ප්‍රබල ග්‍රහ මාරුදෙකෙන් රටට කුමක්‌ සිදුවේද?

views 2017-10-02 11:01:00 IRANAMA_New

පසුගිය අගෝස්‌තු 18 වැනි දින රාහු මාරුවක්‌ සිදුවිය. ඊට පසු සැප්තැම්බර් 12 දා ගුරුගේ මාරුවක්‌ සිදුවිය. මෙම විශ්ව ශක්‌තීන් දෙක තමන්ගේ කිරණ ජාලාව විශ්වයට විකාශනය වීමේ ස්‌වභාවය වෙනස්‌වීමත් සමඟ රාජ්‍ය කාරකාදීන් හා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයත්, ජනතාව හා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයත් හෙමිහිට වෙනස්‌ වී යන අන්දම බුද්ධිමත්ව විමසිය යුතුය.

ප්‍රථම කොට රාහු හඳුනාගනිමු. රාහු ස්‌කන්ධයක්‌ නැති ඡායා ග්‍රහයෙකි. ශනි හෙවත් සෙනසුරුගේ ගතිය රාහුට පවතී. එසේම රාහු දේශපාලනය පිළිබඳ බලවතෙකි. එසේ හෙයින් රාහුද, දේශපාලනය හා රටවැසියා සම්බන්ධව නියෝජනය වෙයි. පසුගිය කාලයේ ලංකා කේන්ද්‍රයේ රාහු සිටියේ 07 වන භාවය තුළය. එනිසා 07 වන භාවයෙන් විකාශනය වන කරුණු අතරට රාහුගේ බලය සම්මිශ්‍රණය වූ අයුරු විමසිය යුතුය.

හත්වන භාවය තුළ සාමූහිකත්වය පවතී. එසේම ජාත්‍යන්තර සබඳතා හත්වන භාවයෙන් ප්‍රකාශවෙයි. මේ අතර ලංකා කේන්ද්‍රයේ 10 වැන්න තුළ සෙනසුරු ගමන් කරමින් සිටියේය. 10 වැන්න යනු නායකත්වය සේම රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රකාශ වන තැනය. එතැන සෙනසුරු ගමන් කිරීම නිසා කටයුතු අවුල්වී යාම සිදුවෙයි. එනම් පාලනය නිසා ජනතාව අවුල්වී යාමය. රාහු හත්වැන්නේ බැවින් සාමුහිකත්ව බලය බිඳී යයි. එනිසා ජනතාව අතරත් ජනතා සංවිධාන අතරත් රාජ්‍ය සමඟ ගැටුම් ඇතිවෙයි.

ලංකා කේන්ද්‍රය අනුව ගුරු ගමන්a කළේ 08 වන භාවය තුළය. ගුරුගේ ගෝචර ගමනට 08 වැන්න ඉතාමත් අසුබ තැනකි. එසේම ගුරු නිවේදනය වන්නේ යුක්‌තිය පසිඳලන්නාගේ භූමිකාවය. අග්‍ර විනිශ්චයකරුසේම රාජ්‍ය උපදේශකත්වය හිමිවන්නේද ගුරු ග්‍රහයාටමය. මේ කාලය රජයට විපත්ති කරදර සේම මහජනතාවටද එම තත්ත්වය උදාකළ කාලයකි. රාහුගේ භූමිකාව තුළ බැඳුම්කරය විදේශ සමඟ බැඳුණ අහිතකර ගිවිසුම් සේම අතුරුදන්වූවන් පිළිබඳ ගෙනෙන විවිධ ගිවිසුම් හා අණපනත් කරලියට මතුවෙමින් රට ගිනි ගත්තේය. 

ගුරු 08 වැන්නේ ගමන් කළ බැවින් නීතිය රජයට වාසි හා අවාසි දෙකම අත්කළේය. රට තුළ ස්‌වභාවික විපත් කවරදාකටත් වඩා වර්ධනය වීම මහජන ජීවිත හා දේපළ නැතිවීම සේම රජයටද ඒ වෙනුවෙන් විශාල ලෙස වන්දි ගෙවීමට සිදුවීම ආදී අසුබතා මතු වෙද්දී මහ බැංකුව හා පර්චුවල් ට්‍රෙෂරීස්‌ යන ආයතන හරහා මහා පරිමාණ මුදල් කොල්ලයක්‌ද අප රටේ පමණක්‌ නොව ලෝකයේද පළමු වරට මේ රට තුළ සිදුවිය.

මේ සියල්ල දැන් සිදුවී අවසානය. මෙසේ වීමට ඉඩ කඩ විවරවූ රාහු සහ ගුරු දැන් ස්‌ථාන වෙනස්‌ කරගෙන සිටී. ලංකා කේJද්‍රයේ 07 වැන්න වූ සිංහ රාශිය තුළ දැඩි ලෙස සතුරු ස්‌වභාවයෙන් සිටී. රාහු 6 වැන්නට පැමිණ සිටී. 6 වැන්න කටකය වන අතර කටකයටද සතුරු නමුත් භාවමය වශයෙන් 6 වැන්න ඔහුට සුබය. ඉදිරි මාස 3 කින් පසු රාහුගේ අලුත් භූමිකාව ඇරඹෙන අතර 09 වැන්නේ සිටින ගුරු රාහුට පෙනේ.

එසේ ඉදිරි මාස 3කින් පසු රාහු නිවේදනය කළ මහජනතාව සහ ජනතා සංවිධාන පහුගිය කාලයට වඩා බලවත් වන බවක්‌ පෙනේ. ඔවුන්ගේ ඉල්ලීම් බොහොමයකට අකමැත්තෙන් වුවද ආණ්‌aඩුවට ඇහුම්කම් දීමට සිදුවනු ඇත. බොහෝ ගැටලු අධිකරණය හරහා විසඳී යාහැකි ඉඩකඩ පවතී. විශේෂයෙන් සයිටම් ප්‍රශ්නය අධිකරණ ක්‍රියාමාර්ගයකින් විසඳෙන බවක්‌ සිතිය හැක. 

එසේ සිදුවන්නේ ගුරු ග්‍රහයා 09 වන භාවය තුළ 2018 ඔක්‌.11 වන දින දක්‌වාම සිටින බැවිනි. 2018 මාර්තු 09 දා ගුරු වක්‍ර වීමක යෙදෙන අතර ජූලි 10 දා යළි නිවෘත්ති වෙයි. ඒ තුලා රාශිය තුළමය. මේ කාලය ලංකා කේන්ද්‍රයට අශුභ දායකය. එසේ හෙයින් ලබන 2018 මාර්තු සිට ජූලි මාසය දක්‌වා කාලය රජයට අපල දායක වෙයි. දේශපාලන පෙරළි සේම බලවත් රාජ්‍ය කාරකාදීන් උසාවිය හමුවට පවා ලක්‌විය හැකි කාල පරිච්ඡේදයක්‌ බව පෙනේ.

විශේෂයෙන් රාහුගේ දෘෂ්ඨ§ය ගුරුට වීéණය වී තිබීම මහජන බලවේගවල අපේක්‌ෂිත බලාපොරොත්තු සඵල වීමේද ඉඩකඩ පවතී. විශ්වවිද්‍යාල පද්ධතියේ වෛද්‍ය සිසුන් යළිs පාඨමාලාවන්ට ස්‌ථාපිත වීමත් අධිකරණමය විසඳුමක්‌ මගින් ප්‍රශ්නය නිරාකරනය වීමේ හැකියාව පවතී. එසේ නමුත් විදේශීය රටවල ඇඟිලි ගැසීම් තවදුරටත් පවතිනු ඇත. රටේ තත්ත්වය හා විදේශ සම්බන්ධතා අතර ගැටුම් යළිත් වෙනත් මුහුණුවරකින් කරළියට පැමිණිය හැකිය.

කෙසේ නමුත් සෙනසුරුගේ භූමිකාව අනුව මහජන මතයට හා බලයට රජයට අවනත වීමට සිදුවේ. සැප්. 12 ගුරු මාරුව වසර 15 කට පමණ වරක්‌ සිදුවන්නක්‌ බැවින් ඉදිරි මාස තුනෙන් පසු රටේ තත්වයේ ප්‍රබල වෙනසක්‌ අපට එසේ දැකගත හැකිවනු ඇත. ආණ්‌ඩු කරන පාර්ශ්ව යෙන් විරුද්ධ පක්‌ෂයට නියෝජනය වන පිරිසද වැඩිවනු ඇත. එසේම පූජ්‍ය පක්‌ෂයේ ප්‍රශංසාවට රජයේ වැඩපිළිවෙළ ලක්‌විය හැකිය. 

එනමුත් ගුරුගේ මාරුව සිදුවන විට රාජ්‍ය කාරක රවි ලංකා කේJද්‍රයේ 07 වැන්න තුළ නිවේදනය වී සිටියේය. විශේෂයෙන් විරුද්ධ පක්‌ෂය හත්වැන්නෙන් නිවේදන වන නිසා ඔහු 7 වැන්නේ බලවත් වීම මත විරුද්ධ පක්‌ෂවල බලය වර්ධනය වන පිහිටීමක්‌ වෙයි. එසේම ලබන ඔක්‌. 26 පොදු ජනයා නිවේදනය කරන සෙනසුරු ග්‍රහයා 30 වසරකට පසු 11 වන භාවයට යාමද පොදු මහජන මතය දීප්තිමත් වන කාලයක්‌ද වෙයි. ඔක්‌ 16 සිට නොවැ. 17 දක්‌වා රාජ්‍ය කාරක රවි 09 වැන්නට පැමිණ ගුරුට එකතුවෙයි.

මේ කාලය පූජකවරුන්ගේ ද වෛද්‍යවරුන්ගේද උගතුන්ගේ ද බලාපොරොත්තු ඉෂ්ඨාර්ථයට පැමිණෙන කාලය වෙයි. සමාජය ඔවුන් වටා පෙළ ගැසෙයි. කෙසේ නමුත් 2018 ඔක්‌. වන විට ඒ කාල පරාසය තුළ අප රටේ දේශපාලන ෙéaත්‍රයේ වැදගත් සිදුවීම් රැසක්‌ ඇතිවනු ඇත. 


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල