දෙවියන්ට නිවැරදිව
පූජාවක්‌ තබන්නේ මෙහෙමයි

views 2017-08-17 09:39:00 IRANAMA_New

තම තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීම පිණිස ඕනෑම ආගමිකයකුට දේවාලයට පැමිණිය හැකියි. ශිව ආගම ක්‍රමයට පුද පූජාවන් පැවැත්වීම සහ එමගින් ප්‍රතිලාභ ලබාගැනීමට ආගමික බේදයක්‌ බල නොපාන නිසයි. කණගාටුවට කාරණය නම් මෙසේ පැමිණෙන බොහෝදෙනෙක්‌ තම අවශ්‍යතාවයන්ට යහපත් ප්‍රතිඵල උදාකරගත හැකි අයුරින් කටයුතු නොකිරීමයි. දෙවියන් පිළිබඳ සහ දෙවියන්ගෙන් ඵල ප්‍රයෝජන ලබාගත හැකි අයුරින් වත් පිළිවෙත් පුද පූජා පැවැත්වීමට නොදන්නා බව ඊට ප්‍රධාන හේතුවයි.

හලාවත මුන්නේශ්වරම් මහා දේවාලයේ ප්‍රධාන පූජක සහ භාරකරු යාපනය විශ්වවිද්‍යාලයේ සංස්‌කෘතික අංශාධිපති බ්‍රහ්මසාරී එස්‌. පද්මනාභ කුරුක්‌කල් මහතා එසේ ප්‍රකාශ කළේ 'දිවයින' සමඟ සුහද ආගමික පිළිසඳරකට එක්‌වෙමිනි

ඉතා සරළ උදාහරණයක්‌ දිය හැකියි. අතේ ඇති මුදලට සරිලන පරිදි රු.200/}, 500/}, 1000/} යනාදී වශයෙන්වූ පූජා වට්‌ටි කඩෙන් ගන්න තියෙනවා. මුදල් පඬුරක්‌ තබා ඒවා පූජා කිරීමට බැතිමතුන් පුරුදුවී තිබෙනවා. මේක නිවැරදි ක්‍රමය නොවෙයි.

පූජාවට්‌ටිය සැකසීම පමණක්‌ නොව පූජා කිරීම සහ පූජාව පවා සිදුකළ යුත්තේ වේදයේ දක්‌වා ඇති ලෙස බැතිමතාගේ අවශ්‍යතාවය පරිදියි. වෙළෙන්දාගේ කැමැත්තට නොවෙයි. දේවාශිර්වාදය හිමිවන්නේ එවිටයි.

ඒ ගැන කළ විමසීමකදී පූජකතුමා ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - තම අවශ්‍යතාවය හරි ආකාරව ඉටුකර ගැනීමට බැතිමතා කළ යුත්තේ කුමක්‌ද?

පිළිතුර - පළමුව තම අරමුණ සම්බන්ධව දෙවියන් පිළිබඳව නිවැරදි අවබෝධයක්‌ තිබිය යුතුයි. බොහෝ දෙනෙකුට ඇත්තේ විකෘති දැනුමකුයි. උදාහරණයක්‌ ලෙස විෂ්ණු දේව වන්දනාව දැක්‌විය හැකියි. විෂ්ණු තවත් එක දේවතාවෙක්‌ නොවේ. බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර ලෙස ත්‍රිත්වාකාරයෙන් දක්‌වන සනාථන ධර්මතාවයේ ප්‍රේම පාරමිතාවයි. විශ්ව පැවැත්ම සඳහා පවතින මෛත්‍රියේ ප්‍රතිමූර්තියයි.

මනුෂ්‍යයා ප්‍රමුඛ ලෝකය දුකෙන් මුදවාගැනීමට මිනිස්‌ ස්‌වරූපයෙන් ලොව පහළ වන බුද්ධත්වයට පවා මූලික වන්නා වූ විශ්ව කරුණාවේ සිද්ධාන්තයයි. බුදුවරු විශ්ව අවතාර් ලෙස වේදයේ දැක්‌වෙන්නේ ඒ අනුවයි.

ප්‍රශ්නය - ලංකාවේ ඇති අනෙකුත් දේවාල අතුරින් මුන්නේෂ්වරම දේවාලයෙහි පවතින විශේෂත්වය කුමක්‌ද?

පිළිතුර - ඊශ්වර දෙවියන් වෙනුවෙන් පවතින වන්දනා ස්‌ථානයක්‌ වීම ඊට ප්‍රධාන හේතුවයි.

මිනිස්‌ ජීවිතයේ පවතින ගැටලුකාරී ස්‌වභාවය සමනය කර ගැනීම පිණිස විශ්වයේ වෙනසට නොහොත් විනාශයට ශිව ලෙසින් හැඳින්වෙන පදාර්ථයෙහි සහාය නොහොත් අනුහස ලබාගැනීමට හෝ උදහසින් මිදීම සඳහා මනුෂ්‍යයන් යොමුව ඇත්තේ ඊශ්වර දේව වන්දනාව වෙතයි.

ගින්න, ජලය, වාතය, විශ්ව පැවැත්මට වගේම විනාශයට හේතුවන්නාක්‌ මෙන් ශිව ලෙසින් දැක්‌වෙන විශ්ව ගුණාංගයද හොඳ මෙන්ම නරක දෙකටම එක සේම බලපාන ද්විත්ව ක්‍රියාකාරිත්වයකි.

මෙම ගුණාංගය ශිව, පාර්වතී ලෙසින් ස්‌ත්‍රී පුරුෂ ස්‌වරූපයෙන් හඳුන්වන අතර, ගුණාංග දෙකම නැවතත් යහපත - නපුර ලෙසද දෙපාර්ශ්වයකට වෙන්කර ඇත. පාර්වතීගේ යහපත් ස්‌වරූපය අම්මා - පත්තිනි ලෙස හැඳින්වෙන නමුත් නපුරු ගුණාංග දැක්‌වෙන්නේ කාලි - දුර්ගා ලෙසිනි. රුද්‍ර ලෙස දැක්‌වෙන්නේ ශිවගේ නපුරු ස්‌වරූපයයි.

ප්‍රශ්න - දේව පිහිට ලබාගැනීම පිණිස බැතිමතුන්ට සරළව දිය හැකි උපදේශය කුමක්‌ද?

පිළිතුර - ආත්ම සහ පරාර්ථ වශයෙන් පූජාවන් දෙවර්ගයක්‌ තිබෙනවා. තම තමන්ගේ පුද්ගලික පූජා ආත්ම වන අතර පොදු පූජා පරාර්ථ වේ.

පුද්ගලික බලාපොරොත්තු ඉටුකර ගැනීම පිණිස කාමීය පූජාවන්ට යොමුවිය යුතුයි. කුමන ආකාර පූජාවක්‌ වුවත් ශාස්‌ත්‍රාකූල නොවේනම් ප්‍රතිඵල ශූන්‍ය වීම (වැරදී යාම) නොවැළක්‌විය හැකිය.

දෙවියන්ට මුදල් අවශ්‍ය නැත. මුදලට බලයට දෙවියන් රවටා ගත නොහැක්‌කේ ඒ නිසයි. බැතිමතාගේ හදවත දෙස මිස පූජා වට්‌ටිය දෙස දෙවියන් නොබලන්නේ ඒ අනුවයි. දෙවියන් දැන හඳුනාගත් තරමට සහ දෙවියන්ට ලං වූ තරමට දේවානුභාවය අත්දැකිය හැකි බව අවධාරණය කළ යුතුය. යහපත් ප්‍රතිඵල සඳහා දේව වන්දනාව නිවැරදිව සිදුකළ යුතු ආකාරය ඉදිරි දිනකදී බලාපොරොත්තු වන්න.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල