අඟහරු හතේනම් මෙය කියවන්න

views 2017-09-13 11:23:00 IRANAMA_New

මෙහෙම කිව්වාම ඔබට ටිකක්‌ වැටහෙනවා මදි වන්න ඇති. කුජ හතේද කිව්වාම නම් ඔබේ මනස පොරොන්දම් ගැන දිව යනවා. ඕනෑම පුද්ගලයකුට අසනීපයක්‌ හැදුනාම ඒකට සුවයක්‌ ලබාගන්න පමණයි වෛද්‍යවරයෙක්‌ ළඟට යන්නෙ විශ්වාසය ඇතිව දෙන බෙහෙතින් සුවවේවි කියලා. නමුත් කු=මන කරුමයකින් හරි රෝගය අඩු නොවුණහොත් ඔබට ඒ වෛද්‍යවරයා ගැන කලකිරීමක්‌ සිදුවනවා. ඔබ නැවත එම වෛද්‍යවරයා ළඟට යන්නේ නැහැ. ඒ වගේම තමයි ජ්‍යෙdතිෂය. ප්‍රශ්නයක්‌ වූ විට විශේෂයෙන්ම ඔබේ දුවනියගේ හෝ පුතාගේ පොරොන්දම් පරීක්‌ෂාවට හෝ ජ්‍යෙdතිෂ ගැටලුවකට ජ්‍යෙdතීර්වේදියා ළඟට ගියාට එම ප්‍රශ්නයට පිළිතුරු වෙනුවට තවත් ප්‍රශ්නයක්‌ එකතු කරයි නම් ඒ ජ්‍යෙdතිර්වේදියා පමණක්‌ නොවෙයි ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයත් එපා වෙනවා. නමුත් වැඩිපුරම ජ්‍යෙdතිර්වේදීන්/ වේදිනියන් ඒක කරන බව ලැබෙන දුරකථන පණිවුqඩවලින් පෙනෙනවා. ප්‍රතිකර්මය මොකද්ද කියන්න මට වැටහෙන්නේ නැහැ. දැන් ජ්‍යෙdතිෂයත් ඇතැම් බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ ප්‍රකාශ වගේ. එකකට එකක්‌ පරස්‌පරයි. නමුත් හැම නිකායකම ප්‍රධානියා භාගවතුන් වහන්සේ.

මේ ළඟදී දවසක්‌ දරුවොත් හදාගෙන සතුටින් ජීවත්වන යුවළක්‌. එයාගේ මල්ලිගේ පොරොන්දම් බලන්න ගියා. මහා ප්‍රසිද්ධ ජ්‍යෙdතිෂ කෙනෙක්‌ ළඟට. ජන්මපත්‍රය ගත් හැටියෙම කිව්වා කුජ 7 නිසා ඒ විවාහය කරන්න එපා කියලා. ඊට පසු අර විවාහ වෙලා සතුටින් ඉන්න අයගේ ජන්මපත්‍ර 2 ක්‌ දීලා විනෝදයට වගේ ඒක බලන්න කියලා. ඒක බලලා අර ජ්‍යෙdතීර්වේදිනිය කිව්වා මේකෙත් කුජ 7 ඉන්නවා බඳින්න එපා කියලා. ඒ අය එතකොටත් දරුවෝ හදාගෙන සතුටින් ඉන්නවා. ඒ අය එවිට ජ්‍යෙdතිෂයට බැණ බැණ යන්න ගියා. මේ වගේ ජ්‍යෙdතිෂ ප්‍රකාශනවලට ජ්‍යෙdතීර්වේදීන් වශයෙන් අපිත් අසරණ වෙනවා. නියම නිර්දේශයක්‌ නැති එක තමයි අඩුව. නිර්දේශ හදන අය දේශපාලනයට යට වෙලා. අවුරුදු නැකැත්වල තිබූ කලබලය මතකනේ. අදටත් ඒක නිවැරදි කළේ නැහැ. කරන්නත් බැහැ. සත්‍ය ප්‍රකාශ කරන්න නොහැකි වීමට එක එක ප්‍රශ්න නැතුව නොවේ. ප්‍රධානම එක කරුණු නොවැටහිම. බුද්ධාගම තියෙන්නේ බෞද්ධයින්ට විතරක්‌ම නොවේ. ඕනෑම ජාතියකට කුලයකට මෙය පොදුයි.

"නජඡ්ජා වසලෝහෝති - නජඡ්ජා හෝති බ්‍රාහ්මණෝ" කියලා බුදු දහමේ කියනවා. සියලුම ධර්මරත්නලා ළඟ ධර්මය නැහැ. හිඟා කන ධනපාලලා ඕන තරම් ඉන්නවා. අඩු කුලේ යෑයි සම්මතයේ පවසන විශාල දෙනෙක්‌ බුද්ධ ශාසනයේ මහනදම් පිරුවා. ඒ අයගේ ක්‍රියාව තමයි වටින්නේ. අහිංසකව ක්‍රියා කළ නිසා අහිංසක වුණා. ඇඟිලි කප කපා මිනීමරපු නිසා අංගුලිමාල වුණා. නැවත කළ පාප කර්මය අර්ථවත් කරගත් නිසා රහත් වුණා. එකම පුද්ගලයා ඒ ඒ ස්‌ථානවල ක්‍රියාකාරීත්වය විතරයි බලපෑවේ. සියලුම දේ වෙනස්‌ වෙන්ට.

කේන්දරයේ මේ අඟහරුවත් එහෙමයි. 7 වැන්නේ හිටපු පලියටම විවාහයට හතුරු නැහැ. අඟහරු පාපියෙක්‌ කියලා පුද්ගලයින් ලියාපදිංචි කරන ආයතනයේ ලියාපදිංචි වෙලා නැහැ. පාපී කියලා ලෙහෙසියට නම් කළා මිස අඟහරු නැත්නම් කුජ, රවි, ශනි, රාහු, කේතු හා කෲර චන්ද්‍රයා පාපී කිරණ මේ කෲර සඳු නම් හැමතැනටම කෲරයා තමයි. අනිත්වා හැමතැනටම එහෙම නැහැ. උදාහරණයක්‌ ගනිමු. මේ කුජ නැත්නම් අඟහරුවා ලේවලට අධිපතියා. පතුරන්න දක්‌ෂයා, කලබලකාරයා, ශරීරයේ රුධිරය අයිතිත් අඟහරුට. ශරීරයේ ලේ වේගයෙන් ගියත් නරකයි - හෙමින් ගියත් නරකයි. රුධිර පීඩනය ගැන පරිස්‌සම් වෙන්නේ ඒකයි. ජන්මපත්‍රයක අඟහරුවත් ඒ ආකාරයටමයි. මේ අඟහරුව පාසල් කාලයට විවාහක ස්‌ථානයේ වේගවත් වුණොත් ඉගෙනීමට බාධා ඇති වනවා. විවාහ වන කාලයට මේ අඟහරුවා හෙමින් ගමනය කළොත් විවාහය ප්‍රමාද වෙනවා. මිනිසුන් වගේම තමයි මේ ග්‍රහයෝ එක එක ස්‌ථානවල ගමන් කරන කොට. විශේෂයෙන්ම මේ අඟහරුවා ගැන අපි කල්පනාවෙන් ඉන්නේ ශරීරයට ලේ අත්‍යාවශ්‍ය වගේ, කේන්ද්‍රයට කුජ අත්‍යාවශ්‍යයි. එච්චරම නොවේ. තව ග්‍රහයෝ ඉන්නවා. ඒවත් එකිනෙක විස්‌තර කරනවා කාලීනව.

කේන්දරයක වෛද්‍යවස යෝග හදන්නේ කුජ විතරක්‌ම නොවේ. පාපි රවි - ශනි - රාහු - කේතු යන කුමන ග්‍රහයෝ හිටියත් වැන්දඹුqq යෝග යෙදෙනවා. හැබැයි පාපි වන්න ඕනෑ. කියූ පලියටම ගන්න එපා. දොaෂ භංග වන ක්‍රමයකුත් තියෙනවා. අපි මෙතැනදී මේ පාපී ග්‍රහයා කියන එක හරියට විස¹ ගන්න ඕනෑ. මේ ග්‍රහයෝ පාපීමයි කියලා හැම තැනටම පාපී ක්‍රියා කරනවා කියලා කොයි පොතකවත් නැහැ. එක තැනකට හතුරා තව තැනකට මිතුරා වනවා. ධනපාල කිව් පලියටම ඔහු ළඟ මුදල් තිබිය යුතුම නැහැ. ඔහුගේ ක්‍රියාව හැටියට තමයි ඔහු නියම තත්ත්වයට පත් වන්නේ. බුදුරදුන් පවා අනුමත කළේ ඒකයි. මේ කුජ 7 ගැන වැඩිපුරම හැඳින්වීම කළේ ගැටලු කීපයක්‌ නිරාකරණය කරන්න. අපි හිතමු පිරිමියාගේ කේන්දරයේ පමණක්‌ අඟහරුගේ පාපීත්වයක්‌ තියෙනවා කියලා. ඒ වුණු පලියටම පොරොන්දම් නොබලා ප්‍රතික්‌ෂේප කිරීම උගත් ජ්‍යෙdතිර්වේදියාගේ සිරිත නොවේ. අනිත් ජන්ම පත්‍රයත් පරීක්‌ෂා කිරීම බොහෝ විට වටී. දොaෂ භංග කේන්දර ගත් අය ඕන තරම් සතුටින් ජීවත් වෙනවා. ඒක පරීක්‌ෂා කළ ජ්‍යෙdතිර්වේදියාට වඩා හොඳට. අනික කුජ දොaෂය ක්‍රම කීපයකට පිහිටනවා. කොටින්ම කිව්වොත් හතේ අඟහරු නැත්නම් කුජ සිටි පලියටම ඒක පාපී කේන්දරයක්‌ නොවේ. 7 පාපී අඟහරු සිටීම පාපී කේන්දරයක ලක්‌ෂණයයි. නමුත් ඒක ප්‍රතික්‌ෂේප කිරීම උචිත නොවේ. විවාහය සඳහා පොරොන්දම් බැලීමේදී විවාහක ස්‌ථානයට නැත්නම් ලග්නෙන් 7 රාශිය දෙසට ජ්‍යෙdතිර්වේදියාගේ ඇස යන එක පුදුමයකුත් නොවේ. ඒ පමණකින්ම විවාහයේ තීරණය ගැනීම මත ප්‍රකාශ කිරීම එතරම් සුදුසු නොවේ. විවාහයට ගැලපෙනත්, නොගැලපෙතත් කරුණු කාරණා රාශියක්‌ ඇති බව පාඨකයන්ට විශේෂයෙන් කිව යුතු නොවේ. විවාහය සඳහා පොරොන්දම් පරීක්‌ෂාවේදී පසුගිය වැඩමුළුවකදී ජන්මපත්‍ර කීපයක්‌ම ප්‍රතික්‌ෂේප කිරීමට සිදු වුණ එකම හේතුව වූයේ ඒකමතික තීරණ ගැනීමයි. සමහර ජන්මපත්‍රවලට විවාහක ජීවිතයක්‌ නැති බව පවසන ඉතා ස්‌වල්ප දෙනෙක්‌ද ඇත. පොදු වශයෙන් කිව යුත්තේ මේ විශ්aවය තුළ කරුණු කාරණා එකක්‌ හෝ දෙකක්‌ හැර පිළිතුරක්‌ නැති. ඒවා නැති තරම්ය. අමාරුවකට ඇත්තේ සොයා ගැනීම පමණි. පොරොන්දම් පත්‍ර පරීක්‌ෂා කරන ජ්‍යෙdතිර්වේදියා පූර්ව නිගමන නොගත යුතුයි. ඔවුන් නියමයෙන්ම විනිසුරුකරුවන්මය. පූර්ණ නිගමන නොගත යුතු වේ. හතේ අඟහරු නැත්නම් කුජ 7 ගැන මෙතරම් විස්‌තර ලියන්නේ ඔබට කුජ ගැන ඇති ව්‍යාජ අදහස්‌ බැහැර කිරීමටයි.

අපි හිතමු එක්‌ ජන්මපත්‍රයක දොaෂ ඇතැයි හෙතෙම විශ්වාස කරයි. නමුත් අනිත් ජන්මපත්‍ර පරීක්‌ෂාවේදී එහිද දොaෂ ඇති බව පෙනී ගියහොත් එම කේන්දර දෙක විවාහක ප්‍රශ්aන නිම කිරීමට සමත් වේ. ජන්මපත්‍ර පරීක්‌ෂා කර පොරොන්දම් බැලීමේදී හෝ නැකැත් දීමේදී නියම ජ්‍යෙdතිර්වේදියා ස්‌වකීය තුන්වැනි ඇස උපයෝගි කරගත යුතුමය. එසේ නොවුණහොත් සිදුවන පාඩුව හෝ අලාභය සුළුපටු නොවේ. ජන්මපත්‍රයක ගුණාගුණ පැවසීමේදී දෙවැනි වර බලාගත හැක. නමුත් නැකැත් පොරොන්දම් සෑදීමේදී දෙවැනි පියවරක්‌ නැත. පළමු පියවර පමණකි. පොරොන්දම් නොබලා කරන විවාහයන්ද ඇත. එනමුදු පරීක්‌ෂා කරන සමීක්‌ෂණවලදී පෙනී යන්නේ එවැනි වැඩි ප්‍රතිශතයක්‌ විවාහ කඩාකප්පල් හෝ සතුට ර¹ නොපවතින ඒවා බවය.

මෙම පොරොන්දම් බැලීම සඳහා සමහර ජ්‍යෙdතිර්වේදීහු ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයද, ඈපා ක්‍රමයද, වෙනත් ක්‍රමද උපයෝගි කර ගනිති. ඒaa කුමන ක්‍රමවේදයන් උපයෝගි කළාට කිසිදු වරදක්‌ නැත. ඒ කෙසේදයත් ශ්‍රීපා මළුවට පිවිසීමට මාර්ග කීපයක්‌ තිබුණද අවසානයේ ශ්‍රීපා මළුවට පිවිසේ නම් කිනම් වරදක්‌ද යන ලෙසය.

වර්තමාන ජ්‍යෙdතිෂවේදීන් වැඩිපුරම අනුගමනය කරනුයේ වර්තමාන පංතිවල උගන්වන 24 පැය ක්‍රමයයි. එහි ලඝූ ක්‍රමය පවතී. පැරන්නෝ 60 පැයේ සිංහල ක්‍රමය උපයෝගී කළ අතර සෘෂි ශ්ලෝකවල ඇති. අර්ථය අනුගමනය කරයි. ජ්‍යෙdතිර්වේදියාට පහසු ක්‍රමයක්‌ පිළිපැදීම ඔහුගේ මතයයි. පිළිතුර එකම ලැබෙනවා නම් ක්‍රම දෙකම භාවිතා කරන අප මේ බව සක්‌සුදක්‌සේ දනිමු.

ජන්මපත්‍රයේ රාශි 12 හඳුනා ගැනීම වෙනුවට ශ්ලෝක භාවිත වූ බව නොරහසකි. එනම් රාශි 12 නැත්නම් භාව 12 හඳුනා ගැනීම් වස්‌ ලග්න ස්‌ථාන ධනස්‌ථානා - සහජ - බංදු - ප්‍රියඃ ශතඃ - ශත්‍රා කලත්‍රංච - මුත්‍රංච - ධර්ම - කර්ම - අයඃ - වැයඃ යනුවෙනි. කිසිදු ක්‍රමයකට කීවත් මේ භාව 12 නොවෙනස්‌ව පවතින අතර ඉන් කියෑවෙන විපාක ප්‍රතිඵල ඉගෙනගත් ආකාරයට වෙනස්‌ව පවතී. මේෂ ලග්න හිමියකුට ලග්නයේ රවි උච්චව පැවතුනද මකර කුම්භ ලග්න හිමියන්ට රවි හතුරුය. තුලා ලග්නයට නීචය. මේ අයුරින් ගෝචරය වෙනස්‌ව පවතී.

වැඩි විස්‌තර සඳහා 072-2174553 අංකය අමතන්න.

ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රඥ, ගුප්ත විද්‍යාධර
මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල