදිරි බාධක තමාම නිර්මාණය කරගනී. බලවත් විවාහ දෝෂ තිබෙන දරුවෙකු ගෙදර තබාගෙන මව් දෙමව්පියන් ඔවුන්ගේ ඉලක්‌ක දිනවන සහකරුවෙකු සෙවීම කටු අත්කක මල් පුප්පනවා හා සමානවේ. කොතරම්, ලස්‌සන වූවද උගත්කම තිබුණද දේපොළ හොඳට තිබුණත් සසරේ කරපු කර්මය. එම බාහිර දේවල්වලින් වසාගත හැකිද? කර්මය හීලෑ කර ගත හැක්‌කේ බුදුන් වැඳ දෙවිකෙනෙකු නිතර ආශ්‍රය කිරීමෙන් පමණි. විවාහ දෝෂ ප්‍රබලව තිබෙනා අයට විවාහය වැදගත් සාධකයක්‌ නොවේ. ඕක කර ගන්නම ඕනෑද? කියා ඔවුන් ප්‍රශ්න කරන්නේ ඔය නිසාය. දරුවාගේ විවාහය පිළිබඳව වැඩි වශයෙන්ම පීඩා විඳින්නේ මව් දෙමව්පියන්ය. 
 
 විවාහයට සැබෑ වුවමනාවක්‌ නැති අය දෙමව්පියන්ට සැනසීම උදා කරදීමේ ෙච්තනාවෙන් වත් විවාහ විය යුතුය. විවාහ දෝෂ තිබෙන අය ඒවා මර්දනය කිරීමට වෙනත් කුසල් කර පලක්‌ නැත. අඩු පාඩු සහිත කෙනෙකු විවාහ කරගෙන ඔහුට චෞර භාර්යාවක්‌ නොවී මාතු භාර්යාවක්‌ වී, කල්‍යාණ මිතුරියක සේ සැමියාට සංග්‍රහ සත්කාර කර ඔහුගේ ආශිර්වාද ලැබිය යුතුය. එසේ නොකළහොත්, විවාහ දෝෂය දුරු කර ගැනීමට මේ ආත්මය තුළ ලැබෙන අවසන් අවස්‌ථාවත් ගිලිහී ගොස්‌ ඊළඟ භවයටද ඒ සුන් බුන් ගමන් කරනු ඇත.


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල